සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවන විට ඊට සහාය දුන් මහින්ද රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට විරුද්ධ වීම විහිළුවක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පැවැසීය.
‘‘එෆ් සී අයි ඩි ය නඩු අහන තැනක් නොවෙයි. හැබැයි එහෙම අවස්ථා තිබුණා. ඔබට මතක ඇති 1971 කැරැල්ල. ඒ කාලේ අධිකරණ තිබුණා. එහෙත් කැරැල්ලට සම්බන්ධ අයට එරෙහිව නඩු අහන්න සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටවූවා.
රූපවාහිනි ආයතනයක් පිහිටුවන්න අවුරුදු විසි පහක තරුණයෙකුට මෙතරම් මුදලක් ලැබුණේ කොහොමද කියා සිවිල් සමාජය විසමනවා.. දැන් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන විට එලොව පොල් පෙනිලා, සීනිගම දේවාලේට ගිහින් පොල් ගහනවා.
දැන් තියෙන්නේ පොල් ගහන්න නෙමෙයි. මේ මුදල් ලැබුණේ කොහොමද කියා කියන්නයි. එවිට උසාවියට පුළුවන් තීරණයක් ගන්න. දේවලවල ගිහින් දූෂණ වංචා වහන්න බැහැ. සීනිගම තියෙන්නේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ. අපේ කතාවක් විශ්වාසයක් තියෙනවා, හොරෙන් කඩා ගහන පොල්වලට වස් වදිනවා කියලා.
අද එෆ්.සී.අයි.ඩි ය පරීක්ෂණ පවත්වන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට අදාළ රූපවාහිනි ආයතනය ආරම්භ කරන්නේ මිලියන 340ක් ලැබුණේ කොහොමද කියලා. ඒ වගේම අද අනාවරණය වෙලා තියෙනවා තංගල්ල ‘බීච්‘ හෝටලය මිලදී ගන්න මුදල් වශයෙන් මිලියන 157ක මුදලක් ලැබී තියෙනවා කියා. ‘‘
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ -
මහින්ද රාජපක්ෂ පවුල් නිල ආදායම කොපමණ දැයි මම හොයලා බැලූවා. ඔහු පාර්ලිමේන්තුවට ඇවිත් තියන්නේ 1970 දී. 1970 පස්වැනි මාසේ 27 වැනිදා ඉඳන් 1972 පස්වැනි මාසේ 22 වෙනිදා වෙනකන් මාස 23 ක් මසකට රුපියල් 600 බැගින් 13, 800ක් ලබාගෙන තිඛෙනවා. ඔහු 1972 පළමු පාර්ලිමේන්තුවේ මාස 52ක් කටයුතු කරලා තියෙනවා. ඔහු එතකොට මසකට රුපියල් 1000ක වැටුප් ලබාගෙන තිඛෙනවා. පළමු පාර්ලිමේන්තුවේදී ඔහු ලබපු සම්පූර්ණ වැටුප 52,000යි. මේ ආකාරයෙන් දෙවැනි පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමෙන් ඔහු ලබපු සම්පූර්ණ වැටපු අට ලක්ෂ හැට හයදහස් පන්සිය පනහයි. තුන්වැනි පාර්ලිමේන්තුවේ එකතුව දහතුන් ලක්ෂ තිස් පන්දහස් හාරසිය හැත්තෑ පහක් ලබාගෙන තිඛෙනවා. සිව්වැනි පාර්ලිමේන්තුවේ ඔහු මාස 12ක් කටයුතු කරලා තියෙනවා. ඒ කාලයේ ඔහු ලබපු වැටුප්වල එකතුව හාර ලක්ෂ තිස්තුන් දහස් දෙසීයයි. පස්වැනි පාර්ලිමේන්තුවේ නව ලක්ෂ තිස් අට දහස් හය සියයි. හයවැනි පාර්ලිමේන්තුවේ හය ලක්ෂ අසූ පන් දහස් පන්සීයයි. 2005 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඔහු ජනපතිවරයෙක් ලෙස ලබපු වැටුප් වල එකතුව මිලියන නවයකුත් දෙලක්ෂ විස් පන් දහසක් ලබාගෙන තිඛෙනවා. 1970 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ආදායම කෝටි 1.35 කි.
නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයා මාස 61ක් වැටුප් ලබාගෙන තිඛෙනවා. ඒ කාලයේදී ඔහු ලබපු වැටුප්වල ආදායම මිලියන හතරකුත් එක් ලක්ෂ හාර දහස් තුන්සිය අසූ පහයි. යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳිලා තියෙන්නේ 2006 ඔක්තෝබර් මාසයේදී. නාවික හමුදාවේ ලූතිනන් වරයෙක් ලෙස වැටුපක් ලැබුවත්, 28,435 බැගින් 112ක්. එහි එකතුව තිස් එක් ලක්ෂ අසූ හතර දහස් හත්සිය විස්සයි. එහෙම බැලූවාම රාජපක්ෂ පවුලේ සම්පූර්ණ නිල ආදායම මිලියන විස්සකුත් අට ලක්ෂ තිස් නම දහස් හයසිය තිහයි. මිලියන විස්සක (කෝටි දෙකක) නිල ආදායමක් තිබුණු රාජපක්ෂ පවුලේ යෝෂිත රාජපක්ෂ මහතා සී.එස්.එන් නාලිකාව ආරම්භ කරන්න මිලියන 340ක් වැය කළේ කොහොම ද? ඒ සම්බන්ධයෙන් තමයි, අද පරීක්ෂණ සිදු වෙන්නේ. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
77-94 කාලේ දී ඔබ තුමාලා මහා ජනතාවගේ සතයක් වත් හොරකම් කළෙම නැද්ද?83 කලෙගෙඩිලාම්පු සෙල්ලම් දල කරපුව අද අමතක ද?රතු මල්ලිලා කලෙත් ඕකම තමා .ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙලා.එකයි වෙනස.(අ)
එදා රාජපක්ෂලාගේ කෝටිපතියන් සිටියේ නැහැ. අද කොහොමද? (නි)
මිලියන 340ක් වැය කළේ කොහොම ද කියල කියන්නේ නැත්නම්, ඇත්තටම පොලිසිය ක්‍රම දන්නැද්ද ඕක අහගන්න. දුප්පතෙක් නම් මෙලහටත් අහගෙන ඌ රෝහලේන් කැස්සට බෙතුත් අරන් ගෙදරත් ගිහිල්ල සනීපෙට නිදි. (අ)
මේ නීතිය අතීතයටත් 1997 සිට වලංගු වෙන්න හදන්න. එතොකොට හොරු සේරම් අල්ලන පුළුවන්.(අ)
ඇයි අර නැව් 6ක් අරගත්තා ඒ ගැනත් හොයලා බැලුවොත් හොඳයි නේද (බ)
දැන් ආණ්ඩු කරන කට්ටිය සහ නෑදෑයන මේවා පාඩමට ගත්තොත් හොදයි තමන්ගේ සහ රටේ අනාගතයට (අ)
අපේ රටේ කොච්චර අඳ බාලයෝ ඉන්නවද කියල පේනවා, බන්දුල ගේ තිලක් ගේ අදහස් දකිනකොට. ඕන කෙනෙක් රටක නායකයා කරන්නේ තියෙන ප්‍රශ්න විසඳන්න තමයි. නැතුව නිකම් කකා බිබී ඉන්න නෙමෙයිනේ. අනිත් එක මහින්ද යුද්දෙට පස්ස ගහන කොට රතන හාමුදුරුවෝ තමයි තල්ලු කළේ. යුද්දේ හරියට කළේ සරත් ෆොන්සේකා. මහින්ද ඒ ඔක්කොම යට කරලා මිනිහ තනියම කල වගේ කියවනවා. අනිත් එක, යුද්දේ කළා කියල රටේ සල්ලි හොරකම් කරන එක සාධාරණ වෙන්නේ කොහොමද? (බ)
බුදු දහමේ හැටියට මහජන මුදල් හොරකම් කිරීම ගෙවා නිම කල නොහැකි පාපකර්මයකි (අ)
බලාගෙන ගියාම හිතුවට වැඩිය හොරකම් කරලනේ. පුදුමයි මුන් සල්ලි අච්චු ගැහුවේ නැති එක. මහින්ද නම් ආයේ බැට් කරන්න බැරිවෙන්නම අවුට් වෙලා වගෙයි (අ)
