හදිසි රෝගියකු හැකි ඉක්මනින් රෝහලකට ගෙන යාමේ අරමුණින් ඉන්දීය රජයේ රුපියල් බිලියන 105ක ප්‍රදානයක් මත ගිලන් රථ 297 ක් යෙදවීමට රජය කටයුතු යොදා ඇත.
එම ගිලන් රථ සේවාවේ පළමු අදියර කොළඹින් ආරම්භ වේ. එම සේවාව සඳහා නියෝජිතයන් බඳවා ගැනීම ඇතුල්කෝට්ටේ සිංහ සමාජ ශාලාවේදී අද (10) විදේශ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර ඉන්දියානු විරෝධයේන මැරෙන්න හදන උන්නැහේලා මොනවද කියන්නේ (කෞ)
නුවන් ඔබටයි මේ පිළිතුර, මමත් ඉන්දියානු සීපා විරෝධී අයෙක් ඔබට මෙය ඉතා හොඳ දෙයක් ලෙස පෙනුනද, මරුටි එකක සහ විට්ස් එකක වෙනස බලන්න, ආරක්ෂාව (air bags, ABS) ඔය මොකුත් නැති ඉන්දියානු වෑන් රෝගීන්ට බුදු සරණයි. පිට රටකට ගිහිං බලන්න, අපිටත් පෙනුම නිසා ඉන්දියන් කාරයෝ කියල සලකන්නේ ... යන තැන කනවා ... හැම දාම එතනමයි. දියුණු වෙන්න ඕන නම්, ඉන්දියාව නැතුව, ස්වාධීනව නැගී සිටිමු. (ර)
අනේ වල්ලම්පිටියටත් එකක් යවන්න
ටිකදවසක් යනකොට මේ ගිලන්රතවලින් ගල් සිමෙන්ති අදින්න යෝදාගනීවී දේශපාලුවන්ගේ හෙන්චය්යලා ඉන්න රියදුරෝ. (කෞ)
සෙන ගේ කටට මසුරන් දාන්න වටිනවා . මේ ප්‍රදානය අල්ලසක් නොවන පගාවක් අර ඉට්කා ගිවිසුම ගහන්න . ඊට පස්සේ සීප වලටම යන්න (අ)
ඉන්දියාවට හොඳ වෙළදාමක් (ම)
එක ගිලන් රථයක් ලක්ෂ 3530 ක් වී ඇත.(බ)
ඔය දොළ පිදේනි කෑවා වගේ නෙවෙයි වමාරන්න වුනාම. (බ)
හැම මගුලම පටන් ගන්නේ කොළඹින් (බ)
ඉන්දියාව කොහොමහරි එහේ රැකිරක්ෂා ප්‍රශ්නය විසඳා ගන්නත් ක්‍රමයක් හදාගත්තා වගෙයි (නි)
ලංකාවේ දැන් බසුත් හදනවා. කොච්චි හදන්න ඉල්ලුවට අවසර දුන්නේ නැ. එහෙම එකේ ඕව ලංකාවේම හදන්න ලංකාවේ සමාගමකට දුන්නොත් නරකද. මේ වගේ දේශපාලකයෝ ඔක්කොම පිටරටින් ගෙනල්ල කොමිස් කන එක තමයි කරන්නේ. (බ)
ගිලන් රථ ග්‍රාමිය රෝහල් වෙත ලබා දෙන්න.(හේ)
මෝඩ චන්න , මේක ප්‍රදානයක් . අනතුරකට පත්වෙන මිනිස්සුන්ව ගෙනියන්න ඉන්නෙ ත්‍රීවීල් කාරයො විතරයි..ඒක අස්සට අනතුරට පත්වෙච්ච මිනිහව ඔබනකොට, අස්ථි කැඩෙනව..බෙල්ල කැඩිලා කෙලින්ම ඒ මිනිහා බාගෙට මැරෙනවා.. මේ රටවල්වල, අනතුරකදී කතා කරන්න පුලුවන් ඈම්බියුලන්ස් එකට විතරයි..මේ වගේ හොද වැඩ අගය කරන්න..හැමදේම දේශපාලනේ නෙමෙයි (බ)
ඉන්දියාවෙි කසි කබල් ගේන්න එපා....(බ)
ඔය ඔක්කොම ගිලන් රථද? එතකොට ආපදා රථ නැද්ද, ඔය ගිලන් රථ ගිලන් වුණාම ගෙනියන්න. (නි)
මට හිතෙන්නේ මේක අර ගිවිසුමට කලින් දීපු පගාවක් - නැතිනම් ඉන්දියාවේ හදිසි අනතුරකින් තුවාල වෙච්ච කෙනෙක් උස්සන්න මනුස්සයෙක් ඉදිරිපත්වෙන්නේ නැහැ. (බ)
ආර්ථික විශේෂඥයො නම් හැට හුටහමාරක් ඉන්නව අපේ රටේ.නමුත් තමන්ට කියල දෙයක් මේ රට තුළ හදා ගන්නව වෙනුවට අනුන්ගෙන් යැපෙන්නමයි බලන්නෙ. (අ)
මම ඉන්නේ ඉන්දියාවේ, අනේ මෙහේ අය යන්නේ අර ඔමිනි කියලා තියෙන පාන් බාගයක් විතර වන එකක එක තමයි මෙහේ ගිලන්රථ ! ගොඩක් පැතිවල මිනිස්සු ගිලන්රථ දැකල නැ. නිකන් දෙන ඔවා ගන්නා අපිටත් හෙන ගහනවා ! අනික ඔවා ඉන්දියාවේ හදපුවා! (අ)
කොලේ වහල ගැහුවට අපිට තේරෙනවා වෙනේ දේ.මේකයි ඇත්ත. ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් දෙනවා හැබැයි සෞඛ්‍ය අමාත්‍යංශයට නෙවෙයි. රියදුරන් බදවගන්න මේ පහුගිය 9 වෙනිදා ඉංග්‍රීසි පත්තරවල ඇඩ් දැම්ම . හැබැයි අවසන් දිනය ඊට පහුවෙනිදා (10). (කෞ)
කපිල ඔබ හරි, අපේ මිනිස්සු හැම දේම දිහා බලන්නේ පාට කන්නාඩි වලින්. අනතුරක් වුන කෙනෙක් වාහනයකට දාගන්නේ නැහැ වග කියන්න වෙන නිසා. එහෙම වෙලාවට මේ වගේ සේවයක් තියෙන එක ලොකු දෙයක්. (බ)
ඔක්කම ඉන්දියන් කුණු ටික වැඩි ගණනකට අපේ රටට විකුනනවා. ඉන්දියන් අශෝක් ලේලන්ඩ් බස් හැර අනිත් ඔක්කම කුණු ගොඩවල්. (බ)
අගය කළ යුතු ක්‍රියාවක්. (බ)
මොනික බද්දත් එක්ක වෙන්ඩ ඇති (අ)
ලක්ෂ 35 ක් නේද(අ)
අපි ඉන්දියාවට වැසිකිළි ටිකක් හදලා දෙමු (බ)
ඉන්දියාවෙන් ගිලන් රථ ගෙන්නන්න යනවා ? ඕව හදල තියෙන්නේ ඉන්දියාවේද? එ් රටේ සෞඛ්‍යය සහ මාර්ග පද්ධතින්ට සරිලන විදියට හදල තියෙන ඔය සොච්චම් ගිලන් රථ අපේ රටේ උසස් සෞඛ්‍යය සහ මාර්ග පද්ධතින්ට ඔරොත්තු දෙන්නේ නැහැ. පේනවා නේද ඉන්දියන් ත්‍රීරෝද රථවලින් අපේ රටට වෙලා තියෙන විනාශේ ? (බ)
එතකොට එක ගිලන් රථයක් මිලියන 353ක්ද? රත්තරන්ද දන්නේ නැහැ (නි)
අය්යෝ මේක ප්‍රදානයක් අනේ නිකන් දීල තියෙන්නේ.සල්ලි වලට නෙමේ (අ)
හැබෑටම ඉන්දියාවට පුදුම කැක්කුමක් නෙ තියෙන්නෙ ලංකාව ගැන. අර ඉන්දියාවෙ එවුන්ට කක්කුස්සියක් වත් නැ හදිස්සියකට, අම්මල බබා හම්බවෙන්න යාගන්න බැරුව පාරෙ මැරෙනව. හොදයි හොදයි , කාපියව් උන්ගෙ ලනු. හැබැයි කුම්බලා මාලු කෑවානම් විඳවාපන් බළලො කියල තමයි කියන්න වෙන්නෙ. (බ)
මේවා නිකම් දීපු පරිත්‍යාගද? ඉතින් ඇයි එහෙනම් ඒවා හෙල්ත් මිනිස්ට්‍රි එකට දෙන්නේ නැත්තේ. ඇයි මේ අලුතින් සේවකයෝ අරගන්නේ විදේශ අමාත්‍යංශයෙන් සම්මුඛ පරීක්ෂණ කරලා. මේක හරි පැටලිලි සහිතයි. (බ)
මේ සමහර අදහස් දාල තියෙන අය මොනතරම් මෝඩ මිනිස්සුද කියල හිතෙනවා. ඒ වගේම කුහක කමින් ඉරිසියාවෙන් ලියන දේවල්. මේක ප්‍රදානයක් මිසක් ණයක් නෙමේ මෝඩයිනේ. (බ)
තේරෙන්නේ නැහැනේ සරල න්‍යායක්වත්. අද කාලේ අල්ලපු ගෙදර මිනිහා වුණත් යම්දෙයක් දෙන්නේ යමක් බලාපොරොත්තුවෙන්. ඉතින් ඉන්දියාව නිකන් අතලෙවකන්නද සල්ලි දෙන්නේ? (නි)
මේක හොඳ වැඩක්. හැබැයි දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ වැඩක්. පූර්ව රෝහල් උපස්ථානය සහ හදිසි වෛද්‍ය සේවා ගැන දන්නා මිනිස්සු ලංකාවේ අඩුයි. මේක හොඳ සැළසුමකින් කරන්න ඕනෑ. (නි)
ඉක්මනින් ලෙඩුන් ගෙනියනවා කියන්නේ දැනට තිබෙන ඒවා වගේ වාහන පෝලිම් අස්සේ යන්නේ නැතිව පියාඹන ගිලන් රථ වෙන්න ඇති. (ර)
නුවන් නමින් පෙනීසිටින කෙනා ඉන්දියානුවෙක්වද්ද? (නි)