ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් කෝටි 53.6ක් පමණ වෙතියි එම භාණ්ඩ අයිතිකරුවන්ගේ පැමිණිලිවලින් හෙළි වී ඇතැයි වරාය අධිකාරිය පවසයි.
පසුගිය 24 දා ඇති වූ ගින්නෙන් විනාශ වූ ගුදමේ භාණ්ඩ තැන්පත් කර තිබූ බවට අයිතිකරුවන් 441 දෙනකු අද (31) වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවත් අධිකාරිය පවසයි.
ගින්න ගැන ලොකු සැකයක් පවතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පාඩු නැවත පියවිය යුතුයි. ඉදිරියේදී මෙවන් දෙයක් සිදුනොවීමට වහා පියවර ගත යුතුයි. (නි)
කලකට ඉහත මම මෙල්බෝර්න් ඉඳලා ලංකාවට එවපු ආහාර පෙට්ටියකට ශිපින් ඒජන්ට් (ලංකාවේ සිංහල එකෙක් ) පරණ ඇඳුම් කියලා ලිව්වා. ඒ කෙනාට ඒක වෙනස් කරන්න කිව්වට වෙනස් කළේ නැහැ. ඒක මේ ගින්නට අහු වුණා නම් මගේ ඩොලර්1200 ක ආහාර වල වටිනාකම වෙනුවට මට පරණ ඇඳුම් වලට ඩොලර් 20 විතර ලැබේවි (නි)
"ගින්න ගැන සැකයක් පවතියි"? කලකට පෙර ලොකු වංචාවක් එලිවුනා, ජීවත්ව සිටි පුද්ගලයෙක් මිනියක් කාර් එකක් ඇතුලේ දාලා හබරණ කැලේදී ගිනි තියලා රක්ෂණ වන්දි ගන්න දැරූ උත්සාහයක් ගැන. මේ භාණ්ඩ රක්ෂණය කරලා තියෙන සමාගම් නිකම්ම වන්දි ගෙවන එකක් නැහැ හොඳින් නොසොයා. (නි)
විදුලි බිල වගේ මේකත් මහජනයාගෙන්ම අයකරගන්න (නි)
වරාය ගාස්තු වැඩි කරලා මේ මුදල හොයා ගතහැකි නේද? (ස)
ඔය පාඩුව සේවකයන්ගෙන් අයකරගත යුතුයි යැයි මම යෝජනා කරමි. බෝනස්ද නැවැත්විය යුතුයි (නි)
භාණ්ඩ අයතිකරුවන්ට කෝටී 53.6 ක් ගෙවන්නේ රක්ෂණ සමාගමෙන්ද ? වරාය අධිකාරියෙන්ද ? රජයෙන්ද ? කාගෙන් ගෙව්වත් මහජනතාවගේ සල්ලි. ගුදම්වල භාණ්ඩ අසුරා තැබීමේදී ආරක්ෂක රැකවරණ ගැන ක්‍රමවත් වැඩ පිළිවෙලක් යෙදවීම කෙරෙහි වරාය අධිකාරියේ අවධානය වහාම යොමුවිය යුතුවේ !! (නි)
කෙසේ වෙතත් භාණ්ඩ වල සියලුම වගකීම වරාය අධිකාරිය ගත යුතු ය. එහි වටිනාකම අයිතිකරුවන්ට ලබා දිය යුතු වේ. (ත)
ෂෙහාන් හරි, කොයිතරම් පාඩු වුනත් වරාය සේවකයන්ට අඩු නැතුව බෝනුස්, ඉන්නෙත් නිකන්මයි කොයි වෙලේ බැලුවත්, අපරාද සල්ලි. (ස)
දැන් සැබෑ පාඩුව වෙන්නේ බදු වලින් බේරෙන්න අඩු ගණන් පෙන්වලා දත්ත ඇතුලත් කල අයට තමයි.(ස)
ගුද මාර්ගයෙන් රත්රන් ගෙනියන දෙන්නෙක් අහුවුනා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා (නි)