එකම සංවර්ධනය රාජපක්ෂලා ගැන සොයන එක. (ර)
ඔය කාරණය ඇත්ත නම්, කොයින්ද ඔය තරම් සල්ලි. (අ)
තවමත් "මොළය අමාරුකාරයෝ" ඉන්න එක ගැනයි මට පුදුම. (නි)
කපිල, 1997 ඉඳල ගණන් බලන්න පුළුවන් ඒ අයත් මෙහෙම හොරකම් කරලා තියනවනම්. අපි නම් දන්නා කලෙක මෙහෙම හොරකම් නම් දැක්කේ නැහ. මේවා මහජනයාගේ සල්ලි කපිල අපි සන්තෝස වෙන්න ඕනේ මේ වගේ අය හිරේ දානවට (අ)
මහින්ද ජනපති තුමා රට බේර ගත්හ නිසා ,අපිට බැරිද එතුමාගේ ගෙදර අයට සමවා දෙන්න ? එතකොට හරිනේ ...ටිකක් හිතන්න කෝ ... (බ)
රටේ වෙන වැඩක් නැහැ... (ර)
ගෙදරට පැනල මොනවා හරි උස්සන් ගියත් අවුලක් නැහැ යුද්දේ දින්නනේ. මෝඩ කමද වහල් කමද? (බ)
කරුණකරලා දැන්වත් ජෙනරල් ෆොන්සේකාට සියලු පරීක්ෂණ කරන්න බාර දෙන්න.රට වෙනුවෙන්,බදු පිට බදු ගෙවපු රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් ඒ යුතුකම ඉස්ට කරන්න. (බ)
මලකෙලියය් මෙහෙම ගණන් හැදුවොත් පාර්ලිමේන්තුවේ ඉන්න අයට අපේ පොකට්ටුවෙන් තමයි කන්න දීල තියෙන්නේ ! මෝඩ කම තිබුනට පෙන්නන්න හොද නෑ...(අ)
2005 කාලයේදී ජනාදිපතිවරණයට පෝස්ටර් ගහන්නවත් සල්ලි නැති බව රූපවාහිනී සමුක සාකච්චාවේදී රාජපක්ෂ මහතා පැවසුවා. නමුත් වසර දහයකින් බිලියන් ගණක දේපලවලට උරුමකරයක් වෙලා.? (ර)
ඩුබායි රටේ පමණක් ගිණුම් 8 ක රුපියල් කෝටි 46,782 ක් (ඩොලර් කෝටි 339) තිබෙනවා කියල දැනට කරන පරික්ෂණ වලින් පෙන්වල දීල තිබෙනවා. (බ)
මහින්ද මාමා කොහොම කිව්වත්. මේවා පිළිගන්නේ. නැහැ , මහජනතාවට තියෙන්නේ. අපේ සල්ලි හොරෙන් කාපු අය ඇඹරිලා යන්න ගිහින් දේවාලෙට අබ අම්බ්රන්න (අ)
ඇටෝනි බලයක් අරගෙන යෝෂිත සාමාන්‍ය ගුවන් යානයකින් ඩුබායි ගියේ ඩුබායි රටේ තිබෙන ධනස්කන්දය ලෝකයේ වෙනත් රටකට අරගෙන යන්නයි. (බ)
මට මේ නිකමට වගේ මතකෙට ආවේ, පෘතුගීසි කාරය අපට පාන්ගෙඩිය හඳුන්වල දුන්නු දා ඉඳල 2005 වෙනකොට පාන්ගෙඩිය රුපියල් 17 ක් වෙලා තිබුන. 2005 ඉඳල 2014 වෙනකොට පාන්ගෙඩිය රුපියල් 55 වෙලා. (අ)
දැන් නැවතත් පාන්ගෙඩිය රුපියල් 50යි .රුපියල් 5කින් මේ ආණ්ඩුව පාන් මිල අඩුකළා. (අ)
මේ ගණන් හරියට හරි නේද (අ)
තිලක් ඔයාගේ මොලේ හිලක්? (බ)
දන්නැති හින්ද අහන්නේ , ඔය මූලික වැටුප විතරයි නේද එකතු කෙළේ ? එතකොට දීමනා හා වෙනත් ආදායම් (වාහන පෙර්මිට්) එකතු කොලොත් කොහොමද ආදායම? (අ)
විශ්වාස කරන්නත් අමාරුයි (අ)
ඔය මොන බයිලා කිව්වත් වැඩක් නැහැ. කොටිය මතක තියෙන බහුතර ජනතාව මහින්දට සලකන එක අඩු කරන්න බැහැ. ඔහෙලා මහින්දට පුදුම බයක් තියෙන්නෙත් එක තමා. අනේ මොනවා හරි රටට, ජනතාවට වැඩක් කරන්න පටන් ගන්නකෝ දැන්. ඔයාල ඇවිල්ල අවුරුද්දකටත් වැඩියිනේ.(අ)
කෝ තවම කතා විතරයි වැඩ නැහැනේ (අ)
බැරිද මේ විදියට ගණන් හදල අර කලින් හිටපු -----රැජින එංගලන්තෙන් මාලිගාවක් ගත්තේ කොහොමද කියන එකත් හොයන්න. (අ)
කොටින්ම තේරෙන භාෂාවෙන් කියනවනම් මිනීමරු ප්‍රභාකරන්ලා වගේ 35 දෙනෙකුට අවරුදු 35 කදී කරන්න බැරි වුන ආර්ථික විනාශයක් පසු ගිය අවරුදු 7-8 තුලදී රටට කරලා තිබෙනවා. (බ)
මෙයාල හිතෙන හිතෙන ගණන් කියනවා කිසිම සාක්ෂියක් නැතිව. (ර)
පසු ගිය කාලේදී හැපී දන්නා කියන කිසි උගත් කමක් නැති ,හන්දි ගානේ චාර්ටර් වේවි හිටපු ත්‍රිවිලර් කාරයත් රාජපක්ෂලාගේ "හුලග" වැදිලා රුපියල් කෝටි ගණන් වටිනා අධි සුඛෝපබෝගී නිවාස 2-3 කට,රුපියල් කෝටි ගණන් වටිනා යාන වාහන 2-3 කට හිමිකම් කියද්දී,රාජපක්ෂ වරු ගැන කුමට කතාද? (බ)
ඒ මිනිස්සුන්ට වෙන ආදායම් මාර්ගයක් තිබෙන්නම බැරිද? (නි)
රාජපක්ෂලා දේශපාලන බිමෙන් අතුගා දැමීම පමණයි සමහර අයගේ බලාපොරොත්තුව. මහජන මුදල් මේ දෙපාර්ශවයම කොල්ල කා තිබෙනවා. අපි මැරී ඉපදුන අය නොවෙයි. (නි)
මහින්දට මැදමුලනේ තිබෙන ආදායමෙන් වෙන්න ඇති ඕවා කළේ (නි)
අනේ මේ ලොකු ලොකු කතා නැතුව වැඩක් කරනවද? (නි)
කවුරුහරි චෝදනාවක් කරනවා නම්, තමන් නිර්දෝෂී නම් එක එක දේවාල ගානෙයි පන්සල් වලටයි නොගිහින් බයනැතුව ඉදිරිපත් වෙලා තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පුකරලා පෙන්නුවා නම් නේද හොඳ? (නි)
දැන් මේ පෙන්නලා තියෙන්නේ එයාලගේ වැටුප් විස්තරෙනේ. එයාලට අයිති ඉඩකඩම් වලින් ලැබුන අදායමයි ඒවා ආයෝජනය කරලා ලැබුන අදායමයි එකතු කරලා බැලුවොත්... (ර)
මේක මාර ගණන් හැදිල්ලක්. අපිට සීයාගෙන් ඉඩමක් ලැබුනා. එක කොටිගනක් වටිනවා. සීයගේ ආදායම එකතු කලානම් එකේ තියෙන කම්බි කණු ටිකවත් ගන්න බැහැ. (ර)
රුචී, එහෙනම් ඔයාට බැරිද හරි ගණන් පෙන්නලා එයාලා නිදොස් කරන්න ? (ර)
ඔයිට වැඩියේ දේවල් කිවුවේ ඡන්දෙට ඉස්සර අපිට මතකයි . (ර)
ආයෝජනය වෙනත් ආයෝජකයින්ගේ වෙන්නට බැරිද? හැම සමාගමකම සම්පුර්ණ ආයෝජනයම සභාපතිගේද? නැහැ නේද? (ර)
ඔය විදියටම නැවු හිමි ඇමතිලා නැවු ගත් හැටිත් හොයා බැලුවොත් නරකද? (ර)
