(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 5800 (බිලියන 58) ක බදු ආදායමක් ශ්‍රී ලංකා රේගුවට අහිමිවී ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
මෙම මුදල අයකර ගැනීම සඳහා වහාම පියවර ගන්නැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට උපදෙස් දුන්නේය.
මෙම අයවිය යුතු බදු ආදායම රේගුවට සහ ඒ හරහා භාණ්ඩාගාරයට නොලැබෙන්නේ මන්දැයි කාරක සභාව මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
මේ අතර ඉන්දුනීසියාව මැලේසියාව හා මියන්මාරයෙන් කරුන්කා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 750 -900 අතර මුදලකට ගෙන්වා මේ රටේදී නිෂ්පාදනය කළ බව අඟවා ලොකු ලාභ උපයමින් ප්‍රති අපනයනය කරන බවටද කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
දැනට එවැනි කරුන්කා කන්ටේනර සියයකට ආසන්න ප්‍රමාණයක් ( මෙට්‍රික් ටොන් 1493ක්) රඳවා ගෙන ඇති බවත් මෙමගින් ශ්‍රී ලංකාවේ කරුන්කා ව්‍යාපාරිකයන්ට බරපතළ ගැටලුවක් මතුවී ඇති බවත් එම කාරක සභාව පවසයි.
කරුන්කාවලට සියයට 35 ක වටිනාකම එකතු කිරීමෙන් ප්‍රතිඅපනයනය කිරීමට තීරණය කර ඇති බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජනරාල්වරයා කීවේය.
මේ අතර නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එන රත්රන් වැනි වටිනා භාණ්ඩවලට සියයට 100 ක දඩ මුදලක් අය කර ගැනීම සඳහා නියෝගයක් ලබාදී ඇතැයි පැවසූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ අනුව දැනට එවැනි පුද්ගලයන් දස දෙනකුගෙන් රුපියල් කෝටි 29 කට වැඩි මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇතැයිද දැනුම් දුන්නේය.
එම භාණ්ඩ සඳහා රේගුව තුන්ගුණයක දඩ මුදල් අය කරනොගැනීමෙන් රජයට අහිමි වී ඇති ආදායම ගණනය කර දැනුම් දෙන ලෙස කාරක සභාව රේගුවට නිර්දේශ කළේය.
ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 18 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට සහ ප්‍රති අපනයනයට මුවාවී අරුන්කා මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් තුන් ලක්ෂයක පමණ වංචාවක් සිදු වන බැවින් එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා රේගුවට නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිමි කරගත් ඒවා නේද සාමාන්‍ය ජනතාවගෙන් අයකරන්නේ...? දේශපාලකයාගේ ඉඳන් ඉහළ නිලධාරින් යටිමඩි ගහන ඒවා හරියට ගත්තා නම් සාමාන්‍ය ජනතාවට තියෙන බදු බර තුන්කාලක් අඩු කරගන්න පුළුවන්...
රේගුවට වඩා දූෂිත ආයතනයක් ගැන දන්නවා නම් අටපට්ටමට කියන්න ඕනෑ...
දඩ ගහන්නේ ආන්ඩුවට ආදායම් ගේන්න නෙවෙයි. වැරැදි කාරයාට දඬුවමක් වශයෙන්.. තුන් ගුණයක් දඩ ගැහුවොත් කොහොමත් ආදායමක් ලැබෙන්නේ නෑ. මොකද ඒ ගාන වැරැදි කාරයාට ගෙවාගන්න බැරි නිසා...!