පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් රාගම වෛද්‍ය පීඨයේ සිසුහු එම පරිශ්‍රයේ සිට රාගම ගුවන් පාලම තෙක් පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් රාගම වෛද්‍ය පීඨයේ සිසුහු එම පරිශ්‍රයේ සිට රාගම ගුවන් පාලම තෙක් පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චරයි අඩුව හිටියේ (දී)
ළමයෙක් ඉගෙන ගන්නව නම් දෙමාපියෝ තියෙන ඕනෑම දෙයක් විකුණලා ළමයින්ට ඉගෙනුම ලබාදෙන්න දෙමාපියන් පසු බට වෙන්නේ නැහැ.විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙනවට වැඩිය එළියේ සිටින දුදරුවන් වැඩියි .වෙනත් රටවල් සමඟ අනුබද්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ස්ථාපිත කිරීමෙන් එම පිරිනැමෙන උපාධියට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇත. (ස)
මෙතන තියෙන්නේ හුදෙක් දොස්තර මහත්වරුන්ගේ බදගොස්තර වාදය සහ පුද්ගලිකව ඉගෙන ගන්නා අය කෙරෙහි පවතින ද්වේශය. මොවුන් ජනතාවට සේවය කිරීම මුලට දාලා සටන් පාඨ ගෙන ආවත්, ඇත්තටම මොවුන් ඉගෙන ගෙන යම් මට්ටමකට පැමිණි පසු ජනතාවගේ ලේ උරා බොන මාපිල්ලු වගේ ජන කොටසකි. උද්දච්ච ගති ඇති, අහංකාර පුස් අටෝපය මෝඩ ජනතාවට පෙන්නලා තෘප්තියක් ලබන්නවුන්ය.මේකට සාමාන්‍ය දැනුවත් ජනතාව කියන්නේ දොස්තර මාෆියාව ලෙසයි. (ස)
ජනක, දොස්තරවරුන්ගේ ළමයි කියලා උසස් පෙළ වලින් ඉහලම ලකුණු ලැබෙන්නේ නෑ. ඉතින් පෞද්ගලික තමා. (ස)
මහේෂ්, ඔබගේ සමහර තර්ක ඉතා අතාර්කිකයි හාර්වර්ඩ්, ස්ටන්ෆොර්ඩ් ආදී ලෝකේ විශිෂ්ටතම වෛද්‍ය විද්‍යාල තියෙන ඇමෙරිකවේ නොමිලේ වෛද්‍ය උපාධි නොදේ. නමුත් එවන් උපාධි ගත් වෛද්‍යවරු ලෝකේ ඉදිරියේ ඇත. ලංකාවේ රජයේ වෛද්‍ය පිඨයට යාමට අවශ්‍ය සුදුසුකම S 3 ඉතින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඊට වඩා ඉහල අවම සුදුසුකම් බලන්න කියන්නේ නොහැක. ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වලට යන සියලු දෙනාම විශිෂ්ටතමයන් නොවේ. කොළඹින් වෛද්‍ය පිඨයට (3බී) යන්නට බැරි මට්ටමේ ලකුණු තියන ළමය ගම්පහෙන් වෛද්‍ය පිටයට යයි. අපොස උසස්පෙළ එක විභාගයක් පමණි . අපොස උසස් පෙළ ඉහලින් සමත් කී දෙනෙක් නම් පහ වසර ශිෂ්‍යත්වය අසමත්ද . අපොස සාමාන්‍ය පොළට ඒ 3 4 වත් නැති කී දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට ගොස් තිබේද? එසේ නම් අපොස උසස්පෙළ එතරම් සොදීම් සමත් නොවන කෙනකුට වෛද්‍ය විද්‍යාලයට ගොස් හොඳින් උපාධිය අවසන් කල නොහැක මන්ද ? (ස)
