වයස 12 න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. තරගාවලිය ගාල්ල රිච්මන්ඞ් විදුහල් බැඞ්මින්ටන් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. තරගාවලියේ සුපරි ‘ඒ’ කොටසේ (බාලක) අවසන් තරගයේදී මාතර රාහුල විදුහල තරග 2-1 කින් පරදවා රිච්මන්ඞ් විදුහල ශූරතාව දිනා ගත්තේය. තිළිණ හංසපැතුම් (නායක), වී.පතිරණ, තුමර්ෂ දිල්හාර, එච්. ඩයස්, චමත් ඩයස්, චිරාත් ඉලේපෙරුම සහ මධුප ජයරත්න ජයග‍්‍රාහී රිච්මන්ඞ් විදුහල් පිලට ඇතුළත්වුහ. සුපරි ‘ඒ’ කොටසේ බාලිකා අවසන් තරගයේදී නුගේගොඩ අනුලා විදුහල විසින් සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල තරග 3-0 කින් පරාජය කරන ලදී. ‘ඒ’ කොටසේ බාලක ශූරතාව ශාන්ත පීතර විදුහල දිනා ගත් අතර ලින්ඩිසේ විදුහල එම කොටසේ බාලිකා ශූරතාව දිනා ගත්තේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd