වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දැඩි ආන්දෝලාත්මක තත්ත්වයකට පත්වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගය සම තත්ත්වයෙන් අවසන් වූ තරගයක් ලෙස සළකා දෙපිලට සම ලකුණු පිරිනැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ විනය කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තරගයේදී සිදුවූයේ යැයි කියන සිද්ධි කීපයක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පාසල් රග්බි සංගමයේ තීරණය අද (03 වැනිදා) ප‍්‍රසිද්ධ කිරීමට නියමිතය.
මෙම තරගයේදී විනය විරෝධි ලෙස හැසිරුණේ යැයි කියන ඉසිපතන විදුහලේ ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කමිස අංක සඳහන් කරමින් ඔවුන් පිළිබඳව පියවර ගන්නා ලෙස ඉසිපතන විදුහල්පතිවරයාට දැනුම්දීමටද ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර තිබේ.
රාජකීය විදුහල් ක‍්‍රීඩකයන් දිගින් දිගටම පහර කෑමට ලක්වීම නිසා තම කණ්ඩායම තරගයෙන් ඉවත් කරගත් බව කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා විසින් පිළිගනු ලැබ ඇතත් එවැනි සිද්ධියක් නැවත නොවීමට වගබලා ගන්නා ලෙසද එම විදුහලට අවවාද කිරීමට ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය තීරණය කර ඇත.
මෙම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතාට වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය මීට පෙර පියවර ගත්තේය.
මේ අනුව විදුහල් දෙකකට ප‍්‍රසාද ලකුණු 2.5 බැගින් හිමිවේ.
මෙහිදී රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහලේ ඇතැම් ක‍්‍රීඩකයන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයන්ට පහර දුන්නේ යැයි කියන චෝදනාව සහ තරගයේ ප‍්‍රධාන විනිසුරු සිය වගකීම නිසි ලෙස ඉටුකළේ ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විණි.
විවාදයට තුඩුදුන් මෙම තරගය මේ මස 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර ලකුණු 20.20 ක් ලෙස සම තත්ත්වයේ තිබියදී දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත් විය.
එහෙත් පසුව පිටියට පිවිසි ඉසිපතන පිල උත්සාහක දිනුමක් ලබා එය ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමෙන් පසුව තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27.20 ක ජයක් හිමිවූ බව තරගය අවසානයේදී ප‍්‍රකාශ කෙරිණ.
‘මිල්රෝයි ප‍්‍රනාන්දු’ අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගයේ ශූරතා කුසලානද ඉසිපතන විදුහලට පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට නම් රාජකීය පිල දිගටම පිටියෙන් ඉවත් වෙන්න සිදුවෙන පාටක් අප සැමට පෙනේ.(නදී)
ඉසිපතනේ නම අහද්දි ගොඩක් කටිටිය වෙව්ලනවා.(නදී)
අපි ඔක්කොම ටීවී එකෙන් දැක්කා. ඒවට මොනාද වෙන්නේ ?මේවා තමා නියම විහිළු...නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ තමා ඔක්කොම ... (නි)
මමත් ඉස්සර ලංකාවේ රග්බි ක්‍රිඩා කළා. ඉසිපතන නම ඇහෙනකොටත් අපි වෙව්ලනවා. මොකද අතින් පයින්නේ ගහන්නේ (නි)
රාජකීය ක්‍රිඩකයන් පිටියෙන් ඉවත්වීම රග්බි නීතිය අනුව අනෙක් පාර්ශවයට ජයග්‍රහනය දිය යුතු වරදකි. (නි)
රාජකීයන් නිසා (දී)
පාසල් තරඟ බලන එකත් මම නැවැත්තුවා (දී)
ඒක නම් හොදයි. (දී)
අයියෝ සල්ලි
ක්රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා පිටියෙන් ඉවත් වීමේ සාධාරණ අයිතිය ඇත. තරඟයේ අවස්ථා සහිත යූ ටියුබ් වීඩියෝව නැරඹුවොත් ඔබටම පෙනේවි (නි)
මම නං මේ තීරණයට එකහෙලාම විරුද්දි. රුග්බ්ය් හිස්ටෝර්ය් එකටම කොලේ පලවෙනි වතවටි මේ වගේ කැකිල්ලේ තීන්දුවක් දුන්නේ. උටුබේ විදෙඕ එක බලන රුග්බ්ය් දන්නා
මම කියන්නේ පාසල් තරඟ අවශ්‍ය නැහැ කියලා (දී)
මේක හොඳ ආදර්ශයක් අනෙකුත් පාසල් වලට. විනයක් නැති පාසල් වලට දෙන්න ඕනෑ දඩුවම තමයි රාජකීය පිල දීලා තියෙන්නේ (නි)