(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බීමත්ව වෑන් රථයක් පදවාගෙන යමින් සිටි බව කියන රියදුරකු එක පිට අත්අඩංගුවට ගෙන ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ එම වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු කලහකාරී ලෙස හැසිරී පොලිස් සැරයන්වරයෙකුගේ නිල ඇඳුමෙන් ඇද එම නිලධාරියාට පහර දී තුවාල සිදු කළේ යැයි කියමින්එම කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.
පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා රෝහල් ගත කර ඇත.
මෙම සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනාට අමතරව වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇහැලියගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා ඇහැලියගොඩ ප්‍රදේශයේ දී බීමතින් වෑන් රථයක් පදවාගෙන යමින් සිටි බව කියමින් එම රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
එම වෑන් රථයේ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකුද සිට ඇත.
බීමතින් වෑන් රථය පැදවූ බව කියන රියදුරා පොලිස් ස්ථානයට රැගෙන ආ අවස්ථාවේ වෑන් රථයේ සිටි කාන්තාවන් දෙදෙනා ඊට විරෝධය පළ කරමින් කලහකාරී ලෙස පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙසහැසිරී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
එය අවස්ථාවේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් වරයා වහාම ඔවුනට පොලිස් ස්ථානයෙන් පිටව යන ලෙස නියෝග කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අවස්ථාවේ මෙම කාන්තාවන් දෙදෙනාඑම නියෝගය කළ පොලිස් සැරයන්වරයාගේ නිල ඇඳුමෙන් ඇඳ ඔහුගේ කම්මුලට පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනා සහ පොලිස් සැරයන්වරයා බිම ඇද වැටී ඇතැයිද පොලිසිය කීය.
ඇහැලියගොඩපොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන කාන්තාවන් අතීත කාන්තාවන්ට වඩා බොහොම වෙනස්.
ගෑනු කියන්නේ ඒකනේ. උන්ට මොළේ කියලා දෙයක් ඇත්තෙම නැද්ද මන්දා. දැන් නඩු දෙකයි.