මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ගත්තැයි කියන රේගු නිලධරයන්ට සහය දුන්නැයි කියන රේගුවේ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළේය.
එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම මීට කලින් කියා තිබිණ.
සුධීර පරාක්‍රම ජිනදාස,ජගත් ගුණතිලක හා උපාලි පෙරේරා රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෝය.
ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 27 වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත්තුමා නිවැරදි, සාධාරණ හා කාලානුරූප තීරණයක් දීලා තියනවා. (අ)
කොහොම හම්බකරන්න ඇද්ද සල්ලි? (නි)
ඇප නෙවී අනිත් අයට පාඩමක් ඉගෙන ගන්න මෙයාලව අවරුදු තුන හතරකට හිරේ අරින්න දීල තියෙන තීරණය සාධාරණයි. (අ)
නැවත මෙහෙම දේවල් නොකරන්න දඬුවම් දෙන්න ඕනෑ (නි)
හැකි උපරිමයෙන් දඬුවම් දෙන්න (නි)
දැන් රිමාන්ඩ් බන්ධනාගාරය හැකි අයගේ රෙස්ටෝරන්ට් වී ඇති මෙම යුගයේ මෙවැනි තරු පහේ සැකකරුවන් දිගු කලක් රදවා නොගෙන ඔවුන්ට විරුද්ධ නඩු ඉක්මනින් ඇසුවොත් හොදනේද .තවද මවැනි අල්ලස් නඩු සහ කුඩු රජුන්ගේ ආදී නඩු ඇසීම සඳහා විශේ්ෂ උසාවියක් ඇති කළොත් නරකද (බ)