රජරට ප්‍රදේශයට දින ගණනාවක් තිස්සේ ඇද හැළෙන තද වර්ෂාව නිසා පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුන්ගාවිල ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. කිඹුලන් හා වල් අලින් මාර්ගය අසලට පැමිණ නිසා එහි ගමන් කිරීමට අනතුරු දායක බව ද පොලිසිය කියයි. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ද කවුඩුල්ල ජලාශයේ වාන් දොරුටු 6ක්ද විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් ජයවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd