
(නිමන්ති රණසිංහ)
ආගමික සහජීවනයට සහ ජාතික සහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරත්න හිමිට තරයේ අවවාද කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද (12) නියෝග කළේය.
ජනතාව කුපිත කරනවන ආකාරයෙන් ප්‍රකාශ අන්තර්ජාලයට එක් කරමින් නැවත කටයුතු කළ හොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට සැකකාර හිමිනමට තරයේ අවවාද කළ අධිකරණය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීන්දුව දීලා තියෙන්නේ අර අලි පැටියෙක් හොරාට තියා ගත්ත එක්කෙනා වෙන්න බෑ නේද?