දිනේෂ් රත්නායක නම් පුද්ගලයකුට වසර 5කට පසු සුඛෝපභෝගී ජිප් රියක ලියාපදිංචි බලපත්‍රය ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 54ක් වටිනා ජිප් රියක් ගැනීමට ඔහු පෙළඹවී යැයි රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිට එරෙහි නඩුව ලබන 23 වැනිදාට කල් තැබිණි.
එන්.වී.කරුණාතිලක මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැති අධිකරණයට පැමිණ සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පැවසූයේ ඔහු මන්ත්‍රීන් සඳහා වන අනිවාර්ය වැඩමුළුවකට සහභාගිවී සිටින බවයි.
2002 මාර්තු 22 වැනිදා සිදුවූ බව කියන මේ වංචාව සම්බන්ධයෙන් සාක්කිකරුවන් 49 දෙනකුද ලියවිලි හා නඩු භාණ්ඩ 36 ක්ද පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන නීතිය මෙන්න මේ වගේ කාටත් සමානයි ...නැතිනම් අත්අඩංගුවට ගන්න වරෙන්තුත් නිකුත් කරනවනේ... (ම)
ඒ කට්ටියගේ නඩු හැමදාම කල් යනවා. (නි)
ඒ කට්ටියට ඔහොම තමයි (නි)
මන්ත්‍රීන් සඳහා වන අනිවාර්ය වැඩමුළුවකට උසාවි කටයුතු යට වෙනවද? (බ)
අනේ ඔව් නීතිය කාටත් එක වගේමයි. ඕකෙත් පැමිණිල්ල ඉල්ලා අස් කරගත්ත කියාවි අර මාස ගානකට කලින් වුනා වගේ. (බ)
ඒකනේ අපි කියන්නේ. නීතිය කාටත් සමානයි (නි)
ඔහොම යමුකෝ... (නි)