ප්‍රසව වේදනාවෙන් පසුවූ කේට් කුමරිය රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මින් මද වේලාවකට පෙර වාර්තා වූයේ ඇය පැඩින්ටන්හි ලින්ඩෝ වින්ග් ශාන්ත මේරි රෝහලේදී සාමාන්‍ය දරු උපතකට සූදානම් වන බවයි.

විලියම් කුමරු උපත ලබා ඇත්තේ ද මෙම රෝහලේදීය.

කෙනිස්ටන් මාලිගයේ සිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඇය රෝහලට රැගෙන විත් ඇත.

කේට් කුමරිය යනු කේම්බ්‍රිජ් ආදිපාදවරියයි.

රාජකීය දරු උපත ගැන මුලින්ම දෙවැනි එළිසබෙත් රැජිනට දැන්වීමට නියමිත බවත්, ඉන් පසු බකින්හැම් මාලිගයේ දැන්වීම් පුවරුවේ විස්තර පළ කරන බවටත් වාර්තා වේ.

දින දහයක සිට පැපරාසි කැමරාකරුවෝ හා වෘත්තීය මාධ්‍යවේදීහු රෝහල අසළ කඳවුරු බැඳ සිටිති.

බිහිව දරුවාට කේම්බ්‍රිජ් කුමරා හෝ කුමරිය ලෙස හැඳින්වෙනු ඇති බවත්, එහෙත් නම් තැබීමට දින 10ක් පමණ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.

කේටේ කුමරිය දරුවා බිහි කිරීමට තිබූ කාලය  සතියකින් ඉක්ම ගොස් ඇතැයි වෛද්‍යවරු කියති.