නව නිපැයුම වෙනුවෙන් රටවල් 76 නියෝජනය කරමින් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දී තරගකරුවන් 1600 දෙනකු අතරින් විදුලි හා යන්ත්‍රික අංශයේ ප්‍රථම ස්ථානය මිහින්තලේ මහා විද්‍යාලයේ කලා අංශයේ පුබුදු දිනේෂ් චිත්‍රානන්ද කපුගේ සිසුවා දිනාගත්තේය.
ඔහු ගලෙන් බිදුණු වැව අලුත් දිවුල් වැව පදිංචි කරුවෙකි.
ඔහුගේ නව නිපැයුම කුඹුරේ නියර කැපීමේ යන්ත්‍රයයි. නියරේ වැවී ඇති වල් පෑලෑටිද ඉවත් කරමින් ලස්සනට නියර සකස් කිරීමට මේ යන්ත්‍රයට හැකියාව ඇත.
කපුගේ නමින් විශ්වයේ තාරකාවක් නම් කිරීමටත් තීරණය විය .ඔහුට ඇමෙරිකාවෙන් ඇමෙරිකා ඩොලර් 3000ක් (රුපියල් 384000 ) හා ඉන්දියාවෙන් ඇමෙරිකා ඩොලර් 500ක (රුපියල් 64000) ත්‍යාගයක් හිමි විය.
ඇමෙරිකා ඉංජිනේරු සමාගමක් රටවල් 7 ක් නම් කර ඔහු කැමති රටකට ශිෂ්‍යත්වයක්ද ලබා දීමට කැමැත්ත පළ කැර ඇත.
කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුහු දෙදෙනක් ආනන්ද විද්‍යාලයෙන් සිසුවෙක්ද මේ තරගයට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි. ඕක නියර බඳින්නත් පුලුවන් වෙන විදිහට වැඩි දියුණු කළා නම් අගෙයි. ඒ වගේම උපකරණයට විශාල ඉල්ලුමකුත් ලැබෙයි. (නි)
මේ පුවත බලපු කිසිකෙනෙකුට යතාර්ථය වැටහුනේ නැහැ.මුළු ලෝකයේම බුද්ධිය ඇමරිකාවට ගෙන්නලා තාක්ෂණය ශූක්ෂමව සොරාගැනීමක් එයාලා කරන්නේ.එදා පටන් අද දක්වා ඔවුන්ගේ දියුණුවේ රහස මෙයයි (නි)
අපිට පුතා ගැන හරිම ආඩම්බරයි. අපෙන් සුබ පැතුම් !! (නි)
අනේ පුතා ලංකාවේ විශ්ව විද්‍යාලෙකට නම් යන්න එපා. පිටරටම යන්න. පේනවනේ අපේ ඒවගේ ඉන්න මෝඩයෝ කරන වැඩ. (නි)
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ගන අඳුරු නෙක තරු රැසින් එලෙස නොම වේය දුරු පුබුදු දිනේෂ් පුතේ , මීට වසර හාරසිය ගණනකට පෙර සීතාවක රාජධානි සමයෙහි විසූ අලගියවන්න මොහොට්ටාල හෙවත් අලගියවන්න මුකවෙටි පඬිවරයා විසින් රචනා කරන ලද සුභාෂිතය නම් වූ උපදේශාත්මක කාව්යයෙන් ඉහත පද්යය ඔබටම ලියන ලද්දක්ද සිතෙන තරමට ඔබට ගැලපේ. ඔබ වැනි පුතුන් රටට මහා සම්පතකි.(නදී)
මෙන්න අපේ රටේ හැබෑ සම්පත්. මේකවත් පිටරටට විකුණන්නෙ නැතුව අයිතිය තියාගෙන මේ යන්ත්‍ර පේටන්ට් අයිතිය යටතේ හදලා විකුණනවානම්. මේ දරුවාට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න. අපේ රට ගොඩගන්න.(නදී)
පින්තූරයක් එහෙම නැද්ද බලන්න. මගෙ නියෙරෙත් වල් ගොඩක් වැවිලා.(නදී)
