මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී අඩි තිහක් පමණ ගැඹුරැති උමගක් පිළිබඳ පරීක්ෂා කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශයේ නිලධාරීහු අද (10) ස්ථානීය පරික්ෂාවක් සදහා පැමිණියහ.
උමග හමුවු ස්ථානයේ ජල සබඳතාව ලබාදීමට නියමිත ස්ථානයක් වන බැවින් අලවංගුවකින් හාරන විට සිය අලවංගුව ගැඹුරට ගිය බවත් එය තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී අඩි තිහක් පමණ ගැඹුරැති උමං මාර්ගයක් දුටු බව එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප්‍රදේශවාසීයකු වන ඩී.එම්.හේරත් බණ්ඩා (58) මහතා පැවසීය.
තමන් මෙන්ම ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මෙම උමගට බැස බැලූ බවත් එහි ගැඹුරට ගිය විට හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබුණු බව ද එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුර ගමන් කිරීමට හැකිවූ බව ද ඔහු කීවේය.
නමුත් දැඩි අඳුර, අධික රශ්මිය හා හුස්ම ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ගම්මාසින් එහි නොගිය බව ද ඔවුහු කීහ.
මෙම උමං මාර්ගය ස්වාභාවික නිර්මාණය වූවක් ද නැද්ද යන්න පිළිබදව ඉදිරියේදී පර්යේෂණයක් සිදු කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජ මාවතෙන් උමගක් මතුවෙයි
නිලූ Tuesday, 11 October 2016 04:49 AM
ඒ කාලේ හිටිය රජවරුන් හදපු උමගක් (බ)
මිලින්ද Tuesday, 11 October 2016 04:53 AM
මේකෙන් සංකේතවත් කරන්නේ දැන්වත් කන බොන දේවල මිල පහත හෙළිය යුතු බවයි. නැත්තන් තව තව මේවගේ දේවල් රට පුරා හමු වෙයි. (බ)
තුසිත Tuesday, 11 October 2016 06:14 AM
ඉන්ද්‍රජිත්,නිලූ ඔයාලගේ කතාව හරි. සරත්, රාවණා රජ්ජුරුවො ගැන දැනගන්න අපේ හෙළ සිංහල ඉතිහාසය කියවන්න. විජය ලංකාවටත් එන්නට පෙර අපට හොඳ ඉතිහාසයක් තිබුණා (නි)
ඉන්ද්‍රජිත් Monday, 10 October 2016 03:41 PM
මා දන්නා පරිදි මේ වගේ උමගවල් රාවනා රජු විසින් තනා තිබෙන බව. (හේ)
බණ්ඩාර- කැකිරාව Monday, 10 October 2016 04:12 PM
මට නම් හිතෙන විදිහට මේ උමග හදන්න ඇත්තේ 1989 /1990 කාලේ කියලයි. එතකොට මට වයස අවුරුදු 8යි. (නි)
සරත් Monday, 10 October 2016 05:01 PM
ඉන්ද්‍රජිත්, එ් කියන්නේ ඔයා රාවණා රජ්ජුරුවොත් දන්නවද? (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 10 October 2016 05:15 PM
ඕක සමහරවිට ස්වභාවික උමගක් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඕකටත් කවුරුහරි ඇහැගහ ගනීවි කීයක්හරි හම්බකර ගන්න. පරීක්ෂණ ඉවර වෙනතුරු මේකට පොලිස් ආරක්ෂාව දැම්මොත් නරකද? (නි)
රන්ජන් Monday, 10 October 2016 09:17 PM
මේ යහපාලනේ යටිතල පහසුකම්. ඕක දිගේ ගියාම යාපනයට ගියහැකියි (නි)
රොකී Tuesday, 11 October 2016 12:56 AM
හරියටම හරි. රාවණා ඔතන සීතාව හංගලා තිබුන බවට ශිලා ලිපියක් තියෙන්නත් පුළුවන්. (නි)
සජී Tuesday, 11 October 2016 02:55 AM
දැන් කියයිද දන්නෙ නැහැ මේකත් යහපාලනයේ වෙනසක් කියලා (නි)