ශ්‍රී ලංකා මෙහෙණි සසුනේ 14 වැනි උපදම්පදා උළෙල අද (14) රංගිරි දඹුලු සංඝ සභාවේ සීමා මාලකයේදී පැවැත්විණි.
තුන් මාසයක නේවාසික ධර්ම විනය හා බුදු සසුන පිළිබද ඉගැන්වීමෙන් පසු සමත් වු සාමනේරි මෙහෙණින් වහන්සේලා විසි දෙදෙනෙක් අතුරින් ලිඛිත හා වාචික විභාගය සමත් වු හය දෙනෙක් උපසම්පදා ලැබීය.
ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි පාර්ශවයේ මහා නායක මා හිමිගේ උපදෙස් මත රංගිරි දඹුලු සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ මෙහෙණින් වහන්සේලා උපසම්පදා විනය කර්මයේ පිහිටවුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසමනෙ. ඉතිං ශාසනේ රැකෙන්නෙ මේ හතර දෙනාම සිටියොත් නේද ? (නි)
කුමාර වෙත, ඔබගේ අදහස් වලට මමද එකග වෙන්නේ නැත. ඔබ හොඳට තව කරුණු හොයා බලන්න බුදු දහම පිළිබඳව. (නි)
සමරසේකර මහත්මානෙනි, විනය පිටකයට අයත් මහාවග්ගය, චුල වග්ගය , සහ පරිවාර පාලිය හොඳින් කියවන්න. ඔබට මේ ගැන බොහෝ දේ දැන ගන්න පුළුවන්. (නි)
කෙනෙකුට හිතෙන්න පලුවන් මම මානව හිමිකම් හා අයිතිවාසිකම් වලට විරුද්ධව කතා කරනවා කියලා. ශාසනයට ඇතුළු වීම විමුක්ති මාර්ගයේ දොරටුව දෙසට හැරීමක්. එහෙත් ශාසන බලධාරීන් හා රට මෙහෙයවන බලවේග කාලීන වසයෙන් රටේ තත්වය ගෙන අවබෝදයෙන් කටයුතු නොකලොත් ලොකු අනතුරක් අත ළඟ. එනම් තරුණ අම්මලා මැදපෙරදිග, තවත් සැලකිය යතු තරුණ පිරිසක් ශාසනයට ඇතුල් වෙලා. දැන් දැන් තරුණියන්ද ශාසනයට ඇතුල් වෙන්න පෙල ගැසෙයි . ඉතින් රටට අනාගත දරු පරපුරක් ලැබෙන්නේ කොහෙන්ද ?(නදී)
විනයපිටකය ඉතාහොන්දින් හදරාතියන උගත් ධර්මදර උතුමෙක් (ගිහි හෝ පැවිදි ) මේ උපසම්පදාව විනයට එක්කඟද විනයානුකුලද යන්න අපේ පින්වතුන්ට පහදාදෙන්න.(නදී)
මෙකල භික්ෂූ ශීලය ගැන කිසිවක් නොදන්නා වූ ඇවැත් නොවන දෙය කුමක්ද, කුඩා ඇවැත කුමක්ද, මහා ඇවැත කුමක්ද,දුශ්ශීල වන්නේ කෙසේද කියා නොදන්නාවූ බොහෝ බෞද්ධයෝ කෛරාටිකයන් ගේ කියුම්වලට රැවටී සිල්වත් භික්ෂුන්ට චෝදනා කොට කියන ලද මහා පාපයට හසුවෙතී.මේ බුදු සසුනෙහි සංඟයා කෙරෙහී සිත පහදා දානාදී පිංකම් කොට විශාල පිරිසක් දෙව්ලොවට පැමිනෙන්නාක් මෙන් ම අසත්පුරුෂයන් අනුගමනය කොට සඟනට ගර්හා කොට ද විශාල පිරිසක් අපායට යතී.සුනෙත්ත,මුගපක්ඛ,අරනෙමී,කුද්දාල,හත්ථීපාල,ජෝතීපාල,අරක යන ශාස්තෘවරයන් ගේ සාසනවලද බොහෝ දෙනා අපා ගතවූහ.සිල්වතුන්ට ගැරහීමේ කිරිමේ විපාකය සමහරවිට මෙලොවදීම ලැබේ. (නි)
