මිහිඳු මහරහතන්වහන්සේගේ කාලය දක්වා ඉතිහාසයක් ඇති අම්පාර, උහන, රජගලතැන්න පුදබිමේ කැණීම්වලින් සොයාගත් පැරණි ගල් පඩිපෙළද ආසන ඝරයද සංරක්ෂණය කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ඉතිහාස හා පුරා විද්‍යා අංශය වසරක් තිස්සේ මෙම කැණීම් කරගෙන යයි. ආසන ඝරයේ කොටස්ද දැන් එකලස් කර ඇත. ඊට ඇතුළුවීම සඳහා දොරටු තුනක් තිබූ බවත් ගල් කණු මත ඉදිකළ ආසන ඝරයේ වහලක්ද තිබූ බවත් පෙනේයැයි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පුරා විද්‍යා මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මහතා කියයි. පැරණි දාන ශාලාවක් බවට විශ්වාස කළ හැකි ස්ථානයක්ද සොයා ගෙන ඇත. ගිරිකුම්බිල තිස්ස පබ්බත විහාරය නමින් අතීතයේ හැඳින්වුණු මෙම විහාරය දීඝවාපිය පාලනය කල ලජ්ජිතිස්ස කුමරුන් විසින් ඉදිකරන ලදැයි මහාවංශය කියයි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ රජගල හෙවත් රාස්ස හෙළ විහාරාරාම සංකීර්ණය ඉදිකරන්නට ඇතැයි එහි ශිලා ලේඛන වල මහින්ද හා ඉත්ථිය හිමිවරුන්ගේ නම් සඳහන් වෙතියිද වේ.

ජයවර්ධනපුර සරසවියේ උපකුලපති මහාචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න, මහාචාර්ය පී.බී.මණ්ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි හා ආචාර්ය කේ.එම්.ඇලෙක්සැන්ඩර් මහත්වරු එහි කැණීම් පිරික්සීමට ගියහ.

1(52) 2(45) 3(49) 4(29) 5(30) 8(11) 9(14) 10(20) 11(11) 12(4) 13(8) 14(3)