කොළඹ රාජකීය පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් ලකුණු 28 ක පහසු ඉලක්කයක් හඹා ගිය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය කඩුලූ නවයක් ඉතිරිව තිබියදී තරගය ජයග‍්‍රහණය කළේ වසර 99 කට පසු ගාලූ පුරවරයේදීම කොළඹ රාජකීය කණ්ඩායම ලකුණු 27 කට දවාගනිමිනි. ගාලූ කී‍්‍රඩාංගනයේදී පැවැති මෙම තරගයේ දී අනගි පන්දු යැවීමක නිරත වූ දමිත් ලක්මිහිරාන් ලකුණු 10කට කඩුලූ 5 ක් දවාලමින් රාජකීය පිලේ දෙවැනි ඉනිම සුණු විසුණු කර දැමුවේය. 1912 සිට තරග වදින මෙම පාසල් දෙක අතරින් රිච්මන්ඞ් පිල ජයග‍්‍රහණයක් වාර්තා කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. රාජකීය 212 (රෙනුක් අහංගම 49, මිලාන් අබේසේකර 47, ඉමල් ලියනගේ 39, සම්පත් ද සිල්වා 25, ඒ. කේ. ටිරෝන් 52/4, සවින් නානායක්කාර 19/2) සහ 27 (දමිත් ලක්මිහිරාන් 10/5, ප‍්‍රභාත් නිශාන්ත 04/2, සවින් නානායක්කාර 7/2) රිච්මන්ඞ් 212 (පබසර වඩුගේ 68, සිතාර ගිම්හාන 38, කසුන් චාමර නොදැවී 20, දෙවින් පද්මනාදන් 17/5, චාමික කරුණාරත්න 33/2, පූර්ණ අලූත්ගේ 37/2) සහ 29/1 (පබසර වඩුගේ 18)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසම් සුභපැතුම්