(සුමිත් පොතුපිටිය සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇමෙරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්දියක් සම්බන්දයෙන් සැකපිට යුද හමුදාවේ මේජර් වරයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ගොරකාන ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකාර මේජර් වරයා යාපනය මුහමලේ ප්‍රදේශයේ කදවුරක රාජකාරි කරන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිළධාරීයකු බව පොලිසිය කීය.
පානදුර උතුර පොලිසියට පැමිණිලි 4 ක්, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටද කල පැමිණිලි කිහිපයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකාර මේජර් වරය පසුගිය 10 දා නිවාඩු ලබා නිවසට පැමිණ සිට ඇති බවද පොලිසිය පවසයි .
බිරිඳ විවිධ පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද මුදල් මේජර් වරයාගේ ගිණුමට බැරකර ඇති බවටද දැනගන්නට ලැබී ඇතැයිද පරීක්ෂණ නිළධාරීයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ පිටරට යන්න පිලිගත් ආයතනයකින් සහය ගන්න කියලා. බොහෝවිට මේ වගේ හොරුන්ට අහුවෙන්නෙත් , අදාල සුදුසුකම් නැතිව හොර පාරෙන් රටින් පැන ගන්න හදන අයම තමයි.