වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයේ ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා වගකීම් විරහිතව කටයුතු කළේ යැයි වරදකරු කරමින් ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ඒ මහතාට වසරක තහනමක් පැනවීමට තීරණය කර තිබේ.
කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයේදී පෙරේදා (29) රාත‍්‍රි පැවැති ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට ඒකමතික අනුමැතිය ලැබී තිබේ. මෙම දඩුවම තරග පැවැති දින සිට බලපැවැත්වේ.
එම තරගයේ පැති විනිසුරුවන් ලෙස කටයුතු කළ දිමිත‍්‍ර ගුණසේකර සහ මහේෂ් සේනානායක යන මහත්වරුන්ට ද මාසයක් බැගින් තරග තහනමක් පනවා තිබේ.
කළාහකාරි සිදුවීමක් වාර්තා වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ගාමිණි ඉන්ද්‍රසේන මහතාට ද සති දෙකක තහනමක් පැනවීමට විනිසුරු සංගමයේ විධායක කමිටුව පියවර ගත්තේය.
දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගයේදී රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහල් ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කි‍්‍රයාකලාපය මෙන්ම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයාගේ වගකීම සම්බන්ධයෙන් පාසල් රග්බි සංගමය ද හෙට (01) තීරණයක් ලබාදීමට නියමිතය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරියකු පැවසුවේ මෙම තරගයේදී ප‍්‍රදීප් ප‍්‍රනාන්දු මහතා වෙතින් ප‍්‍රධාන විනිසුරුවරයකුගෙන් සිදුවිය හැකි යයි අපේක්‍ෂා කළ නොහැකි අඩු පාඩු රැුසක් සිදුවී ඇති බවත් පැති විනිසුරුවන්වන් ද, වගකීම් පැහැර ඇති බවත්ය.
මෙම තරගය පසුගිය 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27x20 ක ජයක් හිමිවූයේ රාජකීය විදුහල් පිල දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී තරගයෙන් ඉවත් වීම හේතුවෙනි.
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල අතර තරගය පසුගිය 11 වැනිදා බම්බලපිටියේදී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රග්බි විනිසුරු ප‍්‍රදීප්ට වසරක තහනමක්
කෝලිත Thursday, 30 May 2013 06:19 PM
අයියෝ සල්ලි
චන්න Thursday, 30 May 2013 03:48 PM
අයියෝ සල්ලි
නිශේන්ද්‍ර Thursday, 30 May 2013 03:55 PM
එතකොට දිනුම කාටද? (ස)