කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය මත නැග විරෝධතාවයක නිරත වූ ගුරුවරිය පොලිසිය සමග සාකච්ඡාවකින් පසු අද සවස 6.45ට පමණ පහළට බැස්සාය.
පොලිස් ජීප් රියෙන්ම කුරුඳුවත්ත පොලිසියට ගිය ඇය කටඋත්තරයක් ලබා දී මීට ටික වේලාවකට පෙර පොලිසියෙන් පිටව ගියාය.
අධ්‍යාපන අමාත්‍යවරයා මුණගස්වා විසඳුමක් ලබා දෙන බවට පොලිසිය ඇයට පොරොන්දුවීමෙන් පසු මෙම උපවාසය අත්හැර ඇතැයි දැනගන්නට ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයයේ පරිපාලනය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම මගින් පවත්වන විමර්ශනයක සාක්කි ලබා දීමට නියමිතව සිටි එම ගුරුවරිය ඊට පෙර දින ජාතික පාසල් අධ්‍යක්ෂවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබ ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුරුවරියගේ මනස ගුරු වෘත්තියට ගැළපෙන්නේ නැහැ.ගුරුකමෙහි වගකීම නොතේරෙන අය කුමන තැනකටවත් මාරු කරන්න සුදුසුත් නැහැ (නි)
රාළහාමි බලාගෙනයි.... පුරුද්දට ජීප් එකේ වහළයට නගීවිද දන්නෙ නැහැ (නි)
වහළෙන් බට ගුරුතුමිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරකට වුවද සුදුසුය (නි)
වෙන පාසලකට ගියත් විමර්ශනයට සාක්කි දෙන්න පුළුවන් නේ . කහට ගස් දිගේලියේ පාසලක ඉඳල මාරුවක් ලැබුනොත් වහලේ නගිනවද යන්න බෑ කියල. (ස)
අසාධාරණය වෙනුවෙන් සටන් කිරීමට දක්ෂ ගුරුවරයෙකි. (නි)
මේ වගේ විහිලු වලින් අපේ රට දැන් අවුල් වෙලා (නි)
කොහොමද අනේ සාරියත් ඇදගෙන ඔච්චර උසකට නැග්ගේ? (නි)
මෙතන වරද හෝ නිවැරැද්ද අපි නොදනිමු. ගුරුවරියක් හැටියට අනුකම්පා කළයුතුයි, කාන්තාවක් වශයෙන්. කෙසේවෙතත්, බිමට බැහැලා ගෙදර ගිය එක නම් ලොකු දෙයක් (නි)
එතුමියව පාසලේ කොහොමත් තිය ගන්න එපා. ගුරුතුමියකට සුදුසු වැඩක් නොවෙයි කළේ .කොහොමත් එයට ඉන්න බැහැ.පාසල් ළමයි ගේ ගෞරවය එයාට නැති වුණා. (අ)
වැඩ කරන්න බැරි නම් ගෙදර යන්නය් තියෙන්නේ වහල උද ඉන්නෙ නැතුව (අ)
ප්‍රියල් මහත්තයෝ බොරු කියන්න එපා දන්නේ නැත්නම් දැන් නැති විදියට ඉන්න..අන්න අද පත්තර වල තියෙනවා විස්තරේ..මෙයා අවරුදු 11ක් රෝයල් එකේ..මාරුව ලැබිල තියෙන්නේ ඉසිපතනෙට.අම්මප කවුරු හරි කොල්ලෙක් පිටිපස්සෙන් ගිහින් තල්ලු කරන්නමයි තිබුනේ සදා ඉස්තාන මාරු නැතුව එක තැනක ඉන්න.(අ)
හෙට දවසේ උගතුන් බිහිකිරීමට කැප වෙලා ඉන්න රජයෙන් වරප්‍රසාද ලබන කෙනෙක් දුන්න අපූරු ආදර්ශයක්.. හෙට දිනයේ මෙයා කොහොමද ළමයන්ට අවවාදයක් අනුසසනාවක් දෙන්නේ. වෙන වැරදි ඕන නැ. ගැහැනියක්, ගුරුවරියක් විදිහට මේ කරපු දේම ඇති දඩුවම් ලබන්න. (අ)
අපේ රට දැන් ලෝකෙට විහිලු සපයන මුතු කැටය වෙලා, අනේ කාලේ වනේ වාසේ. (දී)
රාජකීය බව පෙන්නන්නද දන්නේ නැහැ වහලෙට නැග්ගේ? අයි ගුරුතුමිය කැමති නැද්ද අළුත් ළමයින් කොට්ඨාශයකට උගන්වන්න? එකම පාසලකට කොටුවෙන්නේ ඇයි? (නි)
