වේ ප්‍රෝටීන් හා ඩී සී ඩී කෘෂි රසායනය අඩංගු කිරි පිටි හා ශක්තිජනක ආහාර තොගයක් රාජගිරියේ වෙළෙද සල්වලින් වලින් ඉවත් කළ බව ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.
‘වේ ප්‍රෝටීන් යනු කිරි මෝරුවලට තවත් නමකි. ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලියේදි වැරැදි ලෙස කිරි නිස්සාරණය කිරීමේදී හටගන්නා බැක්ටීරියා වලින් ආහාර විස විම සිදු වේ.ඩී සී ඩී ඩයිසයන්ඩයමයිඩ් යනු විෂ සහිත කෘෂි රසායනයකි‘
මෙම කිරිපිරි හා ආහාර වර්ග විකිණිම අත්හිටුවන බව රජය සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් උපදෙස් දුන්නේය.නගරාධිපති ජනක රණවක මහතා ද මේ සෝදිසියට එක්විය.
ඔහු කඩ හිමියනට පැවසුයේ තහනම් කළ ආහාර විකුණන වෙළෙදසල් සීල් තැබීමට හැකි වුවත් පළමුවරට එසේ නොකරන බවයි
කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව් එල් සී ජේ වන්නිනියක,මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් කුමාර සහ නාගරික මන්ත්‍රී ඩබ්ලිව් සෝමදාස මහත්වරු මෙම සෝදිසියට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තහනම් කලාම මොනවද වැඩට යන අම්මලා ළමයින්ට දෙන්නේ. මම කියන්නේ දින 84 න් පස්සේ වැඩට යන අම්මලා. ඒ ගොල්ල මාර අසරණ වෙලා ඉන්නේ. නිවාඩු දෙන්නෙත් නැහැ. (ස)
කරුණාකර රජය මීට වඩා විද්‍යුත් මාද්‍ය පුවත්පත්,හරහා ජනතාව දැනුවත් කළ යුතුයි!උපාලිගේ අදහස් අගය කරනවා. (නි)
ඔය මොනවා කිව්වත් රුපියල් විස්සක් තිහක් අඩුකරලා දෙනවා කියල කිව්වොත් මිනිස්සු පටස් ගාලා ගන්නවා. ආර්ථික දුෂ්කරතාවන් නිසා හුගක් මිනිසුන් බාල බඩු ලාබ දේවල් පෝලිම් ගැහිලා ගන්න පෙලඹිලා ඉන්නේ.රජය දැනුවත් කිරීම් කරනවා මදි.ජනතාව කබලෙන් ලිපට වැටීම එදා සිදුවුනත් අද ලිපෙන් කොහාටද වැටී සිටින්නේ!? (නි)
කඩ වල මෙම වස කිරි දැක්කොත් දන්වන්න දුරකතන අංකයක් ඇතිකරන්න (නි)
ආණ්ඩුව මේවා අඩංගු කිරිපිටි වර්ගවල නම් ප්‍රසිද්ධ කල විට අපිට ඒවා නොගෙන ඉන්න පුළුවන්.එහෙම නැතිව අපිට ඔය “වේ ප්‍රෝටීන්“ බලන්න තේරෙන්නේ නැහැ.(ස)
කඩකාරයෝ තවම උසාවි නියෝගයට අවනත නැහැ. (ස)
අපේ රජරටම ලෙඩ කරන කෘමි නාශකත් මේ විදිහට තහනම් කරන්න බැරි ඇයි? වටලන්න මේ තරම් අමාරු වෙන්නෙත් නැහැ.අපේ පුංචි දරු පැටවුනුත් ලෙඩ වෙලා.වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.කරුණාකර මෙය පළ කරන්න.(නදී)
අපේ සෞක්‍ය වෛද්‍ය නිලධාරින් බොහොම හොද සේවයක් මුළු රටේම කරනවා (දී)
සීල් තියලනම් මදි නගරාදී පති තුමෝ , මෙයාලට අමතක නොවන පාඩමක් කියල දෙන්නත් එක්කම වැලිවේරියට යවපු කට්ටිය රජගිරියටත් ගෙන්වන්න තියෙන්නේ (දී)
මන් හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මහජනතාව දැනුවත් කලොත් මීට වඩා ප්‍රතිපල ලැබෙයි කියලා. පාරිභෝගිකයා මිලදී ගන්නේ නැත්නම් කඩකාරයෝ ඕවා තියාගෙන මක් කරන්නද? එය දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහල දැමීමටද උපකාරී වෙයි. (දී)
හොඳම දේ ජනතාව දැනුවත්වීම තමයි. සෞඛ්‍ය බලධාරීන් දාන්න පත්තර පිටු පුරා දැන්වීම්. ටෙලි නාට්‍ය අතරේ දැනුම් දෙන්න මේවා ගැන. සමාගම්කරයින්ගේ බොරු ගැන දැනුම් දෙන්න. මිනිස්සුන්ට හිතට කා වැදෙන තුරු දැනුවත් වැඩ සටහන් ගෙනියන්න. ඉන් පස්සේ, මෙවැනි දේ මිල දී ගන්න යනකොට ඕනෑම පාරිභෝගිකයෙකුට රජයෙන් කියපු දැනුම්දීම මතක්වෙනවා. සාර්ථකම ක්‍රමය ඒකයි. (නදී)
ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ජනතාව දැනගන්න ඕනෑ තමන්ව හොදින් දැනුවත් කරගෙන කන්න බොන්න. හොද දේවල් විතරක් අරගන්න. සමහරවිට හෙට දාලා තිබෙන වාරණය ඉවත් කරයි. එහෙම වුණත් අපි දැනුවත් වෙලා ඉන්නවා නම් අපි මුදල් ගෙවලා ගන්න දේ, හරි දේ ගුණ දේ, වස විස නැති දේ කරගන්න පුළුවන්. ජනතාවගන් ඉල්ලන්න තියන්නේ දැනුවත් වෙන්න. තමන් කරන කියන දේවල් කන බොන දේවල් ගැන දැනුවත් වෙන්න. බුද්ධිමත් වෙන්න. (නි)
මේ වසරේදී මුලදී පාසල් ක්‍රීඩකයින් 2ක් සහ එක වැඩිහිටි( 66) ක්‍රීඩකයෙක් ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රීඩා කරද්දී මැරී වැටුනා. මොවුන් මේ කියන ශක්තිජනක පානය කරලා ද ක්‍රීඩා කළේ? (නි)
තහනම් කරන ලද කිරිපිටි ද්‍රව්‍ය වල විෂ රසායන අඩංගු බවට මීට කලින් ජනතාව දැනුවත් නොකළේ ඇයි? දේශීය කිරිපිටි කර්මාන්තය නගාසිටුවීමට මෙවැනි තීන්දු තීරණ ගන්නේ නම් දේශීය කිරි ගොවියාට මීට අදාල සියලු වරප්‍රසාද සහ රජයේ අනුග්‍රහය දීම රජයේ වගකීමකි (නි)
කැලණියේ කඩවල් වල ෆොන්ටෙරා ආයතනයෙන් ප්‍රසිද්ධ දැන්වීම් අලවා ඇත. තම කිරිපිටි නිෂ්පාදන වල කිසිදු අහිතකර දෙයක් නොමැති බව එහි සඳහන් වේ. මම ඉන්නේ කැලණියේ. බොරුනම් ඇවිල්ලා බලන්න. ඔය හැමදේම මෙහෙ විකුණනවා. (නි)