සාදූ..සාදූ..සාදූ! අපි ගිහි සැපවිදිමින් අපිට නැතී වීර්යයකින් යම් අයෙක් හරි බුද්ධ සාසනයේ භික්ෂූවක් මෙහෙණියක් වෙනවා නම් ඇයි අපිට සතුටු වෙන්න බැරී. අපි නිතරම සිතාගත යුතු දෙයක් තමා යම් දවසක බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ මේ දෙපිරිසම පැවිදී නොවුනොත්. අපිට වඩා ශීලයකින් අපිට වඩා ධර්මය දන්න ස්වාමින් වහන්සේලා මේ මෙහෙය කරන්නේ. අනෙත් එක මේ ලිපියේ මුලින්ම තියෙනවානේ මෙහෙණි සසූන කියලා. භික්ෂූනී සාසනය නැතිබව බහුතරයක් දන්නා දෙයක්. ඒ නිසා අපි වැරදී නොබලා දැකබලා සතුටුවෙමූ .සාදූ..සාදූ..සාදූ..! (නි)
ඉතාමත්ම හොඳ දෙයක්. සම්බුද්ධ සසුන රැකගන්න දෙපිරිසම ඕනෑ. සාදු ...සාදු.... සාදු. (නි)
කුමාර, මගේ අන්තර්ජාලයේත් සම්පුර්ණ ත්‍රිපිටකය තියෙනවා. මම ඒක අධ්‍යයනය කරනවා. මට නම් තවමත් ඔබ කියන වැකිය විනය පිටකයෙන් හමුවෙලා නැහැ. කරුණාකර අදාළ කොටස තිබෙන තැන පෙන්නවාද? මා දන්නා හැටියට නම් විනය පිටකයේ එවැන්නක් නැත. (නි)
සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! සාදු! (නදී)
විනය පිටකයට අනුව මේ උපසම්පදාව වරදියි. උපසම්පදාව මේ විදියට පිහිටන්නේ නැත.(නදී)
උතුම් චතුරාර්ය සතය අවබෝද කොට අන් අයටත් අවබෝධ කරදීමට වාසනාව උදාවේවා සාදු සාදු සාදු සාදු සම්මාසම්බුද සරණයි.(නදී)
සියලුදෙනාට සම අයිතිය ලබා දෙමු යන්න මනාව පැහැදිලි වෙයි.(නදී)
සාධු! සාධු!! සාධු!!! (නි)
කුමාර, බුද්ධාහමට ගරහන්න එපා (නි)
බුද්ධ සාසන ලේකම් අනුමැතය දීලද ? මේ වැඩපිළිවෙලට. (නදී)
කුමාර මහතා , විනය පිටකය යනු විශාල පොත් ඛණ්ඩයකි. එබැවින් ඒ සියල්ලම බලා ඔබේ පාඨය සොයා ගැනීම අසීරුය.අනෙක එහි තිබෙන විනය නීති වලට පදනම්වූ සිද්ධීන්ගේ ඇති රසවත්භාවය නිසාම එදෙසට ඇස යොමුවීමෙන් අදාළ කරුණ සොයා ගැනීම අසීරුවේ. එබැවින් එම පාඨය ඇති ස්ථානය නිශ්චිතව දන්වන්නේ නම් මැනවි. ඔබ සමග වාද කිරීමට නෙවෙයි මෙය ලියන්නෙ, නමුත් කරුණු දැනගැනීමට පමණයි . මා දන්නා පරිදි විනය පිටකයේ තියෙන්නේ එකල සිදුවූ විනය විරෝධී වැඩ ගැන බුදුන් වහන්සේ දෙසු නියමයන් විතරයි.විනය විරෝධී භික්ෂුණි උපසම්පදා කර්ම එකල තිබුනේ නැත. අනෙක භික්ෂුණි ශාසනයට බුදු රජුන් විසින් අනුදැන වදාලේ අෂ්ට ගරු ධර්ම පමණි,එහිද ඔබ දක්වා ඇති කරුණු නැත. (නි)