එතකොට එයාව මාරු කරන්න හදන්නේ සාක්කි දෙනවට නේද? එමොකද සාක්කි දෙනවට එතරම් බය? (අ)
ගුරුවරිය වහළය මත. කවුරුවත් හරියට දන්නේ නැහැ සිදුවෙලා තියෙන්නේ කුමක්ද කියලා. කනා මුට්ටියේ පාට කියනවා වගේ එක එක්කෙනා එක එක ඒවා කියනවා. (නි)
අම්මෝ..රෝයල් එක දල යන්න පුලුවන්ද එහෙම..රෝයල් එකේ රාජකීය පැටව්ට උගන්නපු මම කොහොමද ඔය ගමේ ගොඩේ ළමයින්ට උගන්නන්නේ..නේද ගුරුතුමී..ස්ටර්ලින් ලොක්ක කියපු විදියටම ඔයා කලා ඔන්න..බලමුකෝ ප්‍රතිපල නේද...ඔයා හරි ලස්සනයිඅනේ අර තට්ටු දෙකේ උඩ තට්ටුවේ ගැට්ටක වැඩි වෙලා හිටිය විදිය..අනේ අම්මප ඔය අසමජ්ජාති කොල්ලෙක් එහෙම ඇවිල්ල තල්ලු කලානම් බිමට එහෙනම් ඉතින් සදා එක තැන තමඊ..කිසි ඉස්තාන මාරුවක් නැහැ ආයේ.(අ)
කාගේ කාගේත් වැරදි තිබෙනවා.හොඳ පරීක්ෂණයක් පවත්වන්න.(අ)
මේ අයට පිස්සු.(අ)
මෙවනි දීවල් ප්‍රසිද්ද කරන්න එපා (අ)
අනේ ලංකාදීප, අර මලකයාගේ ඔඩෙල් සිද්දිය තව හොයල දාන්නකෝ, 2009 යුද්දේ දින්නට පස්සේ ලැබුන තවත් සතුටුම පුවතක්. මම ඉන්නේ අමෙරිකා වේ. (අ)
ගුරුවරියට විරුද්ධව අදහස් දමන අය ද්වේශසගතව අදහස් දමන බව මට හැඟෙන බව මින් ප්‍රකාශ කිරීමට කැමැතියි (නි)
දන්නේ නැති නිසා අහන්නේ.. විදුහල්පතිට පුලුවන්ද ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් දෙන්න? ඒ වගේම ස්ථාන මාරුවක් ලැබුනම සාක්කිදීමත් එතනින් අවසන් වෙනවද? සාක්කි වලංගු වෙන්නේ රෝයල් එකේ ගුරුවරයෙක් හැටියට දුන්නොත් විතරද? බමුණු මහත්තයා නම් දන්නවා ඇති මේවා ගැන.. කියලා දෙන්නකෝ අපිට. (නි)
කරුවල වැටෙන කොට රාජකීය භයක් දැනෙන්න ඇති ඉස්කෝල හාමිනේට. ඔය වහලේ උගුඩුවො ඇතිවෙන්න ඉන්නවා. මොනවා වුණත් මොනවා කරන්නද අපි.... (නි)
බන්දුල පෙරේරා, කරුණු නොදැන මෝඩ කතා කියන්න එපා. ඒ ගුරුතුමීට මාරුවක් ලැබිලා තියෙන්නේ අනුලා විද්‍යාලයට, ගමේ ඉස්කෝලෙකට නෙමෙයි. සමහර විට ඔයා අනුලා එක තියෙන තැන දන්නේ නැතුව ඇති. (නි)
හැමදාම පරිප්පු ..දාන්නකෝ සුදු මුං ඇට, කඩල වගේ දේවලුත්. විහිළු නෙමෙයි මේවා... (නි)
අපිත් දන්නවා සදාචාරය. මේවාට වගකිව යුත්තේ පවතින රජයයි. සාධාරණය නැති නිසා ගැහැනු මීට පසු වහලට නැගලා නවතීද දන්නේ දෙයියෝම තමයි (නි)
අධ්‍යාපන ක්ෂේත්‍රයේම අර්බුද රැසයි. පාසල්වල කාර්ය බාරය ගෙන යන්නේ ගුරුවරු. ඉතා අඩු වැටුපකට මෙම කරන කාර්යභාරය විශාලයි. අපිත් ගුරුවරුන්ගෙන් ඉගන ගත් හින්දා තමයි මේ තත්වයෙන් ඉන්නේ. කාටවත් මේක තේරෙන්නේ නැහැ. ගුරු සිත නොරිදවා.....උගනිමු බැති පෙම් වඩවා.... (නි)
ගාල්ලේ කොටුවේ බාලිකා ඉස්කොලේත් ඔය වගේ උද්දච්ච විදුහල්පතිනියක් ඉන්නවා. මෙ ඉස්කොලෙයි ඒ ඉස්කොලෙයි විදුහල්පතිවරු එකතුවෙලා 2012ට ළමයි දැමිම නේ....චක්කර ලේඛන කැලේ.(අ)
