විලියම් කුමරුගේ හා කේට් කේම්බ්‍රිජ් ආධිපාදවරියගේ පුතා ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී ලෙස නම් කර ඇත.
ඔහු කේම්බ්‍රිජ්හි රාජකීය මහෝත්තම ජෝර්ජ් කුමාරයා ලෙස හැඳින්වනු ඇත.
කෙන්සින්ටන් මාළිගය මෙම නම ප්‍රකාශයට පත් කළේය.
ජෝර්ජ් කුමරු බ්‍රිතාන්‍ය සිහසුනේ තෙවන උරුමක්කාරයා වන්නේය.
ජෝර්ජ් රජවරු හය දෙනෙක් බ්‍රිතාන්‍යයේ රජ කළහ.
හය වැනි ජෝර්ජ් එළිසබෙත් රැජිනගේ පියාය.
පළමුවැනි ජෝර්ජ් රජු (1714) ජ්ර්මනියේ උපන්නේය.
දෙවැනි එළිසබෙත් රැජින කෙන්සින්ටන් මාළිගයට ගොස් සිය මී මුණුබුරා දැකගත්තේය.
ජොර්ජ් යන නම මහ රැජිනගේ පාර්ශ්වයෙන් ද, ඇලැක්සැන්ටර් යන නම කේට් කුමරියගේ පාර්ශ්වයෙන් ද ගන්නට ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුල ගැන දන්නා විචාරකයෝ කියති.
මධ්‍යතන යුගයේ ස්කොට්ලන්ත රජවරුන් කිහිප දෙනෙක් ඇලෙක්සැන්ඩර් යන නමින් හැඳින්විණි.
රජ පවුලේ සම්ප්‍රදාය ගරු කරමින් පුතාට නම තබා ඇතැයි ද ඔවුහු කියති.
රජකුමරාගේ නමට ඔට්ටු ඇල්ලිණි.
එක් ඔට්ටුකරුවෙක් ඔට්ටු 3400ක් බාර ගත්තේය. ඒ ජොර්ජ් යන නම වෙනුවෙනි.
ඔට්ටු ජයගත්තවුනට බුකිකාරයෝ පවුම් අංක හයේ ඉලක්කම්වලින් මුදල් ගෙවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්, අනුන්ට කියා තමන්ගේ දෛවය ලියා ගන්නේ මෝඩයෝ. තමුන්ගේ දෛවය තිබෙන්නේ තමන් අතේ. ඒකත් නම් දානවා වගේම වැඩක්. මගේ දරුවන්ට නම් දැම්මේ මා සහ බිරිඳ. නමුත් මගේ වෛද්‍ය ඥාති සොයුරෙක් ඇතුළු තවත් අය ඔහුන්ගේ දරුවන්ට නම් උගත් පඩිවරයෙක්ගෙන් මිලදී ගත්තා. (නි)
මේ දරුවාගේ දෙමවුපියන්ට හොඳ නම් අනික් අයට නම ගැටලුවක් නැහැනේ. අනික ලංකාවේ සංස්කෘතිය නෙමේනේ ඒ රටේ සංස්කෘතිය. ඒ සමාජයට අනුව ඒ නම් හොඳ ඇති (නි)
අපිට මොකද? අපේ කවුද? අපි මොකට වෙහෙසෙනවද ? (නි)
ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ බිරිදට,දුවට,අම්මට මොන කරදර වුනත් නිවටයෝ වගේ ඉන්නවා.හැබැයි චන්ද කාලේට කොහෙහරි යන මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් මරාගෙන මැරෙනවා.හිරේ යනවා.ඒ වගේ ලංකාවේ සමහර අයට ගෙදර ගෑනි,දරුවා,අම්මා නිකම්ම අය.විලියම්,කේට් දෙවිවරු වගේ.ඕක හොදකරන්න බැරි ලෙඩක්. (නි)
නන්දන හරි (නි)
මෙවන් ලාංකික සමාජයක් කවදා දියුණු වේවිද? (නි)
එංගලන්ත රජ පවුලේ යථාර්තය කියන්න තරම් සමහරුන්ට කොන්දක් නැති බව හොදින් වැටහෙනවා. (නි)