සාදු! සාදු! සාදු! සාදු! සාදු.(නදී)
සාදු! සාදු!! සාදු!!! මාගේ නමස්කාරය වේවා!(නදී)
අපේ අර සේනාවේ එක්කෙනාටත් විනය ටිකක කියල දුන්නම හොඳි නේද හාමුදුරුවනේ. මොකද කට ඇරියම කියවන්නෙම කුණුහරුප සහ ජාතිවාදී අදහස්.බුදුන්වහන්සේ කියල තියෙන්නේ අනිත් ආගම් වලට ගරුකරන්න. (අ)
බුදු සසුන දින දින බැබලේවා ! මෙහෙණින් වහන්සේලා සසර දුකින් අත්මිදේවා. පාර්ථනා කරන නිවන් මග සැනසි මෙන් ලබා ගැනීමට හේතු වාසනා වේවා!(නදී)
කුමාර, ඔයාගේ අදහස ටිකක් පැහැදිලි කරන්න පුළුවනි නම් අගෙයි.(නදී)
ඉතා හොඳ දෙයක් හැටියටයි ම දකින්නේ. අපි සියල්ලෝම සසර දුකින් මිදෙත්වා! බුදුදහම විකුණන එකට බෞද්ධයෙක් හැටියට මා විරුද්ධයි. (නි)
නවුෆර්, ජාතිය කියලා එකක් තියනවා. ඒක රැක ගන්න ඕනෑ.ඔය සේනාව හිටිය හින්දා තමා රට ඔබලා කරන විනාශයෙන් බේරාගන්නේ. (නි)
ගැනු මිනුස්සුන්ට වදිනවා. මිනිස්සු ගැහැණුන්ට වදින තැනක් පෙන්වන්න. නිවන් යන්න උපසම්පදාව ඕනිද? නිවන් යන්න ඕනි නම් ධර්මයේ හැසිරෙන්න.(නදී)
කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව දීමට අධි පුරුෂවාදී මානසිකත්වය ඇති අය අකමැතියි. (නි)
සිල්වතුන් දක්නට කැමැති වේද සද්ධර්මය අසන්නට කැමැති වේ ද, මසුරු මල හැර දන් පින් කෙරේ ද ඔහු ශ්‍රද්ධාවන්තයා යැයි කියනු ලැබේ.(නදී)
ථෙරවාද ක්‍රමයට භික්ෂුණියක් උපසම්පදා කරන්න නම් භික්ෂු භික්ෂුණියන් කියන දෙපාර්ශවයම ඉන්න ඕනේ. එත් දැනට ලෝකේ තියෙන කිසිම ථෙරවාද රටක භික්ෂුණින් ඇත්තේ නැහැ. භික්ෂුණි පරපුර අවාසනාවකට වගේ අභාවයට ගිහින් තියෙන්නේ මිට ශත වර්ෂ ගානකට කලින්. ඒ නිසා නැවත භික්ෂුණි ශාසනය ආරම්භ කරන්න අවශ්‍ය අංග සම්පූර්ණ නෑ. ලංකාවේ තියෙන්නේ ථෙරවාද ක්‍රමය නිසා මේ විදියේ උපසම්පදා කර්ම කරද්දී විනය පිළිබඳව සොයා බැලිය යුතුයි. අවශ්‍ය අංග සම්පූර්ණ වෙන්නේ නැතිව කරන උපසම්පදා කර්ම තුලින් නියම උපසම්පදාවක් පිහිටන්නේ නැහැ කියලයි විනය පිටකයේ තියෙන්නේ.(නදී)
කුමාර, ගරහන්නේ නැතිව මෙවැනි දේට උදව් කරන්න.(නදී)
අපි බුද්ධ ධර්මය අරාබි භාෂාවට පරිවර්තනය කරන්ඩ හිතන්නේ නැත්තේ ඇයි ? .. නැත්නම් අරාබි මිනිසුන්ට හොද දෙයක් අහන්ඩ ලැබෙන්නේ නැහැ. හොද දෙයක් තීබුනොත් තමන්ගේ ආගමේ වැරදිත් එක්ක සසදා බලන්ඩ පුළුවන්... (අ)
භික්ෂුණී ශාසනය මේවන විට ලෝකයෙන් අතුරුදන් වීම ලෝක ස්වභාවය වන අතර මම කුමාර සමඟ එකඟ වෙමි. (අ)