අධ්‍යාපන අමාත්‍යංශය මගින් මීට මාස හයකට පෙර ස්ථාන මාරු කළත් ඒ අනුව නව ස්ථානවල වැඩ බාර නොගත් කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් හතර දෙනකුගේ වැටුප් අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කොළඹ කලාප අධ්‍යක්ෂවරයාට දන්වා යවා ඇතැයි අමාත්‍යංශය කියයි.
පාසලේ ගුරුවරයකු ලෙස කටයුතු කළ සේවා කාළයද ඇතුළුව වසර හයකට වැඩි කාලයක් එකම පාසලේ කටයුතු කළ නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනකු ස්ථාන මාරු කළ බවත්, ඉන් නව දෙනකු මාරුවී ගොස් නොතිබූ බැවින් පසුගිය මාර්තු 10 වැනි දා නැවත සිහි කැඳවීමක් කළ බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
එම සිහි කැඳවීම අනුවද නොගිය නිලධාරීන්ගේ වැටුප් අත්හිටුවන ලෙස දැනුම් දුන් බව ද අමාත්‍යාංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අමාත්‍යංශය වැටුප් අත්හිටුවන ලෙස දැනුම් දුන්න ද කොළඹ කලාප කාර්යාලයය එම නියෝගය ක්‍රියාත්මක කර නැතැයි ද, තවමත් පස් දෙනෙකු එම විදුහලේම කටයුතු කරන බව ද , මෙය ස්ථාන මාරු ලැබූ අනිත් නිලධාරීන්ට සිදු කරන අසාධාරණයක් බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
මේ ගැන කළ විමසීමක දී කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා කීවේ අමාත්‍යංශය වැටුප් අත්හිටුවන ලෙස දැනුම් දුන්නද එය ක්‍රියාත්මක නොකළේ එම නිලධාරීන් ස්ථාන මාරුවී යන බව ඔවුන් දැනුම් දී තිබුණු නිසා බවයි.
ඔවුන් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන බැවින් ස්ථාන මාරුවී යෑමට කාලය ඉල්ලූ බවත් ලබන සතිය වන විට ඔවුන් යනු ඇති බවත් කලාප අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍යංශය නම් කියයි. ඒ වුනාට වැටුප් නැවත්තුවත් අපි කොහොමද යන්නේ දෙවියනේ මේ සුරපුර දාල. (බ)
මේ අය උසස්පෙළ උගන්වන අය නම් අගෝස්තු දක්වා සේවය කිරීමට ඉඩ දෙන්න නැතිනම් ළමුන් අපහසුතාවට ලක් වේවි (බ)
උසස්පෙළ උගන්නන ගුරුවරු මාරු කරනවද අන්තිම මොහොතේ? මේ රටේ නිලධාරීන් බාගෙට බාගයකගේ වැඩ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ඔය ස්ථාන මාරු පුරප්පාඩු වලට පත්කරලා එවපු අයට එතන වැඩ බාර නොදීපු අවස්ථා තිබුනා. ඒ ගැන ඔය නිලධාරි මහත්වරුන්ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුණා. අමාත්‍යාංශයෙයි, පළාත් අධ්‍යක්ෂකවරුන්ගෙයි උනන්දුවක් නැතිකම තමා ඕවට මුල. (නි)