IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජකීය සිසුවෙක් ජල රොකට් තරගයෙන් නම තියයි

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසඳය වාර්ෂිකව පවත්වනු ජල රොකට් තරගාවලියෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වැනි  ශ්‍රේණියේ යුනෙත් චන්දීර් විජේනායක සිසුවා සමත් විය. මුල්තැන ඉන්දුනීසියාවට හිමිවිය.

ඔහු මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ නේපාලය, පාකිස්තානය, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, චීනය, ජපානය ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල හැටක් පමණ  තරගකරුවන් පරාජයට පත්කරමිනි. මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්විණි.

“මුලින්ම මෙය අන්තර් පාසල් අතර තරගාවලියක් ලෙස ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කැරිණී. “ඒ වෙනුවෙන් මගේ පාසල නියෝජනය කිරීමට මට අවස්ථාව උදාවුණා. එහිදී මට ශ්‍රී ලංකාව නියෝජනය කරන 6 දෙනා අතරට පැමිණීමට හැකියාව ලැබුණා. “

“ජල රොකට්ටුවක් කියන්නේ නව නිර්මාණයක් නෙවෙයි. එය රටවල් ගණනාවක පවත්වනු ලබන තරගාවලියක්. මෙම තරගාවලිය තවමත් අපේ රටේ ප‍්‍රචලිත වෙලා නෑ. මෙය ඇත්ත රොකට්ටුවක අනුරුවක්. එය ක‍්‍රියා කරන්නේ ජලය සහ වායු පීඩනය භාවිතයෙන්. මේ තරගයේදී සිද්ධවෙන්නේ මීටර් 80 ක ඇති ඉල්ක්කයක් වෙත රොක්ට්ටුව යොමු කිරීමයි. එහිදී ජල පරිමාව, වායු පීඩනය හරියට මැනගෙන ඒවා වෙනස් කරමින් අදාල ඉල්ලකය වෙත යොමු කළ යුතුවෙනවා.”

“මෙවැනි තරගාවලියකින් රටටත් පාසලටත් කීර්තියක් ලබාදීමට හැකිවීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම ආතර් සී. ක්ලාක් ආයතනයටත්, ඉන්දික මැදගොඩ මහතාටත් මෙම තරගාවලියට මා පුහුණු කළ ජගත් සූරියආරච්චි මහතාටත් මා අවංක ස්තූතිය පුදකරනවා”

DSC_0118

(ජායාරූපය - ඉෂංක සුනිමල්)

APRSAF-22 APRSAF-22-Rocket awarding-ceremony-2 awarding-ceremony-4

water-rocket-event--winners



අදහස් (0)

රාජකීය සිසුවෙක් ජල රොකට් තරගයෙන් නම තියයි

සුමිත් Monday, 07 December 2015 08:56 AM

ඇස් දෙකට කදුළු ආව පුතේ, වාසනාවන්, ඔබට ජයෙන් ජය ලැබේවා මගේ රන් පුතේ.... (ර)

:       0       0

ඊබට් Tuesday, 08 December 2015 12:34 PM

නතර නොවී ඉදිරියටම යන්න. බොහෝ දුරක් යායුතුව ඇත. (බ)

:       0       0

හංසනී Monday, 07 December 2015 09:31 AM

දරුව ඔබට මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

ශානක Monday, 07 December 2015 10:08 AM

පුන්සඳේ රැස් දිනූ රන්පුතුන් බිහි කෙරු... (ර)

:       0       0

ඉනෝකා Monday, 07 December 2015 10:16 AM

ඔබේ අනාගතය දීප්තිමත් වේවා.....! (බ)

:       0       0

වාසනා Monday, 07 December 2015 10:18 AM

සුමිත්ගෙ ප්‍රතිචාරය කියෙව්වම මටත් කඳුළු ආවා අපේ රටේ දරුවෙක්ගෙ දස්කමක් ගැන මෙහෙම සතුටු වෙන අය දැකීමත් සතුටක් (බ)

:       0       0

ගමගේ Monday, 07 December 2015 11:22 AM

සුමිත් ඔබ අපිව ඇහැරෙව්වා, පුතුටත් ඔබටත් ජය. (ර)

:       0       0

මංජුල තුඩුවගේ Monday, 07 December 2015 11:59 AM

ඉහත පින්තුරයේ සිටින දියණියටත් අපේ සුබපැතුම්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site