තව මත්රිකෙනෙක් කිවුවා නේද එකවුන්ට් එකේ ගැනත් අහින්ම දැක්ක බවත්? කෝ දැන් ? (ර)
හැමෝම සමාගම් අරඹ කරන්නේ තමන්ගේම මුදලින්ද? ඒවාට තමයි ආයෝජකයින් ඉන්නේ. (ර)
මෙහෙම ගණන් හදන අයද අපේ සංවර්ධනය ගැන තීන්දු ගන්නේ? පහේ පන්තියේ ළමයෙක්ගෙන් මුල ඉඳලම ඉගෙන ගන්න වේවි (බ)
තමන් නිර්දොශිනම් ඔප්පුකර පෙන්වන්න. (ර)
බන්දුල පෙරේරා මහතාගේ අදහසට මම එකඟයි. (ර)
අපොයි දෙවියනේ! (නි)
පේනවා නේද ආදායම? (නි)
ගණන් හැදීම නම් නියමයි. මහින්දලාට වෙන ආදායමක් ඇත්තෙම නැද්ද? (නි)
හරියට හරි සරත්. (ර)
දිනේශ, නොදන්නා දේවල් ලියන්න එපා. මාළිගා නෙමෙයි ඕනෑ දෙයක් ගන්න පුළුවන් ඕනෑ කෙනෙකුට හම්බකරලා (නි)
පාර්ලිමේන්තුවේ වැටුප් වාර්තා වලටත් "හිතෙන ගණන් කියනවා" කියන්නේ කොහොමද? මේවට කට දාන්න කලින් දහම්ල රුවිලා ඉල්ලක්කම් එකතු කරන්න අඩුකරන්න ඉගෙනගන්න ඕනෑ. (නි)
දහම්, මහින්දට බය වෙන්න කිසිම හේතුවක් මට නම් පෙනෙන්නේ නැහැ. එයා දෙපාරක්ම දැන් පරාද වුණා නේද? හැබැයි මහින්ද නම් මේ දවස් වල හොඳටම බයවෙලා ඉන්න බව පේනවා. ඔයාලම මෙච්චර කල් ඇහැවා කෝ හොරු ඇල්ලුවද කියලා? දැන් කියනවා හොරු අල්ලන එක නතර කරන්නලු. මට පෙනෙන්නේ ඔයාලා හොරු අල්ලනවට පුදුම බයක් තියෙන්නේ (නි)
සමන්, ඉස්සර වගේ දැන් දේශපාලකයන්ට ඕනෑ අයව අල්ලාගෙන ගිහින් හිරේ දාන්නේ නැහැ. දැන් පරීක්ෂණ කරලා වැරදිකාරයන්ව අල්ලාගෙන ගිහින් හිරේ දාන්නේ. යෝෂිතත් හිරේ කියලා අමතකවෙලානේ ඔයාට (නි)
මෙතුමලා පරන්පරවෙන් පොහොසත් උදවිය. (ර)
රුචී, පඩියත් එක්ක අපිට පෙනෙන ආදායම තමයි ඒ කියලා තියෙන්නේ. දැන් රාජපක්ෂලාගේ වගකීම තමයි අනිත් මුදල් හොයාගත්ත විදිය කියන එක. මොනවද අනිත් ආදායම් මාර්ග ආදී වශයෙන්. (නි)
සමන් කියන එක නම් ඇත්ත තමයි. නිකන් ජනතාවට විහිළු සපයන්නේ නැතුව ඉක්මණින් දූෂිතයන්ට දඬුවම් කරලා පෙන්නන්න. මිනිස්සු ජනවරමක් දුන්නේ ඒකටනේ. (නි)
ඉතාම හොඳ ඉදිරිපත්කිරීමක්. ඒ වගේම කිවයුතු තව දෙයක් තිබෙනවා. මේ ගණනය කිරීම් වලදී ඔවුන්ගේ වියදම් සඳහා කිසිම අඩුකිරීමක් කරලා නැහැ. ඒ කියන්නේ කෑමට - බීමට, ඇඳුම් -පැළඳුම් වලට, ගමනාගමනයට ආදී දේ සඳහා මේ ආදායමෙන් අඩුකරලා නැහැ. සම්පුර්ණ ආදායම ඉතිරි කිරීමක් කියන උපකල්පනය අනුවයි මේ ගණන් හැදීම කරලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා නේද වැඩේ බරපතලකම (නි)
කියන්න වචන නැහැ....සිංහලයන් මේ තරම් මන්ද බුද්ධිකද කියල හිතෙනවා. අද ප්‍රශ්නය හොරකමද ? පාවා දීමද ? (බ)