ජයවේව ...ජයවේව ...ජයවේව ... (දී)
ඉගෙන ගෙන රටට සේවය කරන්න කැමති රටේ නීති අනුව උසස් අධ්‍යාපනය ලකුණු කීපයකින් අහිමි, සුදුසු දරුවන් ඉන්න මුදල් තියන දෙමාපියෝ, ඒ මුදලෙන් දරුවන් කැමති රැකියාවකට පුහුණු කරවීම කෙතරම් හොඳඳ ජනතාවටම බර නොදී .ඒ මුදලින් දරුවන් විනාශ වෙන්නද ඉඩ නොදී.මෙයින් නිදහස් අධ්‍යාපනය රැක ගැනුමට බාධා නෑ.පුද්ගලික නීති නිලධාරින් , ගණකාධිකාරින්, බිහි කරන පුද්ගලික විදුහල් දැනට තිබෙනවා.ඇයි දොස්තරවරු බිහි කරන්න හොඳ නැත්තෙ අමතරව. ගම් වල රෝහල් කියක් තියෙනවද දොස්තර වරු නැතුව. නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් මුදල් ගෙවා කැමති අයට දොස්තර වෙන්නත් නිදස අවශ්‍යයි. (ස)
කට්ටියට වැඩ නැද්ද (දී)
මේ වෙලාවේ උද්ගෝෂණ කරන එකනම් වැරදියි (දී)
ආරියසේන, ඔබ සමග 100% එකඟයි. හොඳ තරඟයක් මගින් තමයි තරඟකරුවාගේ අඩුපාඩු නැතිකළ හැක්කේ. පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් තරඟයක් ලැබෙනවා නම් එක්කෝ රාජ්‍ය විශ්ව විද්‍යාල ඒ මට්ටමට එන්න ඕන, නැත්නම් වැහෙන්න ඕන. මහජනයාගේ පැත්තෙන් ඔය දෙකම හොඳයි. (දී)
මහේෂ් . ඔයා කියන විදිහට නිදහස් අධ්‍යාපනෙන් බිහිවුන දොස්තරලා හිතන්නේ හැසිරෙන්නේ රෝගියා ගැනම හිතලද? මේ රටම දන්නවා එයාලගෙන් බහුතරයක්ම යන්නෙත් මුදල් පසුපස කියලා. කවුරුත් බලන්නේ තමන්ට යහමින් මුදල් ටිකක් තමන්ගේ රැකියාවෙන් හොයාගන්න තමයි. ඔයා මෙඩිකල් කොලේජේ වල ඉන්න අය කවුරුවත් එහේ යන්න මහන්සි උනේ රෝගීන් ගැන හිතල නෙමෙයි. ලෝකයේ දියුණු රටවල සෞඛය සේවය ක්‍රියාත්මක වෙන හැටි හරියට දැනගෙන ඒ වගේම වීශ්ව වීද්‍යාල අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන හැටි දැන ගත්තහම ඔයාගේ ඔයා අදහස වැරදි බව තේරුම් ගනීවී. (ස)
බහුතරයක් තමන්ගේ වාසියට බොරු කියති. පිටරට ගොස් තමන්ගේ වියදමින් වෛද්‍යවරු වු වෛද්‍යවරු දැනටමත් විශාල සංඛ්‍යාවක් ලංකාවේ සේවය කරනවා .ඔවුහු පිස්සෝ වගේ තමන්ගේ වියදම් වු මුදල හොයන්න දගලන්නේ නැති බව ප්‍රායෝගික සත්‍යයයි. ඒ මදිවට ආර්ථික පසුබිම ශක්තිමත් නැති දරුවෝ වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ සිටම “ලෝකම්“ යමින් මුදල් හොයන්න උත්සහා කිරිම සැබැ සුලභ ලක්ෂනයයි. ඒ වගේම ඉතා වැරදි දෙයක් ලස්සන වචන දලා සාමාන්‍ය අයට කරන්න බැරි විශේෂ ගුනාංගයක් පිහිටිය යුතුයි වගේ දලා තියෙනවා ශෛල්‍ය කර්ම සම්බන්ධයෙන් මෙය සමාවක් දෙන්න බැරි බොරුවක් ශෛල්‍ය වෛද්‍යෙය් පියා ජොන් හන්ටර් නිකම්ම නිකම් වඩ්ඩේක් ඔහු ගේ අයියා තමයි දොස්තර අයියට ඕනෑ උනා මල්ලිව දොස්තර කරන්න මුලින් අකමැත්තෙන් ඉදලා පසුව ඒ ගැන සිත වැටිලා ඉගෙනගෙන ලොවට දුන්න දයාදය තමයි ශෛල්‍ය වෛදය විද්‍යාව. දෙයක් එක කට්ටියකට විතරක් පුලුවන් ගූඪ දෙයක් කරන්න එපා. මේ සාධාරන සුදුසුකම් තිබේ නම් ඔබටත් පුළුවන් කියන මනස රටේ දියුනුව වෙනුවෙන් ඇති කරන්න.(ලංකාවේ නම් පස්සේ හිතිලා ඉගෙනගන්න ක්‍රමයකුත් නැහැ අයියගේ උවමනාවට මල්ලිදොස්තරකරන්න විදිහකුත් නැහැ.) ඒ වගේම අනාගත වියහැකි හානි උපකල්පනය කර ප්‍රකාශ කරනාවා සමග දැන් මේ මොහොතේත් කිසිම සුදුසුකමක් නැති හොර වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබාගැනිම් වලට විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි. එක මේ දැන් වෙනකොටත් වෙන හානියනේ .මම ඉන්න කුඩා නගරයේ වැඩිපුරම රෝගින් ඉන්නේ අයුර්වේද සහතික ඇති බටහිර බෙහෙත් දෙන නෝනා කෙනෙකුටයි, මහත්තේයෙකුටයි.දිනකට 200ක් පමන එක්කෙනෙක් බලනවා. මම මෙක කිවිවේ අඩු සුදුසුකම් සහිත අය ඇවිත් වැරදි ප්‍රතිකාර කරයි යන තර්ජනය උලුප්පන හිංදා අද සැබැ තත්ත්වය කියන්න. ඒ හිංදා මට පෙන්නේ නම් තමන්ගේ ඒකාධිකාරි ස්ථානයට හානි වේ යැයි යන බයට දගලනවා කියලයි.පුද්ගලික දාපුවාම ආන්ඩුවේ එවා වහන්නේ නැහැනේ එකාධිකාරිය අහෝසි වෙනවා පමණයි. පුදුගලික බස් , පුද්ගලික රෝහල්, පුද්ගලික බැංකු ඇරිමෙන් උනේ එකයි. ඒවාට විවේචන තියෙනවා තමයි. එත් එවා නැත්නම් හිතාගන්න බැරි තරම් තත්ත්වය නරක් වේවි. රජය පමනක් මේ සේවා අද වෙනකොට සැපයුවා නම්. (නදී)
පුද්ගලික විශ්ව විද්‍යාල වලට ජයවේවා (දී)
ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් පිටවන සිසුන්ට ලෝකයේ ඕනෑම රටක පිළිගත් රෝහලක ඉතා ඉහල වැටුපකට සේවය කිරීමට අවකාශ ලැබේ.සල්ලි තියෙන අය ඉගෙන ගත්තට මගේ කිසිම අමනාපයක් ඉරිසියාවක් නැත.නමුත් පිනට ඉගෙන ගන්න අය නිකන් වෙදකම් කරන්නේ නැහැ. නිකන් බෙහෙත් දෙන්නෙත් නැහැ.ගණන් අඩුවකුත් නැහැ.මේ අය අකමැතියි තවත් වෛද්‍යවරු රටේ බිහි වෙනවට.ප්‍රධාන රෝහල් වල හැර කිසිම ග්‍රාමීය රෝහලක රෑකට වෙදෙක් සොයා ගැනීමට නොහැක. (ස)