මල්ලි ඔයා ගැන මටහරිම ආඩම්බරයි.ගමේ ඉපදුන අයගේ අසීමිත දස්කම් තියෙනවා.(අ)
වර්ජන වලට යොදන වේලාවෙන් මේ වගේ වැඩකට යොදවන්න. ගොවි පුතා දන්නවා අත හෙල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් කියලා. රජය මේවට තමයි අත දෙන්න ඕනේ. නැත්නම් මේ පුතාව ඇමරිකාවට ගනියි. අපිට නිකන් ඉන්න වෙයි.(නදී)
ගමේ දරුවන් සිටියදී කොලඹ දරුවන් පමණක් හැම දෙයකටම නොයවා තව තව ගමේ දරුවන්ට අවස්ථාවක් දීම තුලින් මෙවැනි බොහෝ ජය රටට ලබාගතහැකි බව සිතමි.(නදී)
ෂාහ්! පුතා මට මන් දිනුවා වගේ සන්තෝෂයි. බුදුසරණයි, ජේසු පිහිටයි, අල්ලාදෙවී පිහිටයි, හරෝ හරා.... නුබ නියම දක්ෂයෙක්, යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. හොදම විශ්වවිද්‍යාලය තියන රට මොකද්ද කියල හොයලා එහාට ශිෂ්‍යෂත්වයක් ඉල්ලන්න.(නදී)
රජරට පුතාගේ නිර්මානයත් ,රටට ලැබුණු කීර්තියත් ගැන ශ්‍රී ලංකාවම සතුටට පත් කරන මහඟු කාර්යයක් බැවින් ,කරමාන්ත හා විද්‍යා කටයුතු පිලිබඳ ගරු ඇමති තුමාගේත් ,රජයේත් අනුග්‍රහය ඇතිව මෙම යන්ත්‍රය, නිෂ්පාදනය කොට මෙරට හා පිටරට වලටද ප්‍රසිද්ධියක් ලබාදීම ඉතාමත් වැදගත් කටයුක්තකි.(නදී)
පුතේ හොදම විශ්ව විද්‍යාලය ඇමරිකාවේ හර්වාඩ්, කේම්බ්‍රිජ්, ප්‍රින්ස්ටන් එංගලන්තේ ඔෂ්ෆර්ද, ප්‍රන්සේ සෝබෝන්. දක්ෂයන්ගේත් දක්ෂ ඔබ අපට මහා දක්ෂයෙක්. ජයවේවා පුතේ.(නදී)
අයියෝ,මාටින්, ඉන්දියාවේ ඇමරිකන් ඩොලර් නැති වුණත් මොකද? ඒ වටිනාකමට රුපියල් වලින් හරි ලැබෙන්නේ අපේ දරුවෙකුට නේද? අනුන්ගේ සතුටකදී සතුටු වෙන්න බැරි ඉරිසියාව හිතේ තියෙන කෙනාට. මට නම් සතුටු වෙන්නේ මගේම දරුවෙක් දිනුවා වගේ (නි)
පුතා හොඳට ඉගෙනගෙන යාන්ත්‍රික ඉංජිනේරු වරයෙක් වෙන්න !(අ)
පලයන් පුතේ පිට රටකට, ගිහින් ඔය තියෙන දැනුමට ගැලපෙන අධ්‍යාපනයක් තව දුරටත් ලබලා සතුටින් ජීවත් වෙයං. (නි)
මොනවා හොයාගත්තත් මෙහෙ අයට නම් වැඩක් ගන්නේ නැතිවෙයි. එනිසා එහෙටම වෙලා ඉන්න. මෙහෙම කියන්නේ අත්දැකීමෙන්. අර පොල් කඩන මැසිම හදපු කොලුවගෙන් වැඩක් ගත්තද. පොලිතින් දාල පෙට්රෝල් හදන මැසිම හදපු කොලුවගෙන් වැඩක් ගත්තද.(නදී)
ඒ පුංචි වීරයාගේත් නිර්මානයේත් චායරූප පලකිරීම පිළිබඳව "ලංකාදීප එසැනට" මගේ ප්‍රණාමය. (අ)
පුතා හැමෝටම නොලැබෙන කලාතුරකින් ලැබෙන වාසනාවක් ලැබිල තියෙන්නේ. උපරිම ප්‍රයෝජන ගන්න.... බුදුසරණයි.(නදී)
