ලෝක රග්බි පිටියේ කීර්තිමත් රග්බි විනිසුරුවකු වන දකුණු අප‍්‍රිකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මෙහෙයවන විශේෂ රග්බි විනිසුරු දේශනය හෙට (06) පස්වරු 4.00 සිට ටොරින්ටන්හි ඔලිම්පික් නිවසේදී පැවැත්වේ.
ජොනතන් කප්ලන් මහතා අන්තර්ජාතික රග්බි සංගමයේ විනිසුරුවන්ගේ උපදේශකයකු ලෙස කටයුතු කරන අතර ඒ මහතා 1999, 2003 සහ 2007 වසරවල පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිවල විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ.
මෙම දේශනයට සහභාගි වීම සඳහා ක‍්‍රීඩා සමාජ නියෝජිතයන්, විනිසුරුවන් ඇතුළු විශාල පිරිසක් ආරාධනා ලබා සිටින අතර එහිදී කප්ලන් මහතාගෙන් ගැටලූවලට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාව ද තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනේ පාරවල් වලින් බේරෙන්න භාවිතා කරන උපක්‍රම එහෙමත් කියල දෙනවද දන්නේ නැහැ දේශනයේදී.(නදී)
ඕකත් හරියට පාඩු අවම කරන්න කෝටි ගානක් වියදම් කරලා ක්‍රිකට් බෝඩ් එකෙන් අහවලාගේ උපදෙස් ගත්තා වගේ වැඩක් වෙයිද දන්නේ නැහැ (නි)
ලංකාවේ සිටින විනිසුරුවරුන්ට හරියට ජොබ් එක කරන හැටි කියලදෙන්න. (දී)