ඖෂධීය වටිනාකමකින් යුත් ඉපැරැණි වී වර්ග 3000ක් සිංහල රජ දවසේ පැවැති බවත් ඉන් වර්ග 1487ක් පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය සොයාගෙන ඇති බවත් එයින් ද වී වර්ග 160ක් දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කළුතර ආදි ප‍්‍රදේශවල වගා කැර ඇති බවත් දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ සභාපති පී. ගුරුසිංහ මහතා කියයි. කාය ශක්තිය වඩා දියවැඩියා, ස්නායු හා මුත‍්‍රා රෝග, පිළිකා, නැසීමේ ගුණයක් ඇති බව කියන මා වී, සුවඳැල්, කළු හිනැටි, රත්දැල්, පොක්කලි, දහනල, කුරුළුතුඩ, හැට දා වී සහ මඩතවාලූ ද එම ගොවිපොළ වල වගා කැර තිබේ.
ලුණු ගතිය වැඩි බූන්දල ‘‘ පොක්කලි’’ ද හෝමාගම සූදුරු ද පර්යේෂණ සඳහා රෝපණය කර ඇත. ගුරුසිංහ මහතාගේ දුරකථනය 0717836803
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්
ගොවි සංවිධානයට බොහෝම ස්තූතියි
මම පොඩි කාලේ තාත්තා එක්ක මේ වගේ පැරණි වී වර්ගයක් වැපුරුවා අනේ ඒවා ආයෙත් දකින්න ලැබුනොත් අපුරුයි ඒවා දැක ගැනීමට ලැබුනොත් වාසනාවක්
මේවා නැවත අහන්න ලැබීමත් ලොකු සතුටක් මෙම ගොවි මහතුන්ට අපේ ප්‍රණාමය ඔබලාට ජයවේවා
ඉතා අගය කරමි. ශක්තිය දිරිය ලැබේවා! පැරණි වී වර්ග වලට කැමති අය සිටිනවා. ඒ අයට බිත්තර වී ගන්න උපදෙස් දෙන්න ක්‍රමයක් හදන්න
අපූරු වැඩක්
තොරතුරු ලබාගැනීම සදහා දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය. නො 10. ප්‍රගති මාවත හෝමාගම දුරකථන අංකය /ෆැක්ස් කාර්යාලයය- 0112894357 e mail- [email protected] [email protected] වේබ් අඩවිය www.ranketha.org Face book. Ranketha Traditional Rice
විශිෂ්ඨයි! ඔබට දිරිය ශක්තිය ලැබේවා! අපටත් මෙම සහල් ලබාගත හැකි ක්‍රමයක් කියන්න.
අපේ කම රකින මෙවැනි මිනිසුන්ට සුබ අනාගතයක් වේවා!!
මෑතකදී අහපු හොදම පුවත. රසායනික පොහොර ටිකයි කෙමිකල් ටිකයි ලංකාවෙන් අතුගාලා දාමු
හරිම අපූරු වැඩක් අපේ දේ අගය කිරීම වැදගත්
ජාන හොරුන්ගෙන් ඔය වී රැකගන්න එක තම්යි කෙරෙන්න ඕන.
අපේ හෙළ ගොවිතැන බහුජාතික සමාගම් ගිලගෙන යනවා. රටින් ඇටටික නාවොත් අපි වවලා ඉවරයි. කෙමිකල් වලින් රට නාවලා මළ පසක් විතරයි දැන් තියෙන්නේ.දේශිය බීජ භාවිතයට, කාබනික ගොවිතැනට හා අවම රසායන භාවිතයට ගොවීන් යොමු කිරිමට දරන උත්සාහය අගය කරමින් අවශ්‍ය සහයෝගය ලබා දීමට අදහස් කරනවා. (නි)
ඉතා ගුණ දායි ආහාරයක් (දී)
මේ දේ අපේ අනාගතය සදහායි... ස්තූතියි! (නි)
නියමයි ! (නදී)
කුඹුරු ගොඩකර විකිණීමට යෝජනා කල රජයකුත් ටික කලකට පෙර තිබුණා. මෙම වැඩ පිළිවෙල එම අයට ආදර්ශයක් වෙනු ඇත. (දී)
මෙම වී ලබාගෙන වගා කිරීමට ලබාගත හැකිද ? [email protected] අනේ කරුණාකර දන්වන්න. (බ)
මම දේශීය දෙය අගයන පුද්ගලයෙක්මි. මෙම වී සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නේ කෙසේද? (නි)
අගේ කළ යුත්තක්!
