කොළඹ රාජකීය විද්‍යාලයේ 2003 කණ්ඩායම, ඇනලිටිකල් ඉන්ට්‍රමන්ට්ස් පෞද්ගලික සමාගම සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කළ රසායන විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විදුහල්පති බී.ඒ.අබේරත්න, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අතුල මුණසිංහ, රාජකීය විද්‍යාලයීය 2003 කණ්ඩායමේ සභාපති කසුන් අන්ද්‍රාහෙන්රි ද ඊට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාන් මෝඩ කතා කියන්න එපා .රාජකීය විද්‍යාලයට අපි උදවු කරන්නේ අපි ඉගෙනගත්ත පාසල් නිසා මිසක ළමයින්ව දාගන්න නෙමෙයි. අපි දුප්පත් ඉස්කෝල වලටත් උදවු කරන ඊට කලින් මෙතන අපි ඉගෙන ගත්ත තැන. එතනට අපි උදවු කරන්න ඕනේ .අනිත් එක තමයි රාජකීය විදුහලෙන් ඉගෙනගත්ත අය ලෝකේ හැමතැනම විසිරිලා ඉන්නවා ඒ අයට ළමයි දාගන්න අවශ්‍යතාවයක නැහැ . අපේ ළමයි යන්නේ එංගලන්තේ ඉස්කෝලේ .නමුත් අපි අපේ රටට ඉගෙන ගත්ත ඉස්කෝලෙට ආදරෙයි (බ)
ගයන් පෙරේරා මහත්මයාණෙනි, මම කිව්වේ මෝඩ කතාවක්ද කියා ඔබේ හදවත දන්නවා. ඔබ වැනි අවන්කවම පාසලට ආදරේ කරන අය ඉන්නවා. එත් බහුතරයක් ඉන්නේ පුතාව ඉස්කෝලෙට ද ගන්නකම් මැරීගෙන වැඩ කරලා ඊට පස්සේ ඕ බ් යු එක පැත්තෙවත් නොඑන අවස්තාවදියෝ. රාජකීය විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ වාර්ෂික වියදම වගේ හතෙන් එකක් විතරක් ආණ්ඩුවෙන් දෙන්නේ. ඉතුරුව හොයල දෙන්නේ ආදී ශිෂ්‍යයෝ. විශේෂයෙන්ම සා ගා සංගීත ප්‍රසංගයෙන් ලොකු ගානක් හොයල දෙනවා. මං කිව්වේ ඔබ වැනි ආදී ශිෂ්‍යයෝ ගැන නෙමේ , මා ඇස් දෙකෙන් ඇත දැක ඇති අවස්තාවදියෝ ගැන. (ර)
අසාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ... මේවා අනෙක් පාසල් වලටත් ලබා දිය යුතුයි (ම)
මොන හේතුවක් නිසා හරි පාසලට උදව් කරන එක අගය කරන්න ඕනෑ. සමහරු පාසලේ නම යොදාගෙන කරන්නේ බාල්නටන එකයි, පැරේඩ් යන එකයි විතරයි (නි)
රාජකීයන්ට රාජකීය විද්‍යාගාරයක් ලෙස නම් කරන්න (ර)
අන්තර් ජාතික විද්‍යාගාර ප්‍රමිතීන්ට අදාලව ඉදිකර ඇති බව කිව හැකියි. (ර)
වැඩේ ඉතාමත් හොඳයි . නමුත් මෙම විද්‍යාගාරයේ තිබුන ඉතා වටිනා පෞරාණික මේස ටික පොලිෂ් කර මෙය පිළිසකර කලේනම් වඩාත් සුදුසුයි. එම මෙසවලටම තීන්ත අලෙපකර තිබෙනවා වගෙත් පෙනෙනවා. 2003 කණ්ඩායම තමුන්ගේ පාසැල වෙනුවෙන් 1994 කණ්ඩායමට වැඩියනම් වැඩක් කරන බව පෙනෙනවා. ඔබට පිං. (ර)
හොද වැඩක් . ඒත් ගමක දුප්පත් ඉස්කොලේකටත් ඔය වගේ වැඩක් ඔය මහත්තුරු කලොත් කොච්චර වටිනවද ? ඒත් ඉතින් මේ ඔක්කොම දේවල් ආදී ශිෂ්‍යයෝ කරන්නේ තමන්ගේ ලමයව දාගන්න ලකුණු එකතු කරගන්න මිසක් සද් භාවයෙන් නෙමේ. ළමයව දා ගන්නකම් ඉස්කෝලෙට වැඩ කරන ආදී ශිෂ්‍යයෝ ඊට පස්සේ දකින්නත් නැහැ. (ර)