හරි හරි කතාව අඩු කරලා, රාජපක්ෂලා හොරකම් කරපුවා ජනතාවට බෙදා දීලා හොරු සෙට් එක හිරේ දාන්න. (නි)
ඔබතුමන්ලාගේ ගණන් හිලව් හරි හෝ වැරදි වුණත් සාමාන්‍ය බුද්ධියක් ඇති කාටත් සිදුවී ඇති වංචාවන් තේරුම් ගත හැකිය. බොහෝ අයගේ නොදැනුවත්කමට එය ත්‍රස්තවාදය අවසන්වීමට දීමනාවක් වියයුතු බවට සිතනු ඇත. බොහෝ කලක් විදේශ රටවල සේවයේ යෙදී ඔය කියන මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයක් රටට එවා ඇති මට, තවමත් ඉන්න හිටින්න හරිහැටි ගෙයක් දොරක්වත් පිළිවෙල කර ගැනීමට නොහැකි වී ඇත්තේ දාඩිය මහන්සියෙන් උපයන මුදල් නිසාද, නැත්නම් දේශපාලනයෙන් සොයා නොගත් මුදල් නිසාද යන්න තේරුම්ගත නොහැකිය. (නි)
ආර්ථික විද්‍යාව දන්නේ නැහැ වගේ. මේ මුදල මිශ්‍ර ආයෝජන පොළිය ගණනය කරන්න. රජයේ ප්‍රතිසම්පාදන උපදේශන වගන්ති අනුව ලබන ගෙවීම් ගණනය කරන්න. රජයේ ව්‍යාපෘති ගෙවීම් ගණනය කරන්න. මේ සියල්ලගේම වර්තමාන අගය ගන්න. එවිට සැබෑ අරමුදල සොයා ගන්න පුළුවන්. චීනයේ අවුරුදු 17 කෝටිපතියෝ ඉන්නවා. සැබෑවටම මුදල් නැහැ. ඔක්කොම ණයට. නැත්නම් ආයෝජන කළ අය (නි)
එක කාලයක් කිව්වා කේ. පී. ගෙන් ලැබුණ සල්ලි සියල්ල ගත්තා කියලා. කෝ ඉතින් ගත්ත සල්ලි? බොරු කතා. අපි කවදත් මහින්ද මහත්තයා එක්ක (නි)
දේශපාලකයින් ගොඩක් වෙලාවට පිටරට සවාරි යන්නේ තමුන්ගේ හිතවතුන් තෑගි ලෙස දෙන ගුවන් බලපත් වලින්. (නි)
ලස්සනට ගණන් ටික හදලා පෙන්නලා තියෙනවා. ඔය විදියටම අනෙක් කට්ටියගේත් ගණන් හදලා බලන්න ඔය මන්ත්‍රී වැටුපෙන්ද මේච්චර හරියක් කට්ටිය කරන්නේ කියලා. වීශේෂයෙන් ග්‍රාමසේවක වැටුපෙ ඉඳන්ම. කාටද මේ විහිලු සපයන්නේ? රාජපක්ෂවරු හොරකම් කළාම කියමුකෝ. අපි නම් ඒ හොරකම් වලින් උපයපු ගණන් වලින් මේ රටේ නැතිකළ මරබියේ වටිනාකම, ඉතුරුකළ ජිවිත වල වටිනාකම, ඉතුරුකළ මහජන දේපල වල වටිනාකම, අබ්බගාත ශරීර, වැන්දඹුවෝ බිහිවීම වැළැක්වීමේ වටිනාකම, අපේ දරුවන්ට නිදහස් රටක් හෙට දවස වෙනුවෙන් ලබාදීමේ වටිනාකම එහෙම අඩුකරලා තමයි ගණන් බලන්නේ. එහෙම බැලුවොත් අපි පරම්පරා හතක් ගෙව්වත් ගෙවා ගන්න බැරි තරමට ඒ රාජපක්ෂ පරම්පරාවට ණයයි. (නි)
තව අයගේ දේවල් තිබෙනවා. ඒ සියල්ලම හොයන්න. (නි)
කවුද කියන්නේ මම කොන්ඩේ බැදලා කියලා, ඇයි එහෙම පේනවද ? (ර)
දහම්, දිනේශ, හරියටම හරි (නි)
