ලංඩන් වේලාවෙන් 4.24 ට කේට් කුමරිය පුතෙකු බිහි කළාය. දෙදෙනාම සුවෙන් පසුවෙන බව වෛද්‍යවරු කියති. පුත් කුමරුට මෙතෙක් නම තබා නැති අතර ඒ සදහා දින දහයක් වත් යනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
ලංඩන් වේලාවෙන් 4.24 ට කේට් කුමරිය පුතෙකු බිහි කළාය. දෙදෙනාම සුවෙන් පසුවෙන බව වෛද්‍යවරු කියති. පුත් කුමරුට මෙතෙක් නම තබා නැති අතර ඒ සදහා දින දහයක් වත් යනු ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් බණ්ඩාර මා ද්වේශයෙන් තමයි කතා කරන්නේ රටේ දුක් විදින අසරණ මිනිස්සු වෙනුවෙන්. මිනිස්සුන්ට වගා කරන්න පොහොර ඕනේ, අලි වැටවල් හැදුවේ නැත්නම් මිනිසුන් අලි ගහලා මැරෙනවා. රෝහල් වල බෙහෙත් හිගයක් පවතිනවා. බණ්ඩාරලා මොනවා ද දන්නේ ? සුරංගනා කතා කියන්නද?(නදී)
රණා,අධිරාජ්‍යවාදී මානසිකත්වය පවත්වාගන්නට ඔහෙලට මේවා ලොකු වුනාට අපේ රටේ සහෝදරියෙක්ගේ දරුවට වඩා මේ දරුවාගේ අපිට වෙනසක් නැහැ. උපන් කෙනා කවුරු වුනත් ඔය දරුවාව ප්‍රසිද්ධ කරන්න හදන්නේ දරුවාගේ උගත්කම,නැණවත්කම,ගුණවත්කම,යහපත්කම හින්දද ? න චච්චා වසලෝ හොති - න චචචා හොති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රහ්මනෝ ඒකේ තේරුම තමයි "කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපන් කුලය හෝ ජාතිය හෝ රට හෝ ආගම අනුව නොව ඔහු හෝ ඇය විසින් කරන ක්‍රියාව අනුව" කියන එකයි. (නි)
නිකන් කියන්නකෝ බලන්න ගැළපෙන නමක් (නි)
කුමරුන් කෙතරම් ලැබුවත් නිරතුරු රජකම නොලෑබෙයි දිගුකලක් යනතුරු (නි)
අපේ රටේ කට්ටියත් ලන්ඩන් යාවි සුබ පතන්න. (නි)
සනත් ඔබ තිත් ඉරි වැරදි තැන දාලා. වාසනාවන්ත පුතෙක් වෙන අටුවා ටීකා මොටද? අන්තිමට කොමාව නිසා ජීවිතයක් නැති උනාලු. සනත්ගේ තිත් ඉරිත් එහෙමයි.වැරදි තැන දාල. "මේ මිනිහා මරන්න එපා, බේරන්න" වෙනුවට කොමාව වැරදි තැන තිබිල."මේ මිනිහා මරන්න,එපා බේරන්න" කියල. (නදී)
අනේ අපේ රටෙත් කුමාරයෙක් ඉපාදුනා නමි.(නදී)
පත්තරේට ආපු අලුත්ම පිස්සු බඩු දෙක වීර හා සත්‍යපාල.(නදී)
රජ පවුලට පුතෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, ලෝකයටම තවත් බන්ධනයක් ඇතිවිය ...එබැවින් "විශ්ව රාහුල" නම යෝජනාකරමි.(නදී)
මගෙ උණුසුම් සුබ පැතුම්! (නි)
සත්‍යපාල, මෝඩකම ප්‍රදර්ශනය කරමින් බුද්ධ චරිතය විහිලුවකට ගැනීමෙන් වළකින්න (නි)
යමෙකුගේ පෙර ක්‍රියා අනුවයි භවය හෙවත් උපත තීරණය වන්නේ. ඒ නිසා යමෙකු වසලයෙක්ද නැතිනම් උතුමෙක්ද යන්න තීරණයවී ඇත්තේ ඔහුගේ උපත නිසා නොව එම උපතට හේතුවූ ඔහුගේ පෙර ක්‍රියා නිසයි. අඩු කුලේ වැඩ කරන අය හැමදේම අල්ලා ගන්නේ වැරදි කොනින්ය. ඒ නිසා සදාකල් ඔවුන් දුකට හා අගතියට පත්වෙනවා. (නි)