අනේ පුතේ , නව නිපැයුම් කරපු තව ලංකාවේ අය ඉන්නවා. නමුත් තැනක් නැහැ. ඔයා ලංකාවේ හිටියොත් ඔයාටත් ඒ ටික තමයි. ඔයා ශිෂ්‍යත්වය අරගෙන තව ඉගෙන ගන්න. මගේ සුබ පැතුම් පුතේ ඔයාට. බුදු සරණේ පිහිට! (නි)
දැන් කට්ටිය කියන්න ලොකු රටවල් මේ කොලුවව බිලි බා ගත්තයි කියලා. අනේ බිලි බාගත්තත් මට නම් සන්තෝසයි මොකෝ මෙහෙ හිටියොත් කාටත් වැඩක් නැහැ. උදාහරණ පොල් කඩන මැසිම හදපු, පොලිතින් වලින් පැට්‍රොල් හදපු අය තම වේලෙනවා. එහෙට ගියොත් ලෝකෙට හරි වැඩක් වෙයි... තුරුනුවන්ගේ සරණින් එහෙ යන්න.(නදී)
පුතා ශිෂ්‍යත්වය අරන් රට යන්න, කවදා හරි නිර්මාණ කරුවන්ට, ලංකාවට හිතැති අයට සලකන නීති ගරුක රටක් ඇති වුන දාක එන්න. ඇවිත් අපට සේවය කරන්න.(නදී)
අපේ රටේ එදත් තිබුණා අදටත් සිතාගන්න බැරි දියුණුවක්. ඔබ සතුව පවතින්නේද එම ශක්තියයි. ඔබට ජය! (නි)
කළා අංශයේ දරුවෙක් මෙවන් දෙයක් කිරීම හිතා ගන්නත් අමාරුයි e දරුවෝ. ඔබ ලබාගත් ශිෂ්‍යත්වයෙන් සුදුසුම විෂය ඔබගේ හැකියාව හා නිර්මාණයට අනුව තෝරාගන්න. අපේ උන්ට ඔබව අගේ කැති උනාට ලෝකයේ කොතැනක හරි තැනක් ඔබට තියෙනවා. ජයවේවා.(නදී)
කුමාර්, ඔබ මොන පදනමින්ද ඔහු දකුණේ කියන්නේ? ඔබ වගේ පුහුමාන්නේ තියෙන අය නිසා තමා ලංකාව දියුණු වෙන්නේ නැත්තේ. මොකද ඔබ සිතන්නේ ලංකාවේ දක්ෂයෙක් ඉන්නවනම් ඒ ඔබගේ ප්‍රදේශයේ විතරයි කියලා. බොරු සංකල්ප තියාගෙන තමා ඔලුව වැඩ. මේ වගේ උපකල්පන දියුණු රටවල මිනිසුන්ගේ නැත. ඔවුන් දක්ෂයා නියම ආකාරයෙන් තෝරා ගෙන ඇත. එයට නියමිත ප්‍රදේශයක් නැත. දක්ෂයන් කොතනත් සිටිය හැකිය. ලංකාවේ මිනිසුන් සිතන්නේ එසේය.(නදී)
අවාසනාවට ලංකාවේ දක්ෂයන්ට තැනක් නැහැනේ. රජ කරන්නේ අවිනීතියයි, දූෂණයයි, වංචාවයි. ඉතින් මේ වගේ කෙනෙකුට යම් කිසි දෙයක් කරන්න නම් වෙන රටකට යන්න වෙනවා. අනික අපිට අපේ දේ ගැන වටිනාකමක් නැනේ, මොන පුරසාරම් දෙඩුවත්. මේක තමයි අපේ අහේනියට හේතුව, කතාව විතරයි, වැඩ අඩුයි.ඔබට ජයෙන් ජය පුතේ !!! (නි)
මෙච්චර සතුටුවෙන්න පුළුවන් පුවතක් ඒකට කව්රුවත් ප්‍රතිචාර දාලා නැහැ. වැඩකට නැති හිස් ඒවටනම් ඕනේ තරම් ප්‍රතිචාර දාලා තියෙනවා. ගමේ කොල්ලෙක් කොළඹ ලංකාවේ හොඳම කොල්ලෝ දෙන්නෙකුත් අභිබවලා මුළු ලෝකෙන්ම පලවෙනි තැනට ආපු එකට පුතාට සුබ පැතුම්.(නදී)
එල කිරි. කාලෙකින් ලංකාවෙන් නියම පුවතක්. කියවන්නත් ආසයි. (නදී)
සැබෑම වීරයෙක්. දිනේෂ් මල්ලි ඔබ අපේ රටට හා ජාතියට ලබාදුන් කීර්තියට මගේ උනසුම් සුබ පැතුම්. ඔබට ජයෙන් ජය.(නදී)
