
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිලියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට අමානුෂික එලෙස පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
පිරිස වටකර පහර දෙද්දී ප්‍රධාන සැකකරු ගේ එක් පුතෙකු ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පහරදීම සම්බන්ධයෙන් සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පහරකෑමට ලක්වූයේ පිලියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
කොස්තාපල්වරුන් දෙදෙනා ඊයේ (25) රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට පැමිණි කුඩා ලොරි රථයක් ඔහුන් ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන දැක මොරටුව මාර්ගයට හැර වීමත් සමඟම නැවතීමට සංඥා කර ඇත .
එම අවස්ථාවේ ලොරි රියදුරු ලොරිය ඔවුන් දෙසට එකවරම හරවා යට කිරීමට උත්සාහ දරා පලා යාමේදී ඇති වූ සැකය මත කොස්තාපල්වරුන් දෙදෙනා ලොරිය පිටුපස හඹා ගොස් නවතන ලෙස කෑ ගසා ඇති අතර එහිදී අවස්ථා කීපයක දී කොස්තාපල්වරුන් දෙදෙනාට මාර්ගය හරස් කරමින් ලොරිය ධාවනය කර ඇත.
ලොරි රථය අනතුරුව බටුවන්දර මාර්ගය ඔස්සේ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයට ගොස් නිවසක් ඉදිරිපිට මාර්ගයේ නැවතීමත් සමඟ ම ලොරි රියදුරු සහ ඔහු සමග සිටි පුද්ගලයා සමග නිවස දෙසින් පොලු මුගුරු රැගෙන පැමිණි කාන්තාවක් ඇතුළු හත් දෙනකු පමණ පිරිසක් ඔවුන්ට වටකර පහර දී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එක් කොස්තාපල්වරයෙක් දැඩි ආයාසයක් දරා මේ බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකතනය ඔස්සේ පැවසීමත් සමඟ ම ස්ථානාධිපතිවරයා කැස්බෑව සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර පොලිස් කණ්ඩායම් කීපයක් හෙරලියාවල ට ගොස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදා ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
කොස්තාපල්වරුන් දෙදෙනාට දෙදෙනාට පහර දීමට සම්බන්ධ වූ ලොරි රියදුරු වෑතර රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට ගිය කොස්තාපල්වරුන්ට පහරදුන් යුවළක් අත්අඩංගුවට