සල්ලි කාර දෙමව්පියන්ගේ මෝඩ දරුවෝ ටික මෙඩිකල් විභාගෙත් හොරාට ලියල පාස් වේවී.ලක්ෂ 65 ක් වියදම් කරන්න පුලුවන් නම් ලංකාවේ විභාග පාස් කරනවා කියන්නේ ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි.අපේ රජයේ මෙඩිකල් කොලේජ් ටික වල් බිහි වේවී.මෙයාලගෙන් බෙහෙත් අරන් රටේ මිනිසුන් මැරිලා යාවි. (ස)
මැදපෙරදිග එන්න. සල්ලි වියදම් කරලා විභාග පාස් කරපු ඉන්දියන් දොස්තරලා රෝග සහ බෙහෙත් හොයන්නෙත් පරිගණකය ආධාරයෙන්.එක ලෙඩෙක් බලන්න පැය බාගයක් විතර යනවා.ඒ අතින් අපේ දොස්තරලට මල් තියල උදේ හවස වඳින්න ඕන.අඩු පහසුකම් යටතේ වුනත් මොන තරම් අපේ ලංකාවේ දොස්තරලා උගත්ද?දක්ෂද? (ස)
මැදපෙරදිග විශේෂඥ දොස්තරලාගෙන් අවුරුද්දකට වැඩිය බෙහෙත් අරන් ලෙඩේ වැඩි වුන කාන්තාවක් අන්තිමට මරණාසන්නව ලංකාවට ඇවිත් ගාල්ලේ රජයේ හොස්පිටල් එකේ විශාල සැත්කමකට බාජනය වෙලා මාස 5 ක් යනකොට නැවත මැදපෙරදිගට රැකියාවට ගියා.සල්ලි බලයෙන් විභාග පාස් කරන්න පුළුවනි මිනිසුනි. එවා හොඳයි කියන ඔබලාට දෙවියන්ගේම පිහිට පතමි. (ස)
මාතර අත කපපු දොස්තරලට දඬුවම් දෙන්න කියලත් උද්ගෝෂණයක් කරන්න. ඒ දොස්තරලා තම නිදෙල්ලේ. අහිංසක අචලට අතක් නැති කලා. ඔහොම තමා ඔවුනුත් පිකටින් කරන්න ඇත්තේ. (ස)
තේරෙන භාෂාවෙන් කියනවා නම් සල්ලි බලයෙන් දොස්තරලා වෙන අය ලගට යනවා නම් ගෙදර මිනීපෙට්ටියක් ලැහැස්ති කරලම බෙහෙත් ගන්න යන්න.මරුන එකාව වලලලා දාන්න ලෙහෙසීනෙ.(නදී)
අනිවාර්යෙන් රටේ පුද්ගලික විශ්ව විදයාල ඇති කළ යුතුයි. මේ අය උපාදිය අරටගක චැනල් සේවා වල ලෙඩුන් බලන්න එන්නේ පින් තකාද? ඕවා ඔක්කොම කැම්පස් වලදි විතරයි. රැවටෙන්නේ රටේ ජනතාව විතරයි.(නදී)
ආරියසේන, ලංකාවේ දොස්තරලගේ වටිනාකම තේරෙන්නත් එක්ක කැමතිනම් මැද පෙරදිග ගිහින් බලලා බෙහෙත් ටිකකුත් අරගෙනම ආවනම් හොදයි. ඉන්දියන්,පකිස්තාන් ,අරාබික් සල්ලි බලයෙන් විභාග පාස් කරපු දොස්තරලගෙන් බෙහෙත් අරන් මරණාසන්නව ලංකාවට ගොඩ බහින්න පුළුවන්.(නදී)
විශ්ව කර්ම කරන්න පුළුවන් ඉතාම දක්ෂ දොස්තරලා ඉන්නේ ලංකාවේ. මේවා කියන්නේ අත් දැකීමෙන් දරුවා.(නදී)
මට තනා කෙන්තිය නම් (දී)
ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කරන්නට ලැබේවායි මගේ එකම පැතුමයි.මේ අයගේ උඩගෙඩි ගිලින්න තරම් රටේ ජනතාව හරක් නෙවෙයි. (ස)
මට ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් උසස් අධ්‍යාපනය ලබන්න ලැබුනේ නැහැ.මගේ දරුවන්ටත් එහෙම ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්න පුළුවන්.අර්ථ දක්ෂ දුප්පත් දරුවට වල කපන්න එපා.දුප්පත් දෙමාපියන්ගේ දක්ෂ දරුවන්ට ඊර්ශියා කරන්න එපා. (ස)
ලංකාවෙ විතරද පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්නෙ.ඒවගෙ පිට වෙන දොස්තරලා ඔක්කොම සොබනා කියනවා වගේ අයද දන්නෙ නැහැ. (ස)
අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම ගරහනවා.පව් අහිංසක ලෙඩ්ඩු.හොඳක් වේවිද මේ අයට (ස)
ඇයි ගෙවල් නැද්ද ?(දිල්)
ඔබ අපි දකින, යම් ප්‍රමාණයකට හෝ යමක්කමක් ඇති අපි පෞද්ගලික රෝහල් වලට ගියාට ලංකාවෙන් 80% කටත් වඩා සාමාන්‍ය රෝහල් වලින් සේවය ලබා ගන්නා අය නොවේද? ඕනෑම දෙයක් මුදලට විකිණෙන ලංකාවේ මෙම උපාධියත් මුදලට ලබා ගත නොහැකි වෙයි කියා ඔබ සිතන්නේද? (නි)
වැඩක් නැහැ. 2/3 දීලා ඉවරයිනේ (නි)
බන්දුල පෙරේරා දාන අදහස් කවදාවත් මම අනුමත කරලා නැහැ. හැබැයි අද පළවැනි වතාවට මම බන්දුල සමග එකඟයි. මොකද අද ලෝකේ පුරාම පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනෑ තරම් තියෙනවා. ඉන් ඉගෙනගෙන උපාධිය ගෙනවිත් මේ රටේ සේවය කරන වෛද්‍යවරු ඉන්නවද ? එහෙනම් පිටරටවලට ඇදිලා යන මේ ධනස්කන්දය අපි අපේ රටේ නවත්තා ගත්තම මොකද වෙන්නේ ? (නි)
රජයක් පිහිටුවා ගන්නේ රජය මගින් ජනතා අවශ්‍යතා ඉටුකර ගැනීමට.අතීහයේ උගත් බුද්ධිමත් අය බිහිවුයේ රජයේ පාසැල් සහ විශ්ව විද්‍යල වලින්. අද උගත්කම නැහැ නවීකරණයවීමක් පමණයි.මේ ප්‍රකාශ කරන අදහස් වලින්ම පැහැදිලි වෙනවා නුගත් අයගේ සහ පක්ෂග්‍රාහී වූ අයගේ අදහස් බව.රජයට කරන්න බැරිනම් ඒ රජයේ නොහැකියාව.මේ විදිහට ඉදිරියේ රටත් විකිණේවි.අද පාසැල් විනාශ වෙලා උසස් අධ්‍යාපනය විනාශවෙලා.මේවාට ඉඩනොදිය යුතුයි. (නි)
ගොඩක් අය අදහස් ඉදිරිපත් කරලා තියෙන නිසා මට අලුතෙන් ඉදිරිපත් කරන්න අදහසක් නැහැ වගේ. (නදී)
මේ අය රජයේ වියදමින් උපාධිය අරගෙන , රජයට වියදම් වූ මුදලවත් නොගෙවා ,අඩු තරමින් වසර පහක්වත් සේවය නොකර ,රෝහල් වල පත්වීමත් නොගෙන රටහැර යති.මේ නිසා රටේ ඇති සියලුම රජයේ විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය කිරීමෙන් රජයට වැයවෙන විශාල මුදලක් ඉතිරි කර ගත හැකිවන අතර ඒ මගින් මොවුන්ගේ වීදි බැසීමත් නතරවේවි. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි. මේක මොන ක්‍රමයකින් හෝ රටේ ස්ථාපිත කළ යුතුයි.අපේ රටේ තව තවත් තරුණ තරුණයින් උසස් අධ්‍යාපනය හදාරලා ඒ දුවලා පුතාලට අපේ රටේ රැකියා නොමැති වුණත් ලෝකයේ අනෙක් රටවල රැකියා වලට ලෙහෙසියෙන් පිවිසිය හැකිය. හැම රටකම පෞද්ගලික විශ්ව විද්‍යාල ඇත.මේකට විරුද්ධ වෙන්නේ උගත් මෝඩයින් සහ රටේ දියුණුව දකින්න බැරි ඉරිසියාකාර පිරිසකි (නි)