-කාලෙකට පස්සේ අහන්න ලැබුන සතුටුම සතුටු ප්‍රව්ර්තියක් පුතේ ඔයාට තෙරුවන් සරන පතමි . තව තවත් අලුත් නිර්මාණ බිහි කිරීම ට ඔබට ලැබෙන අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන විදේශ රටකට යන්න . ඔබට ඉතිහාස ගත වීමට නව සොයා ගැනීම් කිරීමට අනාගතයේදී හැකි වනු ඇත (අ)
රජරට ඉන්න කපුගේ කියල නමට එන ඔක්කොම හොඳ වැඩකාරයෝ වගේ.(නදී)
ජයවේවා!(නදී)
මෙන්න පුත්තු. පුතේ ඔබට අපේ උනුසුම් සුභ පැතුම්.(නදී)
ඔබට ජයෙන් ජයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! (නි)
නියමයි.(නදී)
මෙවන් අය ඉදිරියට ගෙන ඒම පිළිබදව ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයට විශේෂ ස්තූතිය! (නි)
අපේ හදවතින්ම සතුටු වෙනවා ඔබගේ ජයග්‍රහණය ගැන. රටට ආඩම්බර පුතෙක් ඔයා.(නදී)
රජයෙන් ඔබට මොනවද ලැබුණේ? (නි)
ලංකාවට ආඩම්බරයක්
ඔබ ඇත්තටම තරුවකි.(නදී)
සුභ පැතුම් මල්ලි.(නදී)
ලංකාවෙනම් නුඹ වගේ දරුවන්ට තැනක් නැ පුතේ. ඵ් නිසා අවස්ථාව ලැබුන වෙලාවෙ පිටරටකට ගිහින් අනාගතය හදාගන්න.(නදී)
"ලොවෙන් එකෙක් එක් දෙයකට වේ සමත " ලාංකික අභිමානය ලොවට විදහා දක්වපු ඔබට , දීප්තිමත් අනාගතයකට සුබ පතමින් ,දළදා සමිදු පිහිට පාර්ථනා කරමි.(නදී) .
කියාගන්න බැරිතරම් සන්තෝෂයි. යමු පුතේ ඉදිරියටම. (නි)
විශිෂ්ටයි. ඉදිරියටම යන්න. කිසිදා පසු නොබසින්න (නි)
මල්ලි, අර දුන්නු ශිෂ්‍යත්වේ අරගෙන පිටරටකට පැනගන්න, ඔබවගේ දක්ෂයන්ට තැනදෙන, අනාගතයක් තියෙන රටකට පැනගන්න. දවසක මනුස්සයෙක් උනහම ලංකාවේ ඉන්න යට උදව් කරන්න.(නදී)
රජරට හොද වැඩ කාරයෝ ඉන්නවා. හොද මොලකාරයෝ බිහිවෙන්නේ ගමෙන්. ආඩම්බරයි මමත් රජ රට නිසා.(නදී)
ලංකාවට හොඳ සම්පතක්. මොහුගේ අගය අපට නොතේරේනම් ඇමෙරිකාවට බාරදෙමු. ලොවට වටිනා උගතෙක් ඇමෙරිකාව බිහිකරාවී.(නදී)
පුතේ ඔබ වගේ අය අපේ රටට ලොකු ආඩම්බරයක් . පුතාට සියලු දෙවි වරුන්ගේ පිහිට ලැබේවා. තව තවත් ඔබගේ හැකියාවන් ඉදිරියට ගෙන යාමට ශක්තිය.(නදී)
ඔබට මමත් සුභ පතමි. තව තවත් මෙවැනි නිපැයුම් බිහි කරන්න හැකි වේවා.(නදී)
ජය වේවා මල්ලියෝ ....බුදු සරණයි .(නදී)
කෝ ඒ නිපැයුමේ පින්තූරය ? කපුගේ මිහින්තලේ හිටියට මුල දකුණේ මාතර වෙන්න ඕනා. සුභ පතනවා. (නදී)
මේ යන්ත්‍රයේ පින්තූර කීපයක් පලකරන්න.
මුරුගා නමින් ලියනකෙනා නිවටයෙකි. ජාතියක් ජම්මයක් නැති එන්.ජී.ඕ පාහරයෙකි. කොළඹ ලොකු පාසැල්වලට තම දරුවන් ඇතුලත් කරගැනීමට ලක්ෂ ගණන් වියදම් කරන දෙමාපියන්ට පුතේ නුඹ හොද ආදර්ශයකි.(නදී)
මේ යන්ත්‍රයේ පින්තූර කීපයක් පලකරන්න.
