ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා ඒකකය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාර රජගලතැන්න ආරණ්‍ය සේනාසනයේ කරන ලද කැණිම් වලදී පුරා අවුරුදු 2000 ක් ඉපැරුණි ශිලා ලිපියක් සොයා ගත් බව ශී‍්‍ර ජයයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකය දැනට වසර එක හමාරකට පෙර රජගලතැන්න පුදබිමේ කැණීම් ආරම්භ කළේය.
එම කැණීම් වලදි හමුවු මෙම ශීලා ලිපිය ඉතා වැදගත් එකක් බව ද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.
දැනට රජගලතැන්න පුදබිමෙන් ශීලා ලිපි 80 ක් පමණ සොයා ගෙන ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ එම ශීලා ලිපි අනුරාධපුර යුගයට අයත් බවයි. ඒ ශීලා ලේඛන අතර ලෙන් ලිපි, පුවරු ලිපි ,ගිරි ලිපි,ටැමි ලිපි,ද තිබිණි.
ශී‍්‍ර ජයවර්ධනපුර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ වලදී සොයාගත් මෙම ලෙන් ලිපිය එක අකුරක් අඩියක් පමණ වීශාල අතර මෙම ශීලා ලිපිය අඩි 15 ක් පමණ දිගට ඇත.මෙම ශිලා ලිපිය කිස්තු වර්ෂ පළමුවැනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බවද මහාචාර්යවරයා පැවසීය.
එම ශිලා ලිපිය
‛ගමික යසොපල පුත ගමික මල් බරිය
ගමික වස ක්‍ෂිත උපාසික අනුරධිය සගස’
එම ශිලා ලිපියේ තේරුම
‘ගමික යසෝපාලගේ පුත‍්‍ර ගමික මලිගේ බිරිද වුද ගමික වසගේ දියණිය වු උපාසිකා අනුරාධාගේ ( ලෙන) මෙම ශිලා ලේඛනය පොළව මටිටමේ සිට අඩි 20 ක් උඩින් ගල් කටාරමට පහලින් සටහන් කර තිබේ.’
මෙම ගවේෂණ වලදී ගලක් උඩ ගල් පතුරු වලින් බිත්ති සකස් කර එහි උඩට ගල් ලෑලී තබා සකස් කරන ලද සුවිශේෂ ගෙයක්ද හමුව ඇත. මෙම කුටිය භාවනා සදහා යොදා ගන්නට ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.
මෙවැනි කුටි කීපයක් මෙම ස්ථානයේ තිබි ඇති අතර ඉන් කීපයක් කැඩී ගොස් එවායේ නටබුන් ඒ අවට තිබෙන බවද මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් මෙම ගවේෂණ ආරම්භ කිරීමෙන් පසුව අලූත් පුරාවිද්‍යා ස්ථාන 138 ක් සොයා ගෙන ඇත එම සොයා ගැනීමත් සමගම රජගලතැන්න පුදබිමේ පුරාවිද්‍යා ස්ථාන 700 සොයාගෙන ඇත.2019 වර්ෂය දක්වා මෙහි කැනීම් කටයුතු සිදුකරන බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හමුදාවෙන් දාල හරි රැක ගන්න ඕනේ. නැතිනම් අයිති වාසිකම් කියන්න එනවනේ. ඊට එරෙහි උනහම මානව හිමිකමුත් යනවා . අපේ හිමිකම් අහිමි කරලා එයාලගේ සොරකම් රැකගන්න.(නදී)
මේවා නිදන් හොරුන්ගෙන් බේරිලා තිබුන එකත් වාසනාවක්.(නදී)
අපේ උරුමය.(නදී)
අපේ ඉතිහාසය දකින කොට කියාන බැරි තරම් සන්තෝසයක් හිතට දැනනවා.(දිල්)
වැඩේ හොදයි ඔය පලංචි වලට ගස් කපන්නේ නැතිව යකඩ බට පාවිචි කරන්න (දිල්)
ඉතාමත් වටිනා ක්‍රියාවක් මම තුන් වරක් ගිහින් තියනවා රජ ගල ට (දිල්)
කිරි ඉබ්බෝ කබර හුනෝ මකුළුවෝ විකුනන යක්කුන්ගෙන් ඕව බේරගන්න එක අපේ හමුදාවේ කොල්ලන්ට එල්.ටී.ටී.ඊ එකෙන් රට බෙරගන්නවට වැඩිය අමාරු වෙයි.(නදී)
දන්නා කෙනෙක් මට කියන්න 'අම්පාර' ඉංග්‍රීසියෙන් ලියනකොට 'අම්පාරෙයි' වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම කල්මුනෙයි, අක්කරෙයිපත්තු එහෙම ලියන්නේ ඇයි කියලා. මට මගේ දෙමල යාලුවෙක් කිව්වා සීගිරිය හැදුවේ 'කාසියප්පා' රජ්ජුරුවෝ කියලා. එයාගේ මල්ලි 'මුගලන්' ඉන්දියාවට පැනල ගියේ නෑදෑයෝ හොයාගෙන කියලා. ධාතුසේනා,පියසේනා ආදිය දෙමල නම්ලු. (නදී)
ඇත්ත කවදාක්වත් බොරුවක් කරන්න බැ. අපේ උරුමය අපි රැකගමු.(නදී)
ආණ්ඩුවට සම්බන්ද එක පු.වි පණ්ඩිතයෙක් වරක් කියල තිබුනා ශ්‍රී ලංකාවේ ඇති නිධන් හොරු හාරන්න කලින් ආණ්ඩුවෙන් හාරලා ගොඩ දාන්න ඕනේ කියලා. ආණ්ඩුව විසින් රැක්ක කෞතුකාගාරයේ තිබු මිළ කළ නොහැකි කෞතුක භාණ්ඩ වලට සිදුවුණ දෙය මතකයිනේ.(නදී)
පුරාවිද්‍යා කැනීම් වලින් සොයාගන්න දේ ආරක්ෂා කරගන්න තමා ප්‍රහලිකාව.(නදී)
හරිම සුන්දරයි අපේ ඉතිහාසය රැකගන්න සැමදෙනාට ශක්තිය ලැබේවා (දිල්)
ඇත්තටම ගොඩක් ආඩම්බරයි.මාත් රජගල නිසා.අපේ උරැමයන් රකින්න දායක වෙමු අපිත්. (ම)
රජගල යනු මානව ශිෂ්ඨාචාරයේම වැදගත් සළකුණු සොයා ගත හැකි තැනක්(දිල්)