ගුරුවරියක් විදියට ඒ කරපු වැඩේ හරි දෙයක් නෙමෙයි. එයා පාසල් සිසුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ කෙනෙක්. වහළයට නගින්න හේතුව කුමක් වුණත් කරපු දේ ගුරුවරියකට ගැළපෙන දෙයක් නොවේ. (නි)
මේ මිස් විදුහල්පති කරපු හොර වැඩ වලට විරුද්ධව සාක්කි දෙන්නේ . ඒ නිසා එයාව මාරු කරලා. කටයා සහ පිරිස් තුමාල ඉන්න කලේ තිබුන රෝයල් එක දැන් නැහැ. ඒක විනාශයි. විනාස කලේ කවුද කියන එක කවුරුත් දන්නවා . විනාශයේ අනුපාතයට විනාස කළ අයගේ සාක්කු කෝටි ගනනින් පිරෙන්නේ .(අ)
අපරාදේ බිමට දාල තිබුණ මෙට්ට පාවිච්චි කොරන්න බැරි උණා නේ. රෝයල් ගුරුවරිය මේසන් වැඩ ..උඩ වැඩ ... වහල වල වැඩ කොරන්න දන්නා අය නේ. එංගලන්තේ රෝයල් පව්ලට සමානයි නේ.(අ)
මේ..මේ..ටීච වෑඩේ කෑත්යි..ඔයාලගේ ප්‍රස්න තියෙන්න පුලුවන්. ඒත් ගුරු ගරුත්වය ඔයවිදියට කෙලසන්න එපා. හෙට රට බාරගන්න ඉන්න දරුවන් විප්ලවවාදින් හර්තාල් කාරයන් කර්න්නද හදන්නේ.මේ වගේ වෑඩ ඉදිරියේදිත් කරන්න හිතා ඉන්න ගුරුවරුන්ටත් එක්කයි ලියන්නේ.(අ)
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්...! ගුරුවරියට කරපු වැඩෙනුත් ලබන්නේ අප්‍රසාදයක්. රෝයල් එකේ සිංහල ගුරුවරිය ඒ තත්වයට පත් වුණා කියන්නේ වැඩවසම් සමාජ ක්‍රමය විසින් කිසිම ගැළවීමක් ඇයට ඉතිරි කර නොමැති බව නොවේද? (නි)
මෙයා පැහැදිලි කලා මෙයා රාජකීය විදුහලේ උගන්වන්න තියා පස් පාගන්නවත් වටිනා කෙනෙක් නෙමෙයි කියලා. අවුරුදු 180 ක ඉතිහාසයේ පළමුවරට.... මේ ගුරුවරිය රාජකීය විදුහලේ සිටි කාලයේදී මොනවද ඉගෙන ගත්තේ? " උගනිව් නැතහොත් පිටවෙනු! (නි)
අපේ ඉස්කෝලෙට ගිය කලක්!! (අ)
මම හිතන්නේ නැහැ මේ ගුරුවරිය නීති විරෝධී දෙයක් කලා කියල. ඒත් කරපු දෙය අනතුරුදායකයි. (අ)
මම උදේ රෝයල් එකට ගියා හැබැයි කෙවදවාත් මේ වගේ දේවල් අහල නෑ .මම හිතන්නේ මේ ගුරුවරිය විශ්‍රාම යවන්න ඕන කියලයි (අ)
ගුරුතුමියකට සුදුසු වැඩක් නොවෙයි.(ස)
මේ ගුරුවරිය එච්චර හොඳ කෙනෙක් නොවෙයි එයාගේ පුතා ඇමෙරිකාවේ ඉගෙනගන්නේ . කිසිම ගුණයක් නෑ (අ)
ඊළගට සර් ගැහුවා කියලා ශිෂ්‍යයොත් වහළයට නගීද දන්නේ නැහැ (නි)
මේ රෝයල් එකේ ඉදලා අනුලා එකට යන්න බැහැ කියලද මේක උඩට නැගලා ඉන්නේ? පුදුම ස්ථාන මාරුවක්නේ.. කව්ද ඕක දුන්නේ? විදුහල්පතිද, නැත්නම් අමාත්‍යංශයෙන්ද?ප්‍රියල් මහත්තයා ඔච්චර දන්නවා නම් අර මම නොදැනුවත්කමට අහපු දේවල් වලටත් උත්තර දෙන්නකෝ. කොහොම වුනත් ආනන්ද සරත් වගේ අයත් ඉන්න ඕනෑ. (නි)
ගලගෙදර ලොකු පාසලකත් ඉන්නවා ඔලුව ඉදිමුණු විදුහල්පතිනියක්. ගුරුවරුන්ටත් ශිෂ්‍යයින්ටත් නිතරම අසභ්‍ය වචනයෙන් කතාකරන්නේ. ලොකු තැන් වලට දැන්වුවත් තවම රජකරනවා දේශපාලන බලයෙන් (නි)
මම මෙහි ඇතුළාන්තය ගැන දන්නෙ නැහැ. නමුත් ඇය හොද ගුරුවරියක් බව මම දන්නවා (නි)