බෝර්නියෝ බුලටින් දිනපතා පුවත්පතේ කර්තෘ හා ඇම්.ඩී.ගුණසේන සමාගමේ සන් හා වීක්එන්ඩ් පුවත්පත්හි හිටපු කර්තෘ රෙක්ස් ද සිල්වා (74) අද අභාවප්‍රාප්ත විය.
නිවාඩුවක් සඳහා දරුවන් හා බිරිය සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී අද පෙරවරුවේ මිය ගියේය. පසුගිය සති කිහිපයේම ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීය.
1990 - 2001 කාලයේ ඔහු බෝර්නියෝ බුලටින් දිනපතා පත්‍රයේ කර්තෘවරයා විය. 1970 සිට 1990 දක්වා ඔහු ජර්මන් පුවත් සේවයේ වාර්තාකරුවෙක් විය.
1964 දී ඔහු සන් පත්‍රයට එකතු විය. ඔහුගේ ඉල්ලීම පරිදි අද සවසම බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා 60 දශකයේ ගොඩක් වැඩවලට ප්‍රසිද්දයි නේද ?(රේ)
අපිට හිටිය විශිෂ්ට මාධ්‍යවේදියෙක්. මහත්මයාණෙනි ඔබට නිවන්සුව පතමි.! (ර)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)