IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රැකියා සිහිනය බොඳ කළ ටෙලි නළුවෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර නළුවා තදින්ම කැසිනෝ සුදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට රුපියල් කෝටියකට අධික මුදල් කැසිනෝ ක්‍රිඩාවෙන් පරදින බවද පොලිසිය පවසයි.

පොලිසිය මගහරිමින් විවිධ ප්‍රදේශවල හෝටල්ල සැඟව සිටින සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් පැමිණි පැය 24 ක් ගත වන්නට මත්තෙන් මෙලෙස අත්අඩංගුවට පත් වු බවද පොලිසිය පවසයි.

සැකකරු විද්‍යුත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු , හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවකු වශයෙන් ද, වෙළඳ දැන්වීම්ල සැකකරු රඟපාන බවත්, ඔහු ඒවා අභාරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය පවසයි.

 



අදහස් (4)

රැකියා සිහිනය බොඳ කළ ටෙලි නළුවෙක් මාට්ටු

Pradeep Kumara Tuesday, 07 November 2023 08:32 AM

ඔහුගේ නම ප්‍රසිද්ධ කරන්න තරම් ලියුම් කරුට කශේරුකාවක් නොමැති හැටි? වෙනත් දේකදීනම්, උදාහරනයකට ළමා අපචාර, කාන්තා අපචාර සිදුවීමකදී පීඩනයට පත් වූ පාර්ශවයේ සියළු විස්තර ඡායාරූපද සමග පල කරනවා. මේවා බෑ. පුද්ගලයාගේ නමත් එක්කම විස්තරය දෙන්න රටටම දැන ගන්න සහ නැවත කෙනෙක් මුලා නොවෙන්න.

:       0       41

hira Tuesday, 07 November 2023 10:51 AM

නිව්ස් එක ඇත්ත නම් නම සඳහන් නොකරන්නේ මන්ද ?

:       1       28

Rata Perata Tuesday, 07 November 2023 12:52 PM

ඔන්න ආයෙත් සැඟවුන අමුත්තා හොයන තරඟය .පුළුවන් නම් හොයාගන්න .නැත්නම් තව මේ වගේ උන්ට අහුවෙනවා

:       0       21

Bamunuarachchi Wednesday, 08 November 2023 08:09 AM

මේ පට්ට හොරාගේ නම කියන්න බැරිනම් අපිට දැනගන්න වහෙන් ඔරෝ විදිහට වත් කියන්න. නම දැනගන්නේ මුට මගුලක් ජෝඩු කරන්න නොවෙයි අපිත් අමාරුවේ නොවැටී බේරෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site