ඔන්න අපේ රටේ ජ්‍යෙතිෂවේදීන් නම් බය නැතුව කියයි මේ කුමරු අනිවාර්යයෙන් රජවෙන බව (නි)
අරුසියා, අපිට ඔයාලා ගැන පුදුම නැහැ. ඩොලර් සහ විසා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අය හැම රටකම සිටිනවා. (නි)
තවත් පුවත් මවන බබෙක් උපන්නා..(නදී)
රටට වාසනාවද මේ බබා ගෙනත් තියෙන්නේ.(නදී)
මොන පවුල් වුනත් රජ සැප විදින්නෙ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් තමයි (නි)
ජය වේවා! (නි)
කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කළාට සත්‍යපාල වගේ අය ගනන් ගන්නේ නැහැ.(නදී)
රජවරුන්ට කේන්දර එහෙම හදන දක්ෂ දෛවඥයෝ අපෙත් ඉන්නවා. (නි)
සජී,මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ ඔබය.බුද්ධාගම යනු මෝඩයන්ට නොව බුද්ධිය ඇති අයට ඇති ආගමකි. රාහුල නම නමක් පමණි. "ජාතෝ - බන්ධනං ජාතං" යනු පාලි වචන පමණි.මේවා භාවිතා කිරීම වරදක් වන්නේ අපායේ යන්නට බයට ආගම අදහන අයටය.මේවා බුද්ධාගමට අපහාස නොවේ.බුද්ධාගම අදහන්නට පෙර එය තේරුම් ගන්න. (නි)
මගෙ උණුසුම් සුබ පැතුම්! (නි)
අනේ අපේ අයියලා? ගෙදර බිරියගේ,දුවගේ,පුතාගේ උපන් දිනයවත් මතක නැහැ.කේට්ගේ,විලියම්ගේ උපන්දිනය සමරනවා. (නි)
රනා, බුදු හාමුදුරුවෝ එකෙන් අදහස් කලේ රාහුල කුමාරය නිසා ගිහි ගේ බන්දන වැඩි වූ බවය. උන් වහන්සේගේ චේතනාව වුනේ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමය. උන් වහන්සේගේ මහා කරුණාව අසමසමය. උන් වහන්සේ මේ ප්‍රකාශනය කලේ ගිහි ගෙදරින් නික්ම යාමට පෙරාතුවය. (නි)
මේවා මෙහෙම කිවුවට අපේ ලංකාවේ කෙනෙක් මොනවාහරි දෙයක් අළුතෙන් හොයාගත්තත් කවුරුවත් දන්නෙ නැහැ (නි)
දුමින්ද, රාහුලගෙන් ඇතිවුනේ ගිහි ගෙයි බන්දන නොව සංසාරයේ බැඳීම් බවයි එහි අර්ථය.පුතකු ලැබීමෙන් පියකුට සසරට බැඳීමක් ඇතිවන්නේ කෙසේදැයි වටහා ගැනීම ඔබ වැන්නන්ට නොව බුද්ධිමතුන්ට පමණක් අයත් කාර්‍යයක්. (නි)
හැබැයි අපේ අයට තරම් නම් සැප නැහැ..මොනවද ඔට්ටු?(නදී)
වාසනාවන්ත පුතෙක් ......වෙන අටුවා ටික මොටද?(නදී)
වරුණ කතා කරන්නේ පුදුම ද්වේශයකින්, ඊර්ෂ්‍යා කරන්න එපා ඔයා තවත් දුප්පත් වෙයි.(නදී)
අප රටට කෙසේවෙතත් මහා බ්‍රිතාන්‍යට මෙය ලොකු පුවතක් මේ බබාගේ ඉපදීම, සුබ පැතුම්! (නි)
සත්‍යපාල, සුරතල් සිඟිති පුතකුගේ උපත සිය දිවියට රාහු ලැබීමක් ලෙස සිතන්නේ කුමන ආකාරයේ පියවරුදැයි නොවැටහේ. (නි)
පසුගිය මේ සම්බන්ධ ප්‍රවෘත්ති වලදී වැදගත් අදහස් කීපයක් පළවුණා බ්‍රිතන්‍ය අපෙන් හූරා ගත් ධන සම්බාරය වන්දි වශයෙන් අය කර ගත යුතුයි යන වග දැක්වෙන එකකුත් සමග. මේකට මගෙත් පුර්ණ සහයෝගය (නි)