රජ කාලේ අපේ වැඩ අපූරුයි සුබ අනාගතයක් වේවා!!!!
අපේ කම රකින මෙවැනි මිනිසුන්ට සුබ අනාගතයක් වේවා!!
අපිටත් යහමින් බත් ටිකක් කන්න ලැෙබයි
මෙය සැබවින් ම ලස්සන පුවතකි! කෘමිනාෂක වලින් වැනසී ගිය සියල්ල නැවත ගොඩනැගිය යුතුයි. අද ලෝකයේ (විශේෂයෙන් බවහිර ලෝකයේ) ආහාර දාමය ඉතා බිය ජනක ආකාරයෙන් පිරිහී ඇත! අමෙරිකාවේ ෆාස්ට් ෆුඩ් නිසා ස්ථූලතාවය. දියවැඩියාව ආදී රෝග පැතිරෙමින් පවතී. එබැවින් පැරණි ආහාර පද්ධතිය වෙත නොගියොත් ලෙඩුන් පමණක් ඉතිරිවේවි! අපේ සුබ පැතුම්, ඒ මහත්වරුන් සියල් දෙනාට ම!
ඇත්තටම මමත් ආසයි ..ඔය වී වගා කරන්න. මට මේ ගැන විස්තර දැනගන්න පලුවන්ද
අගය කල යුතු කටයුත්තකි, සැබෑ ගොවියන් අතර බෙදා දුන්නොත් තවත් වසර ගනනාවක් අපේ උරුමයක් ලෙසම පවතිනු ඇත.
නියමයි !නියමයි!
මෙවැනි අගනා,වී වර්ග තව ප්‍රචලිත කරලා...මුලු රටටම අපේ කම කියා දෙන්න.මෙවැනි දේ දැයට ලබාදෙන ඔබලාට..දීර්ඝයුෂ ලැබේවා..!!!චින්තක රාජපක්ෂ,ඉතාලිය.
නියමයි... ඔන්න ඔය විදිහට අපේ තිබුන දේවල් ( බලහත් කාරයෙන් යට කර දමන ලද ) ආයෙත් මතු කරලා ගත්තොත් අපිටත් කලක් යයි...
ඔය වගේ අය රටට ආදර්ශයක් මේ වගේ දේ ගැන උනන්දුවත් අගේ කළ යුතුයි මම දන්න විදියට ඔය ගොවිපොළ තියෙන්නේ හෝමාගම පොලිසිය කිට්ටුව.. අපේ අප්පච්චි දවසක් ඔය ගුරුසිංහ මහත්තයාට 071 7836803 අංකයට කථා කළා ඔයත් උත්සහ කරලා බලන්න.
සැබෑ මිනිස්සු තාමත් ඉන්නව. නියමයි.
වගා කරන අය එක්ක මේ ගැන කතා කරලා ලංකාව පුරාම ව්‍යාප්ත කළොත් අපූරුයි. ඒත් දැන්නම් අපේ ගොවියොත් වැඩිපුර කැමති ප්‍රතිලාභ අධික වී වර්ග වවන්නයි. ඉස්සර වී වර්ග වඳ වේගෙන යනව වගේම ඉස්සර හිටපු ගොවි රජවරුත් දැන් හරි හිඟයි.
. අපිට මිළදී ගන්න ක්‍රමය කියන්න..
තොරතුරු ලබාගැනීම සදහා දුරකථන අංකය /ෆැක්ස් කාර්යාලයය- 0112894357 – e mail = [email protected] [email protected] වේබ් අඩවිය www.ranketha.org Face book. Ranketha Traditional Rice සභාපති පි.ගුරුසිංහ මහතා 0717836803 ලේකම් ආරියසේන මණ්ඩලවත්ත 0775869470 ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක - හේමන්ත අබේවර්ධන 0718004309. 0777887158 අලෙවි කළමණාකරු -වරුණ යාපාරත්න 0718031184
හරි හොඳයි
ඉතා හොඳ වැඩක්
ලංකාවට ගොඩ යන්න නම් අනිවාර්යෙන්ම නැවත අතීත යෙ අපේ සම්ප්‍රධායික ක්‍රම වලට යන්නම වෙනව බහුජාතික සමාගම්වල උවමනාව වෙනුවෙන් අපේ වී වගාව විනාශ කරල දැන් වත් ඒහි වැදගත් කම තේරීම සංතෝශයට කාරනාවක්