පෙනහළු බද්ධය සාර්ථකව සිදු කිරීමෙන් පසු ‘ඔහු නැවතත් හුස්ම ගනී‘ (හී බ්‍රීතස් අගේන්) යනුවෙන් තම සැමියා නිහාල් ජයමාන්න වෙනුවෙන් ඇය පොතක් ලීවාය. සැමියා වෙනුවෙන් ඔහු රෝගී වූදා සිට ඔහුව සුවපත් කිරීමට ගත් වෙහෙස ඔවුන් දෙදෙනාගේ එකම පුතණුවන් වන තිලංක කළ මහත් කැපවීම මෙන්ම ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙරටදී පෙනහළු බද්ධය සාර්ථකව සිදුකිරීමට හැකිවීමේ අත්දැකීම සම්බන්ධයෙන් රෝහිනී ජයමාන්න මහත්මිය ඇගේ කෘතියෙන් කියන්නීය.
අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (1) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී ‘හී බ්‍රීතස් අගේන්‘ කෘතිය දොරට වැඩීමේ උත්සවය පැවැත්විණි. අගවිනිසුරුට හා නිහාල් ජයමාන්න වෙනුවෙන් වෙහෙසවූ වෛද්‍යවරු රැසකටද එහිදී රෝහිනී ජයමාන්න මහත්මිය අතින් කෘති පිළිගැන්වීම සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවතී, දියුණු රටවල අවුරුදු 4ක් තිස්සේ හුස්ම අමාරුවෙන් ඉහළ පහළ අදිමින් මරණය එනතුරු අපහසුවෙන් කාලය ගෙවමින් ඉන්න ඕනෑ නැහැ.සුබෝදිනී කිවුවා වගේ සමහර රෝග නිට්ටාවට සුවකිරීමට බැරිවුණත් රෝගියාට හුස්ම ගැනීමට පහසු නවීන ප්‍රතිකර්මයන් නම් ඕනෑතරම් අප දියුණු රටවල් වල දැකලා තියෙනවා. (නි)
නිමල් ශාන්ත ඒ ලෙඩේ ස්වභාවය දැක්ක කෙනෙකුට මිස වචනයෙන් ඒ ගැන කියන කෙනෙකුට සිතෙනා තරම එතරම් සංවේදී නැහැ. (w)
ලක්සිරි, ඇත්තටම ඔයගොල්ලන්ට හදවතක් තිබෙන මිනිසුන්දකියලත් හිතෙනවා.මා ලියුවදේ ඔබ සියල්ලන්ටම හද පිනවන විහිළුවක් වීම මට පුදුම නැහැ.ඒ ලංකාවේ මිනිසුන් උවමනාවෙන්ම කෙනෙකුගේ හිත රිදවීමට ඉදිරිපත් වෙන්නේ හරීම උවමනාවෙන්. එය මා හොදින් දැක ඇත.මා ලිවුවේ මගේ ස්වාමියාගේ 72 වියේ පසුවන පියාගේ පෙනහළු ඝනවී හුස්ම ගැනීමේ අපහසු රෝගය ගැන.මේ රෝගයට බෙහෙත් නොමැති බවත්, ශල්‍යකර්මයකින් පමණක් ප්‍රතිඵල ලැබුනත් මේ පියාට ඔපරේෂන් කරන්න සිහිනැති කළොත් නැවත සිහිය නොලැබෙන බව සහ හුස්ම ගැනීමට පහසු කරවන ඉන්හේල් එක වසරක් පමණි ඒ රෝගීන්ට ලබාදෙන්නේ. ඔබ මේ තරම්ම මා අපහසුවට පත්කරන්න අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුගෙන් ඒ ගැන අසා දැනගන්න. අසරණ වූ තරමට රෝගී වූ තරමට ඒ පවුලේ සාමාජිකයෙකුටවත් වචනයෙන්වත් අපහසුවට පත්නොකරන්න මිනිසුන් වශයෙන් අපි සැවොම වගබලා ගතයුතුයි (නි)
රුපවතී,ඔබේ මාමා, දරුවන් වෛද්‍යවරු වෙලත්,දියුණු රටක ජීවත්වෙලත් අවුරුදු හතරක් හුස්ම පොද ඉහළ අදිමින් මරණය තමා කරා පැමිණෙනතුරු හැම දිනක්ම අපහසුවෙන් දිවිගෙවීම ගැන ඔබ පැවසීම විස්මයට කරුණකි.දියුණු රටවල රෝගීන් මෙසේ අවුරුදු ගණන් දුක්වින්ඳත් නවීන ප්‍රතිකර්මයේ පිහිටෙන් යම් දුරකට සැනසිල්ලක් ලබති. දියුණු රටක ඉන්න නිසා, ඔබ කිවු පරිදි දරුවන් දොස්තරවරුන් නිසාත් එම පියාට නවීන ප්‍රතිකර්මයන්ගේ යම් පිහිටක් ලැබේවායි පතමි.......!! (නි)
මගෙ ස්වාමියාගේ පියාද මෙම රෝගයෙන් පෙළෙනවා දැනට වසර 4ක කාලයක සිට කොපමණ දියුණූ රටක ජිවත් වුවත් දරුවන් වෛද්‍යවරු වුවත් ඒ වසර72 අසරණ පියා අපහසු වෙන් හුස්ම පොද ඉහල අදිමින් මරණය තමා කරා ලංවන තුරු හැම දිනක්ම අපහසුවෙන් ගෙවා දමන්නේ ජිවත්වෙලා ඉන්නා අපට මරණය ගැන අර්ථය තවත් අවශය නැහැ කියන්නාක් මෙනි. ඒ පියාණන්ව දකින මට අනිකුත් සාමාජිකයින්ට වඩා හදවතට ලොකු වේදනාවක් දැනෙනවා ඒ අප අනෙකුනට වඩා සංවේදි යැයි මා සිතනන නිසා වෙනි ..(ම)
දියුණු රටවල් වල රෝගියාට යම් තරමක සහනයක් ලබා ගැනීමට ඔක්සිජන් තෙරපි කියලා ප්‍රථිකාර ක්‍රමයක් තිබෙනවා නේද.....? (නි)