ආර්ථිකය ගොඩදාගන්න බැරි අය බැරිකම වහගන්න මහින්දව පෙන්නනවා. ඔයාලට යුද්ධයක් කරන්න නැහැනේ. මතක තියාගන්න, අපි දැන් බලා ඉන්නේ ඕගොල්ලෝ මේ ආර්ථිකේට කරන දේ ගැනයි. ඔය බොරු හොඳයි කොණ්ඩය බැඳපු තිලක් ඩුබායිලට (නි)
අනේ දෙයියනේ! ආදායම් බදු දෙපාර්තමේන්තුවට අපි කියමු මුළු ලංකාවේම මිනිසුන්ගේ ආදායම් මේ විදියට ගණනය කරන්න කියලා. ඔය වගේම ග්‍රාම සේවකලාගේ ආදායමත් හොයමු (නි)
බන්දුල පෙරේරා මහතාණෙනි, මමත් ඔබ සමඟයි. අන්තිම ලේ බින්දුවත් ඔහුට ණයයි. (නි)
ඔබට මතකද 1985 කාලේදී ජනාධිපති කොමිසම? හොරුන් අහුවෙනකොට කොමිසමත් නැවතුණා (නි)
පහුගිය රජයේ මැති ඇමති විශාල පිරිසක් විශාල වශයෙන් පවුල් පිටින් පිටරට සවාරි ගියා. මේවා ගියේ මහජන මුදලින්ද? ඔවුන්ගේ මුදලින්ද? මේවා යන්න සාධාරන කරුණු තිබුණද කියලා හොයා බැලුවොත් නරකද? (නි)
මේවට දඬුවම් දියයුතුයි. නැත්නම් රටේ මිනිසුන්ට දැනගැනීමට ලැබීමත් ලොකු දෙයක්. රට හදනවා කියලා කරලා තියෙන දේ...? අපිත් ඡන්දෙ දුන්නා තමයි. ඒත්? (නි)
හැබැයි මේ ගණන් බැලිල්ල අනිත් පැත්තෙ අයටත් බැලුවා නම් තමයි සාධාරණ. මොකද ඒ පැත්තෙත් ඔය වගේ අය ඕනෑතරම් ඉන්න ඇති. (නි)
එතකොට අර සමහරුන්ගේ සුපිරි බී.එම්.එබ්ලිව්. එහෙම ගත්තෙ කොහොමද කියලත් හොයමුද? (නි)
කෝටි දෙකත් එච්චර දෙයක්ද දැන්? අනෙක් අයගේ ආදායම් ටිකත් හෙළිකළොත් හොඳයි. ඒවා කෝටි දෙකකට එහා. මේක මේ පවුලක ආදායම. තවත් අපිට අං තට්ටු දාන්න එපා. ඒවට අහුවුණ කාලේ ඉවරයි (නි)
හරි හරි දැන් එහෙනම් තෙල් මිලයි බඩු මිලයි අඩුවෙයි බින්දුවටම. කුණු අවුස්ස අවුස්සා මිනිසුන්ට සැබෑ ප්‍රශ්න අමතක කරවන්න හදන්නේ නැතුව මොකක්හරි ප්‍රයෝජනවත් වැඩක් කරනවද කරුණාකරලා? (නි)
2005 ජනාධිපතිවරණයට වියදම් කරන්න සල්ලි නැතුව, වෙනත් අයෙකුගෙන් සල්ලි ගත්තා කියලා කෙනෙක් ප්‍රසිද්ධියේ කිවුවා. එහෙම නම් ටීවී චැනල් පටන් ගන්න කෝටි ගණන් මුදල් ලැබුනේ කොහොමද? ඔය ගණන් බලලා තිබෙන්නේ ලැබුන ආදායම පමණයි. වියදම් අඩු කළවිට ඉතිරිය තවත් අඩුයි. කොහොම ගේමක්ද දී තිබෙන්නේ? මේවට විරුද්ධව කටයුතු කරන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද? මෙය ජනතාව වෙනුවෙන් කරන යුතුකමක්. (නි)
මහ බැංකු කොල්ලය පරාදයි (නි)
කේ. පී. අත්අඩංගුවට ගන්නකොට ඔහු ළඟ කොච්චර මුදලක් තිබුනද කියලා කව්රුවත් කියන්නේ නැහැනේ. (නි)
ප්‍රභාත් මහත්තයෝ, කේ. පී. ළඟ විශ්වාස කළනොහැකි තරම් දැවැන්ත මුදල් සම්භාරයක් තිබුනා වෙන්නත් පුළුවන්. (නි)
මොවුන්ට දෙන්න ඕනෑ රජකාලේ දඬුවම් (නි)