දිනේෂ් මල්ලී, ඔබට මගේ උණුසුම් සුබපැතුම් හා අනාගත දියුණුවට ආශීර්වාදය! පාඨකයන් කුමක් කිව්වත්, තමාගේ මව්රට අමතක කරන්න එපා. පිටරට විශ්ව විද්‍යාලයකට ගොස් හොඳින් ඉගනගෙන, ලංකාවට සේවයක් කරන්න සිතට ගන්න. රටට ආදරය කරන යහපත් පුරවැසියෙක් වෙන්න. තව තව නව නිර්මාණ බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!(නදී)
මල්ලි, ශිෂ්‍යත්වේ අරගෙන පිටරටකට යන්න ඔබේ දක්ෂතාවය වැඩි කර ගන්න. ඔබ වගේ දක්ෂයන්ට තැනදෙන, අනාගතයක් තියෙන රටකට ගොස් පසුව ලංකාවේ අනාගත පරපුරට ඔබේ දැනුම ලබා දෙන්න.(නදී)
අවසරයි හාමුදුරුවනේ, අපි ඇයි මේ දරුවා ඇමරිකාවට බාර දෙන්නේ? අපි හැම දේටම ඇමරිකන් සරණං ගච්ඡාමි කියන්න ගියොත් රටට යන කලදසාව මොකද්ද? මෙහෙම සම්පත් රටේම රදවා ගන්න උනන්දු කළොත් නේද වඩාත් හොද. (නි)
ආඩම්බරයි (නි)
http://www.societyforscience.org/document.doc?id=494 පස් වෙනි පිටුවේ තියෙනවා මේ ජයග්‍රහණය ගැන (නි)
ඉන්ජිනේරු විෂයන්ට හොඳම විශ්ව විද්‍යාල මැසචුසෙට්ස් ඉන්ස්ටිටුටේ ඔෆ් ටෙක්නොලොජි , ස්ටන්ෆොර්ඩ්, කැලිෆෝර්නිය ඉන්ස්ටිටුටේ ඔෆ් ටෙක්නොලොජි,දාර්ට්මවුත් ( ඇමෙරිකා ) අනෙක් විෂයන් අනුව වෙනත් විශ්ව විද්‍යාල තියෙනවා. උදාහරණ ලෙස වෛද්‍ය විද්‍යාවට ජෝන් හොප්කින්සන් , නීතිය සහ ව්‍යපාර පරිපාලනය හාර්වර්ඩ් .(නදී)
හරිම සතුටු දායක පුවතක් අපේ පුංචි රටටම ආඩම්බරයක් රත්තරන් පුතේ ලැබුණු අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් විදේස රටකට ගිහින් ඉගෙන ගන්න. මෙවැනි නිර්මාණ කරන්න තව තවත් ශක්තිය හා දහිරිය ලැබේවා සියක් ආයු ලබා මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මන් නොදුටු පුතේ ඔබට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට වේවා.(නදී)
උණුසුම් සුබ පැතුම් නමුත් හොදට පරිස්සම් වන්න.(නදී)
පුතේ ඔයා නම් හැබෑම දක්‍ෂයෙක්. රත්තරන් පුතේ ශිෂ්‍යත්වය අරගෙන පිටරටකට ගිහින් තමාගේ ගෞරවයත් රැකගෙන ඉගෙනගන්න. නිහතමානීව ඔයාගේ ජයග්‍රහණයේ සතුට විඳ දරාගන්න. ඔයාට තුනුරුවන් සරණයි.(නදී)
පුතා--උඹ ඇමරිකාවෙන්ම ඉගෙන ගනින්. ඒත් අපේ රටට සේවය කරපන්. රටට එපා නම් -උඹෙන් වැඩක් ගන්න කැමති නැත්නම් ,මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සහ උඹේම යහපත වෙනුවෙන් ලොව කොහෙහරි වැඩකරපන්. මොකද උඹ හොරෙක් නොවේ නිසා බොහෝවිට ලංකාවට වටිනා එකක් නැහැ.(නදී)
තවත් ලාංකික සිසුන් දෙදෙනෙක් මෙම තරඟයෙන්ම ජයග්‍රහනයන් ලැබුවා. රිචඩ් නිපුන් ගුණසේන සහ චමිත් සමීර ධර්මසිරි යන ඔවුන්ටද අපි සුභ පතමු. (නි)
ඔව් සුසිල්, මේ වගේ සම්පත් අපේ රටේ තියා ගන්න ඕනෑ. මොකද දේශපාලකයන්ට ගසා කන්න තවත් ක්‍රමයක්නේ. (නි)
මෙවැනි නව නිර්මාණ වැඩි වැඩියෙන් සොයාගෙන උපන් දේශයට මනා සේවයක් කිරීමට පුතාට තෙරුවන් සරණ ලැබේවා!මේ ලක් මවගේ සම්පත්. ඒවා රැකගැනීම අප සියලුම දෙනාගේ වගකීමක්.නිර්මාණයේ වගේම ඒ පුතාගේ ඡායාරූපයක් පලකළා නම් ඉතා අගෙයි.දෙමවුපියන් පිළිබඳවත් පාසලේ තොරතුරුත් අතහිත දුන් අය ගැනත් සඳහන් කළා නම් අපිට තවත් වටිනවා. (නි)
ඉන්ජිනේරුමය කාර්යයන් පිලිබද උපදේශන ආයතනය මගින් සොයා ගත්ත තවත් දක්ශයෙක් බව දැනගන්නට ලැබුනා. ඔබට සුභ අනාගතයක් පුතනුවනි! (නි)
ඔබ විශිෂ්ටයෙක්
ඔබ දක්ෂ දරුවෙක්.ඔබට රටවල් 7 ට යන්න අවස්ථාව තියෙනවා.ඔබ ඉන් හොදම අවස්ථාව තෝරාගන්න. ගිහින් ලෝකයම ජයගත් පුතකු වන්න.ඔබට පුළුවන් අවස්ථාවක ලංකාවට උදවු කරන්න.මොකද මේ ලංකාවේ ඔයාගැන කතා කරන්නේ තව සතියයි. (නි)
නියමයි පුතා! (නි)
ඉහත අදහස් දැක්වූ නිමල්ගේ අදහසට මමත් සීයට සීයක්ම එකග වෙනවා. ජය වේවා පුතා! (නි)
සතුටු දායක පුවතක්. පුතේ ඔබට තවත් මෙවැනි නිර්මාණ කිරීමටත්, ඒවා අප රටේ බලධාරීන් විසින් රටේ යහපත සඳහා යෙදවීමටත් වාසනාව ලැබේවා! (නදී)
පුතා ඔය විශ්ව විද්‍යාලෙකට ගෙවලා යන්න ගියොත් ඔය රටේ කෙනෙකුට වුණා වුනත් ඩොලර් ලක්ෂ ගානක් යනවා.රුපියල් වලින් නම් කෝටි ගණනක්.ලංකාවේ හොදම විශ්ව විද්‍යාලේ පේරාදෙණිය. ඒකෙත් ලෝක මට්ටම 3000 පැනල.මේ අවස්ථාව දෙවියන් දුන් දෙයක්. (නි)
සුසිල් මිලානෝ, මේ ටික මම අහන්නේ ඔබතුමා හාමුදුරුවන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලෙස. අර පොල්කඩන මැසිම හදපු,පොලිතින්වලින් පෙට්රෝල් ගන්න මැසිම හදපු අයගෙන් වැඩක් ගත්තද? (නි)
පුතේ, නුඹ ලංකාවේ සිටියොත් කාටවත්ම වැඩක් නැති පුද්ගලයෙක් වේවි. පිටරටකට ගිහින් අනාගතය හදාගන්න (නි)
නියමයි කොල්ලෝ.තවත් හොද නිපැයුම් කරන්න ශක්තිය ලැබේවා! (නි)
ඉන්දියාවෙන් මොකටද මෙයාට උදව් කරන්නේ? එයාලා නියර කපන මැෂින් හදලා ලංකාවටම එවාවි. (නි)
ඉන්දියාවේ කොහෙද මල්ලී ඇමෙරිකානු ඩොලර්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දරුවා පරිස්සමින්. තුනුරුවන්ගේ සරණයි ඔයාට! (නි)
කැලේ පිපුන මේ සුවඳ මලට දෙවියෝ ආශීර්වාද කරත්වා! පුතේ, ඔය ශිෂ්‍යත්වය බාරගෙන අනාගතේ බැබලෙන තරුවක් වෙයන්. (නි)