ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සී එෆ් එස් එක ගුදමේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල අද (31) වන විට වටිනාකම රුපියල් කෝටි 53.6ක් පමණ වෙතියි එම භාණ්ඩ අයිතිකරුවන්ගේ පැමිණිලිවලින් හෙළි වී ඇතැයි වරාය අධිකාරිය පවසයි.
පසුගිය 24 දා ඇති වූ ගින්නෙන් විනාශ වූ ගුදමේ භාණ්ඩ තැන්පත් කර තිබූ බවට අයිතිකරුවන් 441 දෙනකු අද (31) වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවත් අධිකාරිය පවසයි.
ගින්න ගැන ලොකු සැකයක් පවතියි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු ගුදමේ ගින්නෙන් කෝටි 53ක් ඉවරයි
සුසන්ත-ඉතාලිය Saturday, 01 June 2013 01:54 AM
සියලුම පාඩු නැවත පියවිය යුතුයි. ඉදිරියේදී මෙවන් දෙයක් සිදුනොවීමට වහා පියවර ගත යුතුයි. (නි)
සෑම් Saturday, 01 June 2013 03:58 AM
කලකට ඉහත මම මෙල්බෝර්න් ඉඳලා ලංකාවට එවපු ආහාර පෙට්ටියකට ශිපින් ඒජන්ට් (ලංකාවේ සිංහල එකෙක් ) පරණ ඇඳුම් කියලා ලිව්වා. ඒ කෙනාට ඒක වෙනස් කරන්න කිව්වට වෙනස් කළේ නැහැ. ඒක මේ ගින්නට අහු වුණා නම් මගේ ඩොලර්1200 ක ආහාර වල වටිනාකම වෙනුවට මට පරණ ඇඳුම් වලට ඩොලර් 20 විතර ලැබේවි (නි)
උපාලි Saturday, 01 June 2013 04:46 AM
"ගින්න ගැන සැකයක් පවතියි"? කලකට පෙර ලොකු වංචාවක් එලිවුනා, ජීවත්ව සිටි පුද්ගලයෙක් මිනියක් කාර් එකක් ඇතුලේ දාලා හබරණ කැලේදී ගිනි තියලා රක්ෂණ වන්දි ගන්න දැරූ උත්සාහයක් ගැන. මේ භාණ්ඩ රක්ෂණය කරලා තියෙන සමාගම් නිකම්ම වන්දි ගෙවන එකක් නැහැ හොඳින් නොසොයා. (නි)
දිසානායක Saturday, 01 June 2013 08:09 AM
විදුලි බිල වගේ මේකත් මහජනයාගෙන්ම අයකරගන්න (නි)
මංගල Saturday, 01 June 2013 08:47 AM
වරාය ගාස්තු වැඩි කරලා මේ මුදල හොයා ගතහැකි නේද? (ස)
ශෙහාන් Friday, 31 May 2013 07:10 PM
ඔය පාඩුව සේවකයන්ගෙන් අයකරගත යුතුයි යැයි මම යෝජනා කරමි. බෝනස්ද නැවැත්විය යුතුයි (නි)
ගාමිණී-සිරි Friday, 31 May 2013 08:36 PM
භාණ්ඩ අයතිකරුවන්ට කෝටී 53.6 ක් ගෙවන්නේ රක්ෂණ සමාගමෙන්ද ? වරාය අධිකාරියෙන්ද ? රජයෙන්ද ? කාගෙන් ගෙව්වත් මහජනතාවගේ සල්ලි. ගුදම්වල භාණ්ඩ අසුරා තැබීමේදී ආරක්ෂක රැකවරණ ගැන ක්‍රමවත් වැඩ පිළිවෙලක් යෙදවීම කෙරෙහි වරාය අධිකාරියේ අවධානය වහාම යොමුවිය යුතුවේ !! (නි)
මහේෂ් Friday, 31 May 2013 08:37 PM
කෙසේ වෙතත් භාණ්ඩ වල සියලුම වගකීම වරාය අධිකාරිය ගත යුතු ය. එහි වටිනාකම අයිතිකරුවන්ට ලබා දිය යුතු වේ. (ත)
ධනංජය Saturday, 01 June 2013 11:40 AM
ෂෙහාන් හරි, කොයිතරම් පාඩු වුනත් වරාය සේවකයන්ට අඩු නැතුව බෝනුස්, ඉන්නෙත් නිකන්මයි කොයි වෙලේ බැලුවත්, අපරාද සල්ලි. (ස)
සනත් Saturday, 01 June 2013 11:58 AM
දැන් සැබෑ පාඩුව වෙන්නේ බදු වලින් බේරෙන්න අඩු ගණන් පෙන්වලා දත්ත ඇතුලත් කල අයට තමයි.(ස)
nasar Friday, 31 May 2013 10:12 PM
ගුද මාර්ගයෙන් රත්රන් ගෙනියන දෙන්නෙක් අහුවුනා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා (නි)