රාජාංගන ජලාශය ඉස්මත්තේ අනවසර වගාකරුවනට එරෙහිව රජාංගන වම් ඉවුර හා දකුණු ඉවුර ගොවියෝ දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹිය.
වල් නාශක යොදා තණකොල මරා ට්‍රැක්ටර් වලින් සෑම නිසා වැව ගොඩවන බවත් හතලිස්දහසක් ගොවීන් අසරණ වී ඇති බත් එහි ගොවි සංවිධාන කියයි.
රාජාංගන ජලාශය ඉස්මත්තේ අනවසර වගාකරුවනට එරෙහිව රජාංගන වම් ඉවුර හා දකුණු ඉවුර ගොවියෝ දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹිය.
වල් නාශක යොදා තණකොල මරා ට්‍රැක්ටර් වලින් සෑම නිසා වැව ගොඩවන බවත් හතලිස්දහසක් ගොවීන් අසරණ වී ඇති බත් එහි ගොවි සංවිධාන කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැමදෙනාටම ,මම කියනවා,සාමකාමී උද්ගෝෂණයක් කරන්න. පාර සම්පුර්ණයෙන් වහගෙන ඉන්න එපා. මොකද තවත් මිනිසුන්ට ඔය පාර ප්‍රයෝජනයට ගන්න අයිතිය තියෙනවා ..!!! (නි)
හමුදාව නොඒවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
පරිස්සමින්. ඔතනට තුන්වන පාර්ශවයක් එන්න පුළුවන් තව විනාඩියකින් (නි)
ඉන්දික මනෝජ්,ලංකාවේ ජීවත් වෙන මගේ තාත්තා නම් කියන්නේ හම්බන්තොට වරායට නැව් විශාල ප්‍රමාණයක් ප්‍රති අපනයන සදහා ඇවිත්ලු. නැව් වල කාර් ගේනවා එහෙමත් පෙන්නුවලු.දැන් රට දියුණුවේ මුදුනටම නැගලලු. (නි)
බලාගෙන වෙඩි තියයි ... දැන් ජනතාවට හැමදේකටම උද්ගෝෂණය කරන්න වෙලා .. ඒ කරලත් වෙඩි කන්න වෙලා
සුසන්ත,මෙතන තියෙන්නේ හමුදාවේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.ඔවුන් මෙවැනි දෙයක් සදහා යෙදවිය යුතුද?එසේ යොදා ගන්නේ නම් ඔවුන් ක්‍රියා කළ යුතු අයුරු පිළිබඳ ප්‍රශ්නයක්.මක්නිසාද යත් මෙවැනි ප්‍රශ්න ග්‍රාම සේවක,නගර සභා,ප්‍රාදේශීය සභා, දිසාපති,පොලීසිය ,ප්‍රදේශයේ මන්ත්‍රීතුමා හරහා විසදිය හැකි වුවත් නිශ්ශබ්දව සිටීමය. (නි)
කරන උද්ගෝෂණයක් පරිස්සමින්.. තුන්වන පාර්ශවයක් අත පොවන්න පුළුවන්. (නි)
මේ ඔක්කොම අවසර ලත් ගොවියෝද? (ස)
උද්ඝෝෂණ කළාට කමක් නැහැ. පාරට බහින්න එපා. (නි)
වතුරත් එක්ක සෙල්ලම් බලාගෙන. (නි)
රතුපස්වල වගේ වෙඩි තියවන්ද. (අ)
බලාගෙන හොදේ. දැක්කනේ වැලිවේරිය. සුසන්ත, යුද්ධයක් ආවොත් බලන්න පුළුවන් (නි)
කරදරේ නොවැටී යන්න ගොවි මහතුනි (නි)
අනවසර වගාකරුවෝ වෙන්නේ කොහොමද ? (නි)
හමුදාව ඔය පැත්තට යැව්වා නම් නියමයි. (නි)
කන්න නැතිනම් ඔය හදන අදිවීගී මාර්ග වල තියෙන තාර කාල හරි දරුවන් ජීවත් කරන්න බලන්න. දැක්කනේ බොන්න පිරිසිදු වතුර ටිකක් එල්ලපු අසරණ ජනතාවට සලකපු විදිහ. ඉස්සරහට ලංකාවේ කට්ටියට පස් කන්න තමයි වෙන්නේ මේ යන විදිහට
ඔබලාට ගොවි සංවිධාන තිබෙනවා නේද? ඒ මගින් ඇමති තුමාට ලියන්න. එක එක්කෙනාගේ ලණූ කාල පාරවල් වලට එන්න කලින්.
මට පුදුම ආශාවක් තියෙන්නේ ඔය මත්තල ගුවන් තොටුපොළට ඩුබායි සිට එන්න.කෝ ඒත් එකම ගුවන් යානාවක්වත් නැහැනේ මත්තලට අන්න. (නි)
ප්‍රවේශමෙන් !මොකද වැලිවේරියේ වගේ බටහිර අධිරාජ්ජයවාදී බලවේග වල මෙහෙය වීමෙන් පිට සක්වලින් සිත් පිත් නැති තෙවන පාර්ශවයක් එන්න පුළුවනි.(නදී)
අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැහැ. (නි)
ඇමති තුමාට ලිව්වම කෙරෙනවානම් බැරියැ.(දී)
රජයේ සංවර්දන වැඩ පිළිවෙලට විරුද්ධව කරන කුමන්ත්‍රණ මේවා.රට වට කරලා වරායවල් හැදුවත් කට වට කර වැට බදින්න බැහැනේ. බලන්න රට කොච්චර ලස්සනද කියලා. මේවා මේ කුමන්ත්‍රණ. බලන්න දැන් රට කොච්චර දියුණුද ?ලෝකේ තියෙන ලොකුම නැව් එන්න පුළුවන් ලොකුම ප්ලේන් එන්න පුළුවන්. දැන් ඒවා එන්නේ නැති වුණත් කවදම හරි දවසක එයි. (නි)
අයි මෙහෙම හැමතැනම ප්‍රශ්න? (දී)
ප්‍රවේශමෙන් ගොවි මහත්වරුනි (නි)
පාරේ උද්ඝෝෂණයක් ඕනෑමනම්,පාර හරස්නොකර පාර දිගටම පාරදෙපත්තෙන්ම පුවරු අල්ලාගෙන හිටගන්න.(දී)
අනේ තව මිනි කියකින් ඉවර වේවිද මන්ද (අ)
අසාධාරනේට විරුද්ධ නොවී 'හොරු සමග හෙළුවෙන්' තමයි ඉන්න වෙන්නේ ! (දී)
අරින්න එපා ... ගහල දාමු .... අපි ඔබ සමගි! (අ)
මහත්තයෝ අන්න හමුදාවට එන්න කියන්න. මිනිස්සු විප්ලව කරනවා,විරුද්දව පෙලපාලි යනවා ,කොච්චර වැරදිද.(දී)
වතුර ගැනනම් කතා කරන්න එපා හරිද...! (නි)
මේ ප්‍රතිචාර දක්වන සමහර සුපිරි වීරයෝ ප්‍රබාකරන් උත්තමය ඉන්න කලේ ඔහේද උන්නේ? උන්දැ උන්න කලේ නම් ආමි වහනයක් දැක්කම මුන්ගේගෞරව කළා. ඒ උත්තමය මරපු පවට අද මේ හමුදාව එක්ක අපේ අය ඔරොප්පුවෙලා. අනේ ලංකාවේ යුද්දයක් එන්නම ඕන. මේ සත්තු ටික ගස් ගල් යට අලුවෙලා හමුදාවට එන්න කියල අදගහන්න. (දී)
අනවසර වගාකරුවන් ඉවත් කිරීමට වාරිමාර්ග කට්ටියටයි දිසාපතිවරයටයි පුළුවන්නේ. ඒ ගොල්ලෝ පියවරක් ගන්නේ නැහැ කියන්නේ දේශපාලුවෝ මේ පිටිපස්සේ ඉන්නවා කියන එකද? මේ ගොවීන් දේශපාලුවන්ට ගිහින් කියන්නේ නැත්තේ ඇයි? මොනවා වුණත් දෙවියන්ගේ නාමෙන් පාරවල් වහන්න නම් එපා. (නි)
ඔයාලා මොනවද කන්න ආස? (නි)
දැන් හමුදාවට ඉවසුම් නැතුව ඇති මෙතෙන්ට එන්න කියනකම්. මෙතන තවත් වැලිවේරියක් නම් කරන්න එපා. (නි)
උද්ඝෝෂණ කරාට කමක් නැහැ හමුදා වාහන එනවා දැක්කොත් පැනල දුවන්න දැක්කනේ වෙච්ච නස්පැත්තිය ඊයේ පෙරේද?
වීදි බැස්සට කමක් නැහැ,වෙනත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට. මහා පාරවල් අවහිර කරන්නේ නැතුව. අනික තුන්වෙනි පාර්ශවයක් ඉන්නවාද කියලා දැම්මම සොයා බලන්න. (නි)
කෝ මේ අපේ ආමි එක. (නි)
කන්න වෙන්නේ මොනවද කියලා දන්නවනේ. ඉක්මනට ගෙදර දුවපියව් ...ආසියාවේ ආශ්චර්යය! (නි)
ඔන්න රටකට ගිය කල