IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාගම - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඞ් ජය ලබති

අන්තර් සමාජ (වයස 23 න් පහළ) ක‍්‍රිකට් තරගාවලියේ (2013) , වැනි කොටසේ පස්වැනි සතිඅන්තයේ අවසන් වූ තරගවලදී රාගම, කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඞ් යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් වූහ.

නාවික හමුදා පිලේ වමතින් පා දඟ පන්දු යවන ඩිලංක අවර්ට්, සතියේ හොඳම පන්දු යවන්නා වෙමින් කෝල්ට්ස් පිලේ කඩුලූ 11 ක් ලකුණු 138 කට දවාගත් නමුත් නාවික හමුදා පිල පරාජයෙන් ගලවා ගැනීමට ඩිලංකගේ දස්කම් ප‍්‍රමාණවත් නොවීය.

රාගම පිලේ උදාර ජයසුන්දර සතියේ පිතිකරු බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 81 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 133 ක් රැස්කිරීමට සමත් විය.    

මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී රාගම පිලට ලකුණු 156 ක ජයක්
රාගම ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 266 (උදාර ජයසුන්දර 81, ළහිරු මිලන්ත 55, ජේසන් පෙරේරා 47, ළහිරු ජයරත්න නොදැවී 33, සුපුන් උදාර 56/5, ලසන්ද රුක්මල් 50/2, සොහාන් රංගික 77/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 319 (උදාර ජයසුන්දර 133, ධනංජය ද සිල්වා 73, ජේසන් පෙරේරා 40, චතුර පීරිස් 20, ගිහාන් නිම්සර නොදැවී 33, කවිඳු පෙරේරා 40/27)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 153 (ඇන්ජලෝ එම්මානුවෙල් 40, යශෝධ ලංකා 25, සජිත් ප‍්‍රනාන්දු නොදැවී 21, චතුර පීරිස් 49/5, ධනංජය ද සිල්වා 28/3) සහ දෙවැනි ඉනිම 276 (සජිත් ප‍්‍රනාන්දු 83, යශෝධ ලංකා 48, රජිත් පෙරේරා 41, නිපුන් පවිත‍්‍ර 35, විශ්ව කංචුක 34, සුරේන් සිල්වා 34/3, අමිල අපෝන්සු 68/3)

වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී කෝල්ට්ස් පිලට කඩුලූ 5 ක ජයක්
නාවික හමුදා පිල පළමු ඉනිම 113 (අවිෂ්ක පීරිස් 50, ළහිරු සිල්වා 22, අකිල ධනංජය 37/4, ළහිරු සඳරුවන් 0/3, සුපේෂල ජයතිලක 25/2) සහ දෙවනි ඉනිම 256 (අවිෂ්ක පීරිස් 52, ළහිරු සිල්වා 51, විමේෂ් වික‍්‍රමසිංහ 36, ඩිලංක අවර්ට් 24, ඉෂාන් අබේසේකර 24, දුෂාන් හේමන්ත 55/5, අලී ඛාන් 40/2, අකිල ධනංජය 71/2)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 251 (ඉමාල් ලියනගේ 81, සුපේෂල ජයතිලක 62, ඇන්ජලෝ ජයසිංහ 53, ශෂේන් ප‍්‍රනාන්දු 20, ඩිලංක අවර්ට් 90/7, සුජීව ලියනගේ 60/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 121 (භානුක රාජපක්‍ෂ 24, දුෂාන් හේමන්ත නොදැවී 34, ඩිලංක අවර්ට් 48/4)

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 160 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 192 (කොෂාන් ධනුෂ්ක 62, අදීෂ නානායක්කාර 50, සජීව සල්ගාදු 27, දුෂාන් විමුක්ති 71/7, තේනුක ධනංජය 49/2) සහ දෙවැනි ඉනිම 267 (නිපුන් කරුණානායක 65, චරිත කුමාරසිංහ 42, අදීෂ නානායක්කාර 41, රුවින්ද ශාමෙන් 28, අසන්ත සංගප්පුලි 25, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 84/5, දුෂාන් විමුක්ති 74/2)

අම්බලන්ගොඩ ලියෝ පිල පළමු ඉනිම 145 (උදාර මුණසිංහ 47, පුබුදු හසංක 43, යසිත් චමෝද් 27, විශ්ව ප‍්‍රනාන්දු 27/5) සහ දෙවැනි ඉනිම 154 (උදාර මුණසිංහ 61, කොෂාන් ධනුෂ්ක 63/4, නිපුන් කරුණානායක 21/3, රුවින්ද ශාමෙන් 6/2)

මීගමුව කදිරාන ක‍්‍රීඩාංගණයේදී මීගමුව ක‍්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්
මොරටුව ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 222 (ශානුක දුලාජ් 55, ධනුෂ්ක මධුෂාන් 43, මාලිංග ද සිල්වා 31, සංගීත් කුරේ 22, බුද්ධික ද අල්විස් 22, මල්ෂාන් ගුණසිංහ 56/6, කල්හාන් සිනෙත් 29/3) සහ දෙවැනි ඉනිම 211 (සංගීත් කුරේ 36, ශානුක දුලාජ් 34, ධනුක මධුෂාන් 33, දේෂාන් ඩයස් 28, කසුන් ප‍්‍රනාන්දු 27, මල්ෂාන් ගුණසිංහ 80/4, ළහිරු වික‍්‍රමසිංහ 31/2, චනුර ප‍්‍රනාන්දු 38/2)

මීගමුව ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 270 (උවින් බණ්ඩාර 50, ශ‍්‍රිහාන් අනුරුද්ධික 47, තුසිත් සිල්වා 45, ඉරංග විජේසූරිය 35, නිලෝචන පෙරේරා 29, කල්හාන් සිනෙත් 29, මාලිංග ද සිල්වා 76/3, බුද්ධික ද අල්විස් 16/2, ශානුක දුලාජ් 25/2, සිදත් විමුක්ති 54/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 89 (ශ‍්‍රිහාන් අනුරුද්ධික 28, හග්හාන් සිනෙත් නොදැවී 33, ශානුක දුලාජ් 10/2)

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන්විය.
අම්බලන්ගොඩ සිංහ පළමු ඉනිම 186 (අදීෂ තිලංජන 52, හසිත මධුෂාන් 45, නිමන්ද මධුසංඛ 29, තරිඳු කෞෂාල් 61/5, දුෂ්මන්ත චමීර 17/2)

එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 4 ට 112 (ළහිරු උදාර 42, සඳුන් වීරක්කොඩි 36, ඉසුරු චතුරංග 13/2)

පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී තරගය විසඳුමකින් තොරව අවසන් විය
සී. සී. සී. පළමු ඉනිම 173 (සචිත‍්‍ර පෙරේරා 64, සචින් පීරිස් 34, ගේෂාන් විමලධර්ම 29, සවිත් වීරසිංහ 37/5, ලක්‍ෂාන් මධුසංඛ 64/4)

යුද හමුදාව පළමු ඉනිම කඩුලූ 5 ට 119 (ප‍්‍රියංක පෙරේරා 20, ලක්‍ෂාන් එදිරිසිංහ නොදැවී 23, මධුක ලියනපතිරණ 26/3)



අදහස් (0)

රාගම - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඞ් ජය ලබති

නුවන් Tuesday, 20 August 2013 08:12 PM

අපි විමසිල්ලෙන් සියල්ල බලා සිටිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site