අර මහබැංකුවේ සල්ලි හොරකම් කළේත් රාජපක්ෂ කෙනෙක්ද? දැන්වත් ඔය කියවිල්ල නවත්වන්න. වැඩ කරන්න. දැන් අවුරුද්දක් ඉවරයි. (නි)
ජනාධිපතිවරණයට සෙනඟ අදින්න ලංගමෙන් බස් අරගෙන ගෙවන්නේ නැතුව කෝටි ගානක ණය තියෙනවා කිව්වා නේද? කෝ ඉතින් අය කරගත්තද? බොරු සද්දේ විතරයි. එහෙම ඇත්තටම තියෙනවා නම් කාගෙන්හරි ඒවා අයකර ගන්න එපායැ. (නි)
ඔයාලට බැරිනම් මේක හොයාගන්න, කොටදෙනියාව පොලිසියට බාරදෙන්න (නි)
මේක කාටද අයිති කියලා මම දන්නෙ නැහැ. පසුගිය දවස්වල ගිය වාර්තා අනුව මේක එක් අයෙකුට අයිති එකක් නෙමෙයි. මිනිස්සු ව්‍යාපාර කරන්නෙ අතේ සල්ලි තියාගෙන නෙමෙයි. (නි)
මේ අලුත් මහබැංකු වංචාව හොයලා ඉන්න. අනික අපි දන්නවා ඔය කොයි අයියලා ආවත් හොරකම කරනවා කියලා. අපිට සුදුලූණු පොඩි කරන්න එපා. බඩුමිල අඩුකරලා රට දියුණු කරන්න (නි)
මහින්ද මහත්තයා ප්‍රභූ ගුවන් යානයක් ගත් එකටත් සමහරු බැන්නනේ. එතුමාගේ ගමන් බිමන් යන්න වෙනම ගුවන් යානයක් තියෙන එකේ වැරැද්ද මොකද්ද? (නි)
අධික වේගයෙන් අධි වේගී මාර්ග විතරක් හදනකොට අපි හිතුවා. (ර)
ඔන්න ඔය පුරස්නවලට උත්තර දෙන්නේ නැතුව, "මෙන්න පලි ගන්නවෝ!" කියලා ලතෝනි ගැහුවට ඔලුවේ මොලේ කලඳක් තියන මිනිස්සු ඒක ගණන් ගන්නේ නැහැනේ. (ර)
ඉතාම වටිනා ගණන් බැලීමක්. (ර)
ඔබ තුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (ර)
හිතන් හිටියේ මුළු රටම රාජපක්සලගේ කියලනේ .අනිත් අයටත් හොඳ පාඩම්. (බ)
මේ විස්තර දීල තියෙන්නෙ රාජපක්ෂලගේ අතිරේක ආදායම් වල පමණයි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තවම හරියට එලිදරව් වෙලා නැහැ (බ)
හොරකන් කලපු අයට උපරිම දඬුවම් දෙන්න ඔනේ. හැබැයි එක කටිටියකද විතරක් නෙවෙයි ඔක්කොටොම. (අ)
ඕවා නවත්තලා දැන්වත් රට සංවර්ධනය කරන්න පටන් ගත්තොත් නරකද? (නි)
රාජපක්ෂලා දේශපාලන බිමෙන් අතුගා දැමීම වළක්වන්න කාටවත් බැහැ. (නි)
මෙම වරද වෙනුවෙන් මුදල් විශුද්ධිකරන පනත යටතේ අවුරුදු 20ක් හිරේට සහ මෙම මුදල මෙන් ( මිලියන 340) 3 ගුණයක් ආපසු ගෙවිය යුතු වේ.... එ්ක නිසා මෙය නිවැරදිව ඔප්පු කර හරි නිවැරදි නීතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න....(බ)
රාජපක්ෂලාගේ වත්කම පමණක් "රුපියල් කෝටි වලින් ලක්ෂ එකසිය විස්සක්". "ඇමරිකානු ඔස්තාර්ලට" පවා පිස්සු හැදිලා තිබෙන්නේ මේ සා විශාල ධනස්කන්දයක් ගසා කෑවේ කොහොමද කියලා. (නි)