චීනයේ රෝහලක හෙද නිලධාරියකු රෝගී කාන්තාවකට පහරදී ඇතැයිද එම දර්ශන රෝහල් කැමරාවක සටහන්වී ඇතැයිද ඩේලිමේල් පුවත් සේවය පවසයි.
චීනයේ මධ්‍යම හුනාන් ප්‍රාන්තයේ ලින්ලි රෝහලේ මෙම සිදුවීම වී ඇතැයි ද එම හෙද නිලධාරීයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කර ඇතැයිද කියති.
එම වාර්තාවන්ට අනුව රෝගී කත බීමට ජලය ඉල්ලා කිහිපවරක්ම දොරට තට්ටු කර ඇතැයිද එයට කෝපවූ හෙද නිලධාරියා ඇයට පහරදී ඇතැයිද කියති. හෙද නිලධාරියා ඇය රෝහලේ බිත්තියකට හේත්තු කර පහර දී ඇති අතර පා පහරද එල්ල කරමින් ඇය බිමට තල්ලි කර ඇති ආකාරය රෝහල් කැමරාවක සටහන්වී තිබේ.
රෝහල් කොරිඩෝවේ සිටින අනෙක් පිරිස් ඇයට පහරදෙන ආකාරය බලාසිටින දසුන්ද එහි සටහන්ව ඇත.
හෙද නිලධාරියා රෝගී කතට සාහසික ලෙස අතුල් පහර එල්ල කරන අයුරුද එහි දැක්වේ. රෝගී කත ඉදිරියට පැමිණ ඔහුට කථා කිරීමට උත්සාහ කළද ඔහු දිගින් දිගටම පහරදී ඇත.
චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට එම කාන්තාව කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පසුවන්නියක් බවද පසුගිය දිනවල රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදී ඇති බවද කියති. එම සිදුවීමෙන් පසු රෝගී කතට ප්‍රතිකාර ලබාදී ඇති අතර තවමත් ඇය ආබාධිත තත්ත්වයේ පසුවන බවද වාර්තා වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ප්‍රශ්න ඇති හෙදියො අපේ රටේත් රජයේ සහ අර්ධ රාජ්‍යය රෝහල් වල සේවය කරනවා. හොයලා බලන්න මම කියන්නේ බොරුද කියලා. මෙහෙම අය කොයි වෙලෙත් ඉන්නේ කේන්තියෙන්. කතාව සැරයි. අකරුණාවන්තයි. සාත්තු සේවය ගැළපෙන්නෙ නැහැ එයාලට (නි)
හෙදියක් විවාහ කරගන්නවා නම් හොද ඉවසිමක් තිබිය යුතුයි. කෑම බිම උයන්න හැකි විය යුතුයි. දරුවන් බලා ගන්න, හැකි විය විය යුතුයි. මොකද හෙදිය කොයි වෙලෙත් ගෙදර නැහැ. රෑටත් නැහැ. යන එන යවලාව හොයන්නත් බැහැ. (හේ)
සමහර හෙදියන්ට ඉවසිම බොහොම අඩුයි. පවුල් ප්‍රශ්න වැඩියි. ඒ නිසා ඒ අයව ඉල්ලක්ක කර සාමකාමිව සිටින ආකාරය ගැන ආගමික වැඩසටහන් කරනවා නම් ලොකු පිනක්. (හේ)
හෙද සේවයට යන අය මොන තරම් කරුණාවන්ත වෙන්න ඕනෙද? අවාසනාවට ඉන්න තරම් නපුරුම කට්ටය තමයි මේවට යන්නේ. (හේ)
අපේ රටේ පෞද්ගලික රෝහල් වල සිටින හෙදියන්ගේ පාරිභෝහික සේවය ඉතා ඉහළ2යි. මේක ලංකාවද කියලා හිතෙන තරම් උසස් සේවාවක් ඒ රෝහල් වල ලබා දෙනවා. මුදල් නිසාම නොවුණත් ඔවුන්ට හොඳ පුහුණුවක් හා විනයක් ලබා දී තිබෙනවා. රජයේ රෝහල් වල ඔය දෙකම නැහැ. (නි)
මෙහෙම අය ලංකාවෙ රෝහල් වලත් ඉන්නවා. එක්තරා තරුණ හෙදියක් මාගෙ යාළුවෙකුට පහත් ආකාරයෙන් සළකා ඔහු පැමිණිලි කළ නිසා ඇය වෙනත් වාට්ටුවකට මාරුකළා. ඇය නිදහසට පවසා ඇත්තේ ඇයට මෙවන් පුද්ගලයෙතු බව කලින් දැන්වුවා නම් මෙහෙම නොසළකන බවයි. ඕකයි අද තත්වය. දහසක් හොඳ අය අතරේ මෙහෙම අය සිටියාම අනෙක් අයගෙත් නම කැත වෙනවා. (නි)
මොනවා වුණත් එහේ හොඳයි. අපි ඉතින් වතුර ඉල්ලුවම දුන්නේ වෙඩිනේ (නි)
සමහර හෙදියො එයාලගේ මානසික ප්‍රශ්න අහිංසක රෝගින් පිටින් යවනවා. කැප් එක දෙන්න කලින් හෙදියන්ගෙ මානසික තත්වය බලලා දෙන්න කියලා මම යෝජනා කරනවා. නැත්නම් හෙද වෘත්තියේ ගෞරවය නැති වෙනවා. (නි)
අප මිනිස්සුන්ට චීනය ලොකු වුනාට චීනය කියන්නේ එච්චර හොඳ රටක් නෙමෙයි. (ර)
ලංකාවේ බහුතර හෙදියන් සම්බන්ධව අපට තියෙන්නේ බොහොම අප්‍රසන්න අත්දැකීම්. අද කියලා වෙනසක් නැහැ. මේ අයට මාස 6 වත් පුහුණුවක් දෙන්න රෝගීයට කාරුණික ලෙස කතා කරන්න. සළකන්න පුරුදු කරන. පොතේ දැනුම විතරක් දීලා මදි. හොඳ අය ඉන්නවා. අතේ ඇඟිලි ගානටත් අඩුයි. (නි)
හෙදියො අතිකාල වැඩ කර කර සල්ලි හොයනවා. හෙදිය්නගෙ පවුල් ජිවිත දරුවන්ගෙ ජීවිත අවුල් ගොඩවල්. මම දන්නා තරුණ හෙදියක් ඉන්නවා අතිකාල කරලා ගෙදර එන්නෙ නැතුව රෝහලේම ඉන්න. හේතුව එයාගෙ පුංචි දුව කරදර කරනවා කියලා (නි)