කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේද බත්තරමුල්ල, කඩුවෙල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන් රාජගිරිය පොල්දූවේ සිට හිඹුටාන අංගොඩ පාරේ උඩුමුල්ල අසලින් කැලණි පාලම දක්වා නව අතුරු පාරක් ඉදිකිරීමට යයි.
රුපියල් කෝටි 32ක් පමණ වැයවන මෙම අතුරු පාර මන්තීරු 4කින් ඉදිකරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.
නව අතුරු මාර්ගයට මෛත්‍රිපාල සිරිසේන ජනපති සෙනසුරාදා මුල්ගල තැබීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔයේ පොල්දූව පාලම අසලින් ඇරඹෙන මෙම අතුරු මාර්ගය බත්තරමුල්ල නගරය මගහැර මාළඹේ හා කඩුවෙලටත්, කැලණිය දක්වාත් වැටෙනු ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්. මේවගේ තිබෙන පාරවල් පිළිසකර කරලා මාර්ග නීති කඩන අයට දැඩි දඩුවම් පමුණුවන්න. (ර)
හොද වැඩක්. (ර)
ඉස්සෙල්ලම ලේසියෙන්ම කරන්න පුළුවන් කැළණි මුල්ලෙන් අංගොඩට තියෙන පාරයි පටු පාලමයි ලොකුකරලා දුන්නොත් හොද නැද්ද? (බ)
දැන් නම් ඔය පාරවල් අළුතෙන් හැදුවා ඇති. තියෙන පාරවල් ටික විධිමත් කරලා කොළඹට එන්න උමං මාර්ගයක් හැදුවා නම් හොඳ නැද්ද අර පිට රටවල වාගේ. ඇමති තුමා පොඩ්ඩක් හිතලා බලන්නකෝ ...(හේ)
හොද ව්‍යාපෘතියක්.(හේ)
ඉතාම ප්‍රායෝගික වැඩක්. මෙ වගේම කොළඹ තැන් තැන් වල භාගෙට හදලා ඉතුරු වෙලා තියන පාරවල් ටිකත් ඉක්මනින් හැදුවොත් හොඳයි. (හේ)
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරයේ ඉඳලා 'අංගොඩට' පාරක් ???? බොහොම ප්‍රයෝජනවත් වේවි. හදිසි ප්‍රතිකාර වලටත් ඉක්මනින්ම යන්න පුළුවන්නේ (හේ)
ගමනාගමන සේවය ක්‍රමවත් කළානම් {සිංගප්පුරුව මැලේසියාව වාගේ} ඔය කියන පාරේ විතරක් නෙමේ අනිත් සියලු පාරවල් වලත් ප්‍රශ්න විසඳෙනවා එතකොට දුප්පත් මිනිසාත් එහි සේවය ලබාගන්නවා (බ)