ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
තුල්හිරිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි අවුරුදු හතරක් වයස දැරියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියන එම දිවා සුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ගේ 74 හැවිරිදි සැමියා වරකාපොල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිව්හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කළ බව වරකපොල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් 74 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වරකාපොල පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් නරුමයන් ඉන්නවානෙ.