ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් කෝටි 12.5 ක පගාවක් ගැනීමට තැත් කළැයි රේගු නිලධාරීන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම කියයි.
රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා ඔවුහුය.
ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අල්ලස් දුෂණ කොමිසම ළඟ උද්ඝෝෂණ කරන කට්ටිය? කෝ මේ අපේ විමල්? කොමිසම දුෂිතයි කියල නේද කියුවේ? (බ)
දෙවියනේ! රේගුව මෙහෙමද? (නි)
මෙවන් නිලධාරීන් නිසා අවංක නිලධාරීන්ගේ නමත් කැතවෙනවා (නි)
මෙයාලා මෙච්චර හම්බකරනවද? (නි)
රේගු නිලධාරීන් අයථා අන්දමින් උපයන විශාල මුදල් ප්‍රමාණ ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා නිසි පියවර ගැනීමට රජය ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බොහෝ ආනයන සහ අපනයනකරුවන් මෙවන් රේගු නිලධාරීන් නිසා ඉමහත් අපහසුතාවට පත්වන බව අත්දැකීමෙන් දනිමු. (නි)
රේගුවේ වැඩ හොඳයි නේද? (නි)
හොඳ අය වගේම මෙහෙම අයත් ඕනෑම ආයතනයක ඉන්නවා (නි)
වරදක් තමයි මොවුන් කරගත්. වරද කළ ආනයනකරු නිදහස්ද? (නි)
හැමදාම පගාව ගැන කතාකරපු ගමන් බනින්නේ පොලිසියට. ඒ වුණාට ලංකාවේ වැඩියෙන්ම අල්ලස් ගන්නේ පොලිසිය නෙමෙයි. ඒ ගැන තවම මහජනතාවට අවබෝධයක් නැහැ. ඒවා පොඩි ගණන් නෙමෙයි (නි)
ලංගමයට අවශ්‍ය අමතර කොටස් එකඑල්ලේ මිලට ගැනීමට ලංගම බලධාරීන්ට බැරි ඇයි? ලෝකයේ තිබෙන හොඳම වාසිදායක රැකියාව කරන මහත්වරු පොට වරද්දාගෙන වගෙයි. කෙසෙල් කඳේ හොට පැටළෙන බව දන්නේ නැද්ද? (නි)
මෙයාලා කොහොම හම්බකරනවා ඇද්ද? (නි)
මේ මිනිසුන්ට ඇති ධන ලෝභය නිසා තමයි මේ හැමදේම. වරද ඔප්පු වුණොත් උපරිම දඬුවම් දියයුතුය. (නි)
අම්මෝ මෙහෙමත් වංචා? (නි)
ඔන්න කනෝ පිනුම් (අ)
මේවා මොනාද, රේගුවේ වැඩක් කරගන්න ගිය කෙනේක්ගෙන් අහන්නකො, පියන් හම්බකෙරන ගාන ඇහුවොත් බයවෙයි. (ර)
කස්ටම් ඔෆිසර්ල ප්‍රකෝටිපතියෝ වෙලා ඉන්නේ මෙන්න මේවගේ ක්ෂණිකව කෝටිගණන් පගා ගහල කියල දැන්තමයි තේරෙන්නේ (බ)
මේක සැළසුම්සහගතව කළ දෙයක් වගෙයි පෙනෙන්නේ. සනත් මහතා නොදන්නා දේවල් කතා නොකර හිටියොත් හොඳයි. (නි)