2011 සැප්තැම්බර් 15 | ප.ව. 03:27
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් පුර්ව වටයට මහනුවර ධර්මපාල, කොළඹ රාජකීය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් යන විදුහල් සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. අර්ධ අවසන් පුර්ව වටයේ තරගවලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 27 කින් පරාජය කිරීමට ධර්මපාල විදුහල සමත්විය. කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර පැවැති තරගයෙන් රාජකීය විදුහල ඩක්වත් ලූයිස් න්‍යායට අනුව ලකුණු 2 ක ජයක් ලැබීය. ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 21 ක ජයක් ලැබීය.
අර්ධ අවසන් පුර්ව තරග ප‍්‍රතිඵල:
රාජකීය විදුහල සහ රිච්මන්ඞ් විදුහල අතර තරගය
රාජකීය විදුහල ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 141 (තිරාන් ධනපාල 56, චාමික කරුණාරත්න 17, චමත් සලංක 27/4, තිලංක විජේරත්න 7/2)රිච්මන්ඞ් විදුහල ඕවර 36 කදී කඩුලූ 7 ක් දැවී 126 (පසිඳු ගුණසේකර 46, තිලංක විජේරත්න 21, චාමික කරුණාරත්න 26/2, බුද්ධික අර්සකුලරත්න 18/2)
ශාන්ත තෝමස් විදුහල සහ මහනුවර ධර්මපාල විදුහල අතර තරගය
ධර්මපාල විද්‍යාලය ඕවර 48.3 කදී 157 (බිමන්ත ලක්ප‍්‍රිය 65, කෝසල ධනංජය 37, හේෂාන් හසංක 24/4, චතුර්ත රණවීර 29/2, කසුන් රංගන 36/2)ශාන්ත තෝමස් විද්‍යාලය ඕවර 47.1 කදී 130 (ලසිත් ලක්‍ෂාන් 26, රසිඳු දිලූෂ 23, චතුර්ත රණවීර 17, හිමාෂ ලියනගේ 18/5)
ශාන්ත සෙබස්තයන් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගය
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 50 කදී කඩුලූ 7 ට 158 (ඩිල්ෂාන් සේනානායක 40, මාලන් ප‍්‍රනාන්දු 15, සචින්ත සිල්වා නොදැවී 24, ශෂික ප‍්‍රනාන්දු නොදැවී 21, හෂාන් වීරතුංග 14/2, සවීන් ගුණසේකර 23/2)ශාන්ත පීතර විදුහල ඕවර 45.3 කදී 137 (අකලංක පලිහේන 35, රන්ජුල මධුෂාන් 33, පන්ඩුල ජයමාන්න 23, රොමේෂ් ප‍්‍රනාන්දු 29/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd