ආනයනකරුවන් සහ අපනයනකරුවන්ගේ රාජකාරි සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ශ්‍රී ලංකා රේගුව පැත්තෙන් මූලික ගැටලු 02 ක් තිබෙන බව රේගු අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසයි. සිද්ද වෙන ප්‍රමාදයන් හා ගෙන යන බඩු පරික්ෂාව සඳහා රඳවා තබා ගන්නා කාලය යන ගැටලු දෙක නිසා ආනයන හා අපනයන බහාලුම් වල විමර්ශන කටයුතු ඉක්මන් කර මුදා හැරීමට තීරණය කළ බව එතුමා පැවසීය.
එහිදී අදහස් දැක් වූ අධ්‍යක්ෂවරයා නීතිමය ගැටලු නැතිනම් අනිවාර්යයෙන්ම දවස් 03 කදී නිදහස් කරන බවත්, ඊට අමතරව යම් කිසි පරීක්ෂණයක් සඳහා මේ කන්ටේනරයක් නවත්වනු ලැබුවහොත් ඒ සඳහා උපරිම දින 08 කදී සියලු කටයුතු සිදු කර එම කන්ටේනරය නිදහස් කිරීම සඳහා වේගවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කරන බවත් පැවසීය.
ආනයන අපනයන බහාලුම් පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව විමසීම සඳහා 011 2470945 දුරකතන අංකයට අමතන ලෙස ශ්‍රී ලංකා රේගුව ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
303
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුව ඉක්මන් වීමට සූදානමක්
ලංකා Tuesday, 01 March 2016 07:35 AM
මෙතුමා හොද කෙනෙක්. (ර)
සුසුන් Tuesday, 01 March 2016 07:56 AM
රේගු අද්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා සර් විශිෂ්ඨ පරිපාලන නිලධාරියෙක්. අනාගතය අද දක්නට හැකි නායකයෙක්. රේගුවේ කාර්යක්ෂමතාවය නංවන්නට කටයුතු කිරීම ගැන සර්ට ස්තූතියි. (ර)