මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී අඩි තිහක් පමණ ගැඹුරැති උමගක් පිළිබඳ පරීක්ෂා කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශයේ නිලධාරීහු අද (10) ස්ථානීය පරික්ෂාවක් සදහා පැමිණියහ.
උමග හමුවු ස්ථානයේ ජල සබඳතාව ලබාදීමට නියමිත ස්ථානයක් වන බැවින් අලවංගුවකින් හාරන විට සිය අලවංගුව ගැඹුරට ගිය බවත් එය තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී අඩි තිහක් පමණ ගැඹුරැති උමං මාර්ගයක් දුටු බව එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප්‍රදේශවාසීයකු වන ඩී.එම්.හේරත් බණ්ඩා (58) මහතා පැවසීය.
තමන් මෙන්ම ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මෙම උමගට බැස බැලූ බවත් එහි ගැඹුරට ගිය විට හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබුණු බව ද එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුර ගමන් කිරීමට හැකිවූ බව ද ඔහු කීවේය.
නමුත් දැඩි අඳුර, අධික රශ්මිය හා හුස්ම ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ගම්මාසින් එහි නොගිය බව ද ඔවුහු කීහ.
මෙම උමං මාර්ගය ස්වාභාවික නිර්මාණය වූවක් ද නැද්ද යන්න පිළිබදව ඉදිරියේදී පර්යේෂණයක් සිදු කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ හිටිය රජවරුන් හදපු උමගක් (බ)
මේකෙන් සංකේතවත් කරන්නේ දැන්වත් කන බොන දේවල මිල පහත හෙළිය යුතු බවයි. නැත්තන් තව තව මේවගේ දේවල් රට පුරා හමු වෙයි. (බ)
ඉන්ද්‍රජිත්,නිලූ ඔයාලගේ කතාව හරි. සරත්, රාවණා රජ්ජුරුවො ගැන දැනගන්න අපේ හෙළ සිංහල ඉතිහාසය කියවන්න. විජය ලංකාවටත් එන්නට පෙර අපට හොඳ ඉතිහාසයක් තිබුණා (නි)
මා දන්නා පරිදි මේ වගේ උමගවල් රාවනා රජු විසින් තනා තිබෙන බව. (හේ)
මට නම් හිතෙන විදිහට මේ උමග හදන්න ඇත්තේ 1989 /1990 කාලේ කියලයි. එතකොට මට වයස අවුරුදු 8යි. (නි)
ඉන්ද්‍රජිත්, එ් කියන්නේ ඔයා රාවණා රජ්ජුරුවොත් දන්නවද? (නි)
ඕක සමහරවිට ස්වභාවික උමගක් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඕකටත් කවුරුහරි ඇහැගහ ගනීවි කීයක්හරි හම්බකර ගන්න. පරීක්ෂණ ඉවර වෙනතුරු මේකට පොලිස් ආරක්ෂාව දැම්මොත් නරකද? (නි)
මේ යහපාලනේ යටිතල පහසුකම්. ඕක දිගේ ගියාම යාපනයට ගියහැකියි (නි)
හරියටම හරි. රාවණා ඔතන සීතාව හංගලා තිබුන බවට ශිලා ලිපියක් තියෙන්නත් පුළුවන්. (නි)
දැන් කියයිද දන්නෙ නැහැ මේකත් යහපාලනයේ වෙනසක් කියලා (නි)