දඹුල්ලේ සිට විකාශය කරන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාළිකාව බදාදා (22) සිට ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ඔස්සේ විකාශය කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඉනාමලුවේ ශ්‍රී සුමංගල සියම් නිකායේ රංගිරි දඹුළු පාර්ශ්වයේ මහානාහිමියෝ කියති.
රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී සේවය පියෝ ටීවී හා එක් වන විශේෂ උත්සවය රංගිරි දඹුල්ල උයන්වත්ත රජමහා විහාරීය පරීශ්‍රයේදී පැවැත්වේ.
රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය රට මැද ආරම්භ වූ පළමු රූපවාහිනී සේවය බවත්, බෞද්ධ ප්‍රබෝධය, සමාජීය ප්‍රබෝධය, දැණුම් ප්‍රබෝධය විනෝදාංශ, දේශීය හා පාරම්පරික සංස්කෘතිය ආරක්ෂා කරමින් නාළිකාව ක්‍රියාත්මක කරන බව මහා නාහිමියෝ කියති.
රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය බෞද්ධ පුවත්පත, බෞද්ධ රූප වාහිනිය හා අන්තර්ජාල වෙබ් අඩවියකින් ද සමන්විතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්.(ස)
බොහොම හොද වැඩක්
අපිට නම් රටකට එක බෞද්ධ නාලිකාවක් තිබුනම හොදොටෝම ඇති. එමගින් හරවත් බොදු වැඩසටහන් ජනයාට ගෙන එන්න පුළුවන්. (නි)
ඩයලොග් ටීවී වලත් දෙනවා නම් ගොඩාක් වටිනවා. "අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඡිරන් ජීවතු" (නි)