රක්වානේ මාදම්පහ හන්දිය සංවර්ධනය සඳහා කඳු කපද්දී ස්ථාන දෙකකින් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි ගැමියෝ කියති. රජවත්තෙ කෝපි කෑල්ලේ ද ඉල්ලමක් මතු වී ඇත. රතු කැට, නිල්කැට හා පුෂ්පරාග මෙම ඉල්ලම්වල ඇතැයි ද රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ හත දක්වා මැණික් සොයාගත් අය සිටිතී ද ගැමියෝ කියති. ඉල්ලම් පස් රථවල පුරවාගෙන යෑමට ලොකු පොරයක් පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ වාසනාව! (නි)
මට බය දැන් මෙම වාසනාව නිසා ජිවිත කියක් නැතිවේවිද කියායි (නි)
අර ඉස්සර වටිනා මැණික් තිබෙනවා කියලා ලක්ෂ කෝටි ගණන් වලට විකිණූ හිස් ඉඩම් වලට මොකද වුණේ? තවමත් මැණික් මතු වෙනවාද? (නි)
මේ වගේම අර ඉස්සර කැළණි ගගෙන් මතුවුණ රත්තරන් උල්පත දැන් නැද්ද? (නි)
දැන් එහෙනම් මෙතනටත් දේශපාලුවෝ ඇවිත් රජකරන්න ගනීවි.(නදී)
මගේ ලංකාව සුරපුරයකි (නි)
"මිනිසුන් පොළවට මරා ගන්නා විට පොළව සිනා සේ. මක් නිසාද අවසානයේ සියලු දෙනාටම ඉතිරි වන්නේ පොළවෙන් හතර රියනක් පමණක් බැවිනි." - (නි)
ලංකා සමාජයේ ඔය කියන රතු කැට, නිල් කැට වලට වඩා වටිනා සාරධර්ම සමුදායක් අතීතයේ සිට පැවතුණා. විදේශ ආක්‍රමණ හා යටත් විජිත බලපෑම් තුළින් ලාංකියින් තුළින්ම ඒ වටිනා ගුණධර්ම ගිලිහී ගොස් පොළව යටම සැඟවුනා. ධනයට ආදරය කරන මිනිසා මැණික් වලට ලොබවී ඉල්ලම් පස් ගෙනයාමට කරන පොරය නැතීවී ගිය සාරධර්ම සොයා ගැනීමට යොදන්නේ නම් මේ රට හෙටවත් මේ අඳුරු අාගාධයෙන් ගොඩ ඒවි. (නි)