අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයේදී සිදුවූයේ යැයි කියන සිද්ධි කිහිපයක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පාසල් රග්බි සංගමය ඒ පිළිබඳව තීරණය ගැනීම ජූනි මස 1 වැනිදා දක්වා කල්දමා තිබේ.
පාසල් රග්බි සංගමයේ විනය කමිටුව ජූනි මස 1 වැනිදා පස්වරුවේ මහනුවර කිංග්ස්වුඞ් විදුහලේදී රැස්වීමට නියමිතය.
රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහල් ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කි‍්‍රයාකලාපය මෙන්ම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයාගේ වගකීම සම්බන්ධයෙන්ද පාසල් රග්බි සංගමයේ විනය කමිටුවේ අවධානය යොමු වී තිබේ.
මේ පිළිබඳ මූලික පරීක්‍ෂණය පාසල් රග්බි සංගමයේ සභාපති මෙන්ම ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී පෙරේදා (28) රාත‍්‍රි පැවැත්විණි. මෙම පරීක්‍ෂණයට විදුහල් දෙකේ විදුහල්පතිවරුන් මෙන්ම ප‍්‍රධාන විනිසුරු සහ රග්බි විනිසුරු සංගමයේ නිලධාරියකුද සහභාගි වී තිබේ.
විදුහල්පතිවරු දෙදෙනාගෙන්ම ප‍්‍රකාශ ලබාගත් බවත් විදුහල් දෙකෙන්ම ඉදිරිපත් කළ විඩියෝ දර්ශන නැරඹු බවත් මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ නිලධාරියකු පැවසීය.
විවාදයට තුඩුදුන් මෙම තරගය පසුගිය 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27.20 ක ජයක් හිමිවූයේ රාජකීය විදුහල් පිල දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී තරගයෙන් ඉවත් වීම හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිය නොවන්න , සල්ලි නැති නිසා විසි කරන්න ජයග්‍රාහී ඉසිපතන විදුහල වැරදිකරු වනු ඇත. ඊයේ තප්පරය වැඩ සටහනේ දැක්කද කිව රතු කාඩ් ලැබූ ක්‍රීඩකයෙක් තරග 2 තහනම් කර තිබු වෙලාවක බලපෑම් මත 1 තරගයකට අඩු කරා වගේ මේකටත් වෙන්නේ ඕකම තමයි . අයියෝ ඉසිපතනෙ , මොකටද රාජකීය කට්ටිය එක්ක හැප්පෙන්න ගියේ. පගාව දෙන්න පුළුවන් නම් පමණක් හැප්පෙන්න . (දී)
රගර් ගැන දන්නෙ නැති අය කොහොමද මේකට අදහස් දාන්නේ? (නි)
අනේ ඉසිපතනයෝ! (නි)
බොරුවට වහසි බස් දොඩවන්නේ නැතුව වීඩියෝ එක බලලා කතාකරන්න. රගර්, බොක්ෂින් වගේ ක්‍රීඩා වල හැල හැප්පීම් වැඩියි. එහෙත් සියලු දෙනාම නීති රීති මාලාවකට යටත්ව ක්‍රීඩා කළ යුතුය. ක්‍රීඩකයන් වුන හම පිටියේ විනයනුකුලව හැසිරිය යුතුය. ඉසිපතන විදුහලේ හැසිරීම නම් හරි නැහැ. ජාතියට වඩා ජම්මේ ලොකුයී කියන්නේ මේ වගේ අයට. වෙච්ච සිද්දිය තිබෙන වීඩියෝ එක බලන්න මේ ලින්ක් එකට යන්න. http://www.youtube.com/watch?v=zCu0C-tgvjA
නිකන් රෝයල් එකට බැනල වැඩක් නැහැ ... ඉසිපතන පොරවල් කරලා තියෙන්නේ පීචන් වැඩක් . (අ)
පරදිනකොට පීචන්. බැරි වැඩ නොකර නෙට් බෝල් වත් ගැහුවනම් ඉවරනේ. ගෑණු ගහනවා රගර්.(දී)
රග්බි ක්‍රීඩාව බොක්සිං ක්‍රීඩාව වැනි ක්‍රීඩාවන් අනතුරුදායකය. එවන් ක්‍රීඩාවන් තුල හැලහැප්පීම් සාමාන්‍ය සිදුවීම්ය. ක්‍රීඩාවෙන් පලා ගොස් නිදහසට කරුණු කීම නිවටකමකි .තම පරාජය පිළිගත යූතුය .මුදල් වලින් සැම දෙයම මිල දී ගත නොහැක . (නි)
මහේෂ්, රෝයල් එක හැමදාම ඔහොමයි කියන්නේ තව කවද ද ඔහොම වුණේ? ඉසිපතන සමග ක්‍රීඩා කළ අනිත් පාසල් වලින් ඇහුවා නම් දැනගන්න පුළුවන් නියම තත්වය (නි)
මොන නඩුද? රාජකීය බාලිකවොත් එක්ක ලබනවර කාන්තා කණ්ඩායමක් සහබාගි කරනවා හැරුණු කොට (අ)
පාසල් ක්‍රීඩාව නම් එපා (දී)
ඉසිපතනෙට හොද වැඩේ (නි)
රගර් කියන්නේ ඔහොම තමා.රෝයල් එක හැමදාම ඔහොමයි. (නි)
මම ආනන්දියන් කෙනෙක්. සාමාන්‍යයෙන් ආනන්දීයෝ උදවු කරන්නේ ඉසිපතනෙට. නමුත් මෙතැනදී මම ගන්නේ හරි පැත්ත. (නි)