කොළඹ වරායට බෝම්බයක් ගෙන යන්න හැදුවැයි සැකපිට අත්අංගුවට ගත් රේගු පරීක්ෂක මුදා හළ බව පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී ඉගුරුකඩේ හන්දිය වරාය පිවිසුම් දොරටුවේ දී ඔහු ආ වාහනය පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහි තිබී විදෙස් රටක නිෂ්පාදිත අත්අබෝම්බයක් සොයා ගනු ලැබීය.
රේගු පරීක්ෂක අපරාධයක පටලැවීමේ අදහසින් වෙනත් පුද්ගලයකු විසින් අත්බෝම්බය වාහනයට දමා පොලිසියට දුරකතන ඇමතුමක් දුන් බව පෙනේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය කෙනෙක්ගෙන් උනානම් කෙලින්ම දරුණු ත්‍රස්තවාදියෙක් කරනවා . (ත)
රේගුව අකුරට රාජකාරි කරන නිසා. බොහෝ විට ඒ අයගේ ජීවිතය අවදානම් බව මෙයින් හැඟේ. (ත)
මහත්තයෝ පරිස්සමින්.(නදී)
මේකේ ඇත්ත හොයන්න ඕනේ.(දිල්)
රේගුවේ ඉන්න අවංක නිලධාරීන්ගේ ජීවිත අනතුරේ. කුඩු කන්ටේනර් ඇල්ලුවා කියන්නේ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වගේ වැඩක්. (දිල්)
ඔව් ඔව් නිතිය හරියට ක්‍රියාත්මක කරන නිළධාරින්ට මෙවැනි කුට උපක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් මොනවා උනත් පොලිසිය බුද්දීමත්ව වැඩ කල නිසා මනුස්සය බේරුනා , හැබැයි මහත්තයෝ මේවා මෙතනින් නවතින එකක් නම් නැහැ ඒ නිසා තමුන්නැහෙත් ටිකක් කල්පනාවෙන් (අ)
කුඩු කාරයන්ගෙන් හා ස්ප්‍රිතුකාරයන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි (අ)
තමන්ගේ තරහා පිරිමහා ගන්න මිනිස්සු කරන දේවල් ඇත්තට. (අ)
ඇමතුම දුන් කෙනා අල්ල ගන්න බැරිද ? ෂුවර් එකට කෝල් බොක්ස් එකකින් වෙන්න ඇති. රෙගු නිලධාරියා මෑතකදී අල්ලන ලද වටිනා බඩු ගෙනාපු අය ගැන හෙව්වා නම් ... (අ)
ඔන්න වාහන පාවිච්චි කරන අයට හිතන්න අලුත්ම අවදානමක්. (අ)