සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සම්බන්ධ වගකීම් ග්‍රාම නිලධාරීන්ට පැවරීමට හා තම රැකියා අවදානම් තත්ත්වයකට ඇද දැමීමට විරෝධය පළ කරමින් රැකියාලාභී උපාධිධාරී සංගමය අද (12) විරෝධතා පාගමනක් පැවැත්වූහ.
පාගමනින් ඔවුහු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට අගමැති කාර්යාලයට යාමට ගියත් පොලිසිය මැදිහත්වී එය කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය ඉදිරිපිටින් නතර කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයෝ හිතනවාද දන්නෙ නැහැ, ඔක්කොම දේවල් ග්‍රාමසේවකලාට කරන්න පුළුවන් කියලා? (නි)
මේ වගේ අය රටට බරක් (නි)
රටේ සංවර්ධනයක් පසුගිය කාලයේ සිදුවුවා නම් අලුත් ආණ්ඩුවටත් ජනතාවටත් ප්‍රශ්න තිබෙන්න බැහැ. නිතරම මාධ්‍ය මඟින් අපට පෙනෙනවා ජනතාව නිතරම ගමට පාරක් දෙන්න, පාලමක් හදාදෙන්න කිය කියා උද්ඝෝෂණ කරනවා. කෝ සංවර්ධන නිලධාරීන් හිටියට සංවර්ධනයක්? මෙහෙම යනකොට මේ රටට දෙවියන්ගේ පිහිටද? (නි)
මේ රාජකාරි කලින් කළේ ග්‍රාම නිලධාරීන් නොවේද? වසරකටම වසමකට හම්බවෙන ලක්ෂ 10 ක වැඩ හොයන්න වෙනම නිලධාරියෙක් නඩත්තු කරන්නේ මොකටද? අනෙක නිකන් ඉන්න මෙයාලගේ මේ වැඩ වර්ජන මොනවාද? (නි)
මෙයාලා මෙහෙම පාරවල් වල කෑගහද්දී කළමනාකාර සහකාර නිලධාරීන් කාර්යාල වල අඩු වැටුපට වැඩකරනවා. මෙයාලා එයාලගේ අයිතිවාසිකම් පවා පැහැරගන්න හදනවා (නි)
දැන් එතකොට මේ සංවර්ධන නිලධාරීන්ගෙන් මෙතෙක් සිදු වූ ප්‍රාදේශීය සංවර්ධනය කුමක්ද? (හේ)
මේ අයට ඉතින් උද්ඝෝෂණ නැතුව මොකුත්ම කරගන්න බැහැනේ (නි)
අහෝ! උපාධිධාරින්ට ආණ්ඩුව සළකන අයුරු හරිම කැතයි. විශ්ව විද්‍යාල වලට හැමෝටම යන්න බැහැ. අඩු සුදුසුකම් අය කළමනාකරණ සහකාර සේවයේ ඉන්නේ. අහෝ රටට ගිය කල! (නි)