දැන් මේ පාරට බැහැල ඉන්නේ අහිංසක හිපොක්‍රටීස් ලෝගුව දාගත්ත ළමයි ටිකක්. ඉගෙන ගෙන එපොයින්මන්ට් අරගෙන ඒ ලෝගුව ගලවපුවම තමයි පෙනෙන්නේ ඇත්තටම ඇතුලේ ඉඳල තියෙන්නේ ෂයිලොක් කියලා. මේක තමයි ඇත්ත, අහිංසක මිනිස්සුන්ගේ බදු වලින් ගොඩ ගිය බව මෙයාලට අමතක වෙනවා. (ස)
වෛද්‍ය ඉන්ජිනේරු උපාධි ගත් හැමෝටම පොතේ දැනුම පමණි. රටට වැඩක් නැත. පුද්ගලික විශ්ව විද්‍යාල දමා තරඟය ඇති කළ යුතු වේ (නි)
අනේ ඔබට ලෙඩක් හැදුනම පිටරට ගිහින්න්ද බෙහෙත් ගන්නේ? (දී)
ඔබ දන්නවාද? වෛද්‍ය වෘත්තිකයෙකු පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් බිහි කිරීමට ලක්ෂ 60කට වඩා යයි. තවද එසේ මුදල් වියදම් කර බිහිවන වෛද්‍ය වෘත්තිකයන් වෛද්‍යවරු වූවාට පසුව රෝගීන් ගැන සළකනවාට වඩා සළකන්නේ තමා හට උපාධිය ලබාගැනීමට වියදම් වූ මුදල් ලබා ගැනීම පමණි. අසරණ රෝගියා මරණාසන්නයේ වුවද මුදල් නැතහොත් රෝගියා දෙස බැලීමට වුවද මුදලට පමණක් සේවය කරන්නා වූ පිරිස් බලන්නේ යැයි ඔබට සහතික විය හැකිද? තවද අපොස උ/පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබමින් වෛද්‍යවරයෙකු වීම සදහා ශිෂ්‍යයෙකු සුදුසුකම් ලබන්නේ දහසක් ගුණාංග වර්ධනය කරගනිමිනි. ඉවසීම, පීඩනය දරා ගැනීම ඒ අතර ප්‍රධාන වේ. එසේ පීඩනය දරා ගැනීම, ඉවසීම නොමැතිව වෛද්‍යවරයෙකු හට එක දිගට පැය 12ක සැත්කමක් කිසිම කලෙකදී කළ නොහැක.උසස් පෙළ විභාගයේදී යන්තම් එස්-3 හිමිකරගන්නා සල්ලිකාර ළමයින් හට මේවා වර්ධනය කර හැක්කේ කෙසේද? පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමෙන් තරගයක් වර්ධනය නොවන අතර අතීතයේදී ලංගමය පෞද්ගලික අංශයට ගත්විට ප්‍රවාහනයේ ගුණාත්මක වර්ධනයක් වේ යැයි සිතුවද වර්ථමානයේදී පෞද්ගලික බස් රථ ගුණාත්මකභාවය නොව මුදල් මතම පදනම් වී ඇතුවාක් මෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලද මුදල්මතම පදනම් වේ. බටහිර රටවල් වල මෙන් මෙරටද පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති කළ යුතු යැයි කියන්නන්ට මා කියන්නේ බටහිර රටවල නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැත. අඩුමගානේ අපේ යාබද රටටද නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැත. සියල්ල මුදල් මත පදනම් වූ විට ඔබට ඇස් ඇරෙන විට අශ්වයා ගොස් හමාරය. (නි)
සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න කියලා ඔය කවුරුවත් පෙළපාලි ගියේ නැහැනේ? ජනතාව රවටාගෙන මේක දොස්තරවරුන්ගේ බඩගෝස්තරය රැකගන්න කරන සටනක් කියලයි මම නම් දකින්නේ.පුලුවන් නම් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ලංකාවේත් ක්‍රියාත්මක කරන්න කියලා උද්ගෝෂණයක් කරන්නකෝ ජනතාව ගැන හිතනවා නම් (නි)
විශ්ව විද්‍යාල පෞද්ගලික කරන්න ඕනේ (දී)
පෞද්ගලික රෝහල් , චැනල් සේවා එපා කියලත් උද්ගෝෂණය කරන්න කෝ ... රට හැරගිය වෛද්‍ය වරුන් අපහු එන්නත් කියල උද්ගෝෂණ කරන්න කෝ... අපිත් එනවා සටනට ...(දී)
පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යයි (දී)
මතක තියා ගන්න ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා (දී)
මහේෂ් 2013-11-08 08:21:46 ඔබ දන්නවාද? වෛද්‍ය වෘත්තිකයෙකු පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් බිහි කිරීමට ලක්ෂ 60කට වඩා යයි. තවද එසේ මුදල් වියදම් කර බිහිවන වෛද්‍ය වෘත්තිකයන් වෛද්‍යවරු වූවාට පසුව රෝගීන් ගැන සළකනවාට වඩා සළකන්නේ තමා හට උපාධිය ලබා ගැනීමට වියදම් වූ මුදල් ලබා ගැනීම පමණි. අසරණ රෝගියා මරණාසන්නයේ වුවද මුදල් නැතහොත් රෝගියා දෙස බැලීමට වුවද මුදලට පමණක් සේවය කරන්නා වූ පිරිස් බලන්නේ යැයි ඔබට සහතික විය හැකිද? තවද අපොස උ/පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබමින් වෛද්‍යවරයෙකු වීම සදහා ශිෂ්‍යයෙකු සුදුසුකම් ලබන්නේ දහසක් ගුණාංග වර්ධනය කරගනිමිනි. ඉවසීම, පීඩනය දරා ගැනීම ඒ අතර ප්‍රධාන වේ. එසේ පීඩනය දරා ගැනීම, ඉවසීම නොමැතිව වෛද්‍යවරයෙකු හට එක දිගට පැය 12ක සැත්කමක් කිසිම කලෙකදී කළ නොහැක.උසස් පෙළ විභාගයේදී යන්තම් එස්-3 හිමි කරගන්නා සල්ලිකාර ළමයින් හට මේවා වර්ධනය කර හැක්කේ කෙසේද? පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමෙන් තරගයක් වර්ධනය නොවන අතර අතීතයේදී ලංගමය පෞද්ගලික අංශයට ගත්විට ප්‍රවාහනයේ ගුණාත්මක වර්ධනයක් වේ යැයි සිතුවද වර්ථමානයේදී පෞද්ගලික බස් රථ ගුණාත්මකභාවය නොව මුදල් මතම පදනම් වී ඇතුවාක් මෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලද මුදල්මතම පදනම් වේ. බටහිර රටවල් වල මෙන් මෙරටද පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති කළ යුතු යැයි කියන්නන්ට මා කියන්නේ බටහිර රටවල නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැත. අඩුම ගානේ අපේ යාබද රටටද නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැත. සියල්ල මුදල් මත පදනම් වූ විට ඔබට ඇස් ඇරෙන විට අශ්වයා ගොස් හමාරය. රටේ බත්කන කකුල් දෙකේ හරක්ට ඔරවා කියල වැඩක් නැහැ.මොකද වුන්ට ලක්ෂ 60 ක් තියා පස්ස කසා ගන්න නිය නැහැ.වේල් තුන දරුවන්ට කන්න දෙන්න සල්ලි නැහැ.මොඩකමට බෙහෙත් නැත. (ස)
මමත් වෛද්‍ය වුර්තියට සම්බන්ද කෙනෙක් දැනට පිටරටක සේවය කරන්නේ.ඇයි අපේ ලංකාවේ විතරක් පෞද්ගලික වෛද්‍ය උපාදියට ඔයතරම් අකමැති වෛද්‍ය සිසුන්. කියන්න තියෙන්නේ මෙපමනෛ පෞද්ගලික වෛද්‍ය උපාදී අරගෙන අවොත් එයාලට ලෙඩ්ඩුන්ගෙන් ගරනා පාර අඩුවෙනවා නැතුව රටට ආදරේට නොවෙයි .අනික ලෝකේ ඕනෙම දියුණු රටක පෞද්ගලික වෛද්‍ය උපදී තියෙනවා එහෙනම් එම රටවල්වල් වල වෛද්‍ය මට්ටම පහල බහින්න එපාය .පෞද්ගලික වෛද්‍ය උපාදිය ලංකාවේ පටන් ගත්තොත් එකෙන් රටට හොඳ විදෙස විනිමයක් හොයා ගන්න පුළුවන් (දී).
මේ කියන තරම් නරක නම් සමහර දොස්තරලගේ ළමයින්වත් මේ මාලඹේ කැම්පස් එකට ඇතුලත් කරලා තියෙන්නේ අැයි? මේක තනිකරම කුහකකමට කරන අරගලයක්. (නි)
රජයේ වියදමෙන් ඉගෙනගෙන පුද්ගලික රෝහල් වල කරන චැනල් සේවයට විරුද්ධ නැද්ද?තම් රටේ ජනතාවට සේවය කරන්න නේද හොද වැටුපක් සමග නොමිලයේ පුහුණුව ජනතාවගේ මුදලින් ලබා දී තිබෙන්නේ?කොයි දොස්තර මහත්තද මුදල් නොගෙන හරියට ප්‍රතිකාර කරන්නේ?සමහර නොමිලයේ ඉගනගත් දොස්තර මහත්වරු රුපියල් 8000.00 ලෙඩ බලන්න විතරක් අය කරනවා.ඔය එළියට බැහැලා ඉගෙනගන්න වෙලාව නාස්ති කරගන්න දරුවන් මේවා දන්නේ නැද්ද? පුද්ගලිකව ඉගෙන ගෙන සේවය කරන කිසිම කෙනෙක් ලෙඩ බලන්න එපමණ මුදලක් ගන්නවා අහලා තිබෙනවද?රටේ හොද දොස්තරවරු වැඩිවීමෙන් චැනල් මිල ඉහළ දාන්න ටිකක් අපහසුයි නේද? (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න කියන අය මොනතරම් ඉන්නවද කියලා හිතෙනවා.ඔබලාට ලක්ෂ 65 ක්දෙන්න මුදල් තිබෙනවද?ලේ දෙන්න පුළුවන් ඒත් මොළේ දෙන්න බැහැනේ. (නි)
පුද්ගලික ඉස්පිරිතාල හොදයි .ඒවායේ චැනලින් හොදයි ..පුද්ගලික විශ්ව විද්‍යාල නරකයි .කොහොම හරි දෙතුන් දෙනෙක් බාව ගෙන සමුළුව තියෙන දවස් වල වෙන්දේසියේ දන්නා කට්ටිය අර අදින්නේ.. දෙමව්පියන් තමන්ගේ දරුවන් ප්‍රවේසම් කර ගත්තොත් හොදයි (දී)