ජෝර්ජ් නම් , එංගල්ත රජ පෙළ පතේ නමක්. ඇලෙක්සැන්ඩර් රජ පරම්පරා ගැන මම නම් අසා තියෙන්නේ මිසරයේත් ,ඕලන්දයේත්. ලුවී රාජ පෙළපත ප්‍රන්සයේ බව පොඩි ළමයෙක් උනත් දන්නා දෙයක්. සම්පුර්ණ නම දිහා බලපුහාම කලවන් පලා මිටියක් වගේ. අර කීවා වාගේ අපිට මොකද ? ඒ අයට හොඳ නමක් නේ දමා තියෙන්නේ! (නදී)
නම තිබබත් නැතත් අපිට මොකද? නේද? (නි)
මගේ සුබ පැතුම් අලුත් පුංචි කුමාරයට.(නදී)
මොන නම දැම්මත් වැඩක් ඇතේ. කොයි තරම් පම්පෝරි ගැහුවත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්. ඔන්න ඔහේ අපි අපේ වැඩක් බලා ගමු.(දී)
ජෝර්ජ් යන නම පොදු නමක්නේ!!! (නි)
ලංකාවෙනුත් නම් යවල තියෙනවා. ඒවා නම්: මරා, ගෝරා, බැරා, නාරා, පොරා, වීරේ, මසි,දුසි,රාසේ, රවී, දිමු,කොරා, විජමු, දසි, නසී.... ඒ උනාට ලුවී හොදයිලු. (නදී)
මෙහෙමත් රජ වැඩ? (නි)
මගේ සුබපැතුම් !!! (නි)
අනේ අපිට කිසි වැඩක් ඇති එකෙක් ද අපිට මොකෝ (දී)
රජ මැදුරක ඉපදී සිටියානම් නුබත් රජෙකි පුතුනේ.... (දී)
දැන් කාටද සතුටු ? එංගලන්තෙ අපිට වැඩක් නැහැ. අපි අපේ අම්මලාගේ දරුවෝ බලලා සතුටු වෙමු (නි)
පුතේ නුඹ නුඹලාගේ ආදි පරම්පරාව වගේ එහෙම වෙන්න එපා. ඔවුන් අපේ රට විනාශ කළා. එවිට නුඹ නියම රජකුමරෙක් වේවි. (නි)
මම නම් ඒ නමට කැමති නැහැ (නි)
අනුන්ගේ නම් ගැන වද වෙනවට වැඩිය තමුන්ගේ නම් ගැන හිතා නමේ හැටියට තමන්ගේ වැඩත් තිබේදැයි විමසීම වඩාත් හොඳ නැත්ද? නිදසුනක් ලෙස මගේ මව මටදී තිබෙන්නේ යුරෝපය, ලංකාව හා ඉන්දියාව නියෝජනය වෙන නමක්. එහෙම නමක් ඇති මා ජාත්‍යන්තර නොහොත් විශ්වීය චින්තනයක් ඇති ප්‍රයෝගිකව එසේ ක්‍රියාත්මක වන අයෙක් නොවේ නම් එය මගේ නමටත් කැළලක්.(නදී)
මම හිතෙනවා ගැලපෙන නමක් කියා. සුභ පැතුම්! (නි)
එම නම් දැමීම තේරුමක් ඇති වැඩක්. අපේ මිනිස්සුන්ට දැන් පරන නම් අරහන්. සමහර නම් කිසිම භාෂාවකට අයත් නොවන තොරොම්බල් වචන. කව්රු කළත් හොද දෙය හොදයි කියන්න මැලි වෙන්න එපා. (නදී) .
කුමාරයාට නම තිබ්බට කේන්ද්‍රය බලන්නේ ලංකාවේ අයනේ. සති අන්තයේ ඒකත් අපිට බලන්න පුලුවන් වෙයි.(නදී)
සියාම් හරි. වෙන නමත් තමයි දාන්න තිබුණේ (නි)
අනේ එත් ඉතින් මේ පැටියට වාරයක් එන්න කොච්චර කල් යයිද, නේද? මෙයාගේ මෞලි මංගල්‍යයට යන්න ඒ කාලේ වෙනකොට අපේ කවුරුත් නැතිවෙයිද මන්දා. (නි)
අනේ අපිටත් ඉතින් වෙන වැඩක් නැහැනේ... (නි)
"ඔවුන් අපේ රට විනාශ කළා." විකාර ඔවුන් තේ පොල් රබර් හැදුවේ නැතිනම් අපට පැනඩෝල් පෙත්තක් ගෙන්න තරම් විදේශීය විනීමයක් නැත. උඩරට මිනිස්සු තාමත් වඩුග රජෙක් යටතේ තමා. බන ටෝකින්.(නදී)
සමහරුන්ගේ නම ඉරෝෂන්. සිංහල තේරුම හෝදාපාලුව. (නි)