රට පුරා විසිරී සිටින රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද (2) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
2012 අප්‍රේල් සිට මේවන විට 30000කට ආසන්න උපාධිධරයන් රැකියා විරහිතව සිටින බවත් 2017 අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලති. ගුරු පුරප්පාඩු 32000ක් හා තොරතුරු නිලධාරී තනතුරු 8000ක් ද සංවර්ධන නිලධාරී පුරප්පාඩු 10000කට ආසන්න ප්‍රමාණයක් ද ඇති බවත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ කීහ.
සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා දෙන වැඩපිළිවෙළක් සැකසීම, බඳවා ගන්නා වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිකිරීම, සියලු පළාත්වල සිටින ගුරු විභාග සමතුන්ට පත්වීම් ලබාගැනීම, රැකියා දීමට අදාළව දේශපාලන මැදිහත්වීම නතර කිරීම, වාර්ෂිකව රැකියා දෙන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ආදී ඉල්ලීම් ඔවුහු ඉදිරිපත් කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන ප්රශ්නය විභාග ලියා සමත්වුණ අය වසර ගණනාවක් තිස්සේ බඳවා නොගැනීමයි. (නි)
වෙනසකට මුල පිරුවා විතරයි,උපාධිධාරියෝ තාමත් මහපාරේ,අපිත් උපාධිධරයෝ තමයි මට නම් කියන්න තියෙන්න ලංකාවේ රැකියා නැති නිසා මැදපෙරදිග රටකටවත් ගිහින් තමන්ගේ අනාගතය ගොඩ නඟන්න කියලයි (ම)
කලා, වාණිජ වලින් උපාධි අරන් මොනවද අද කාලේ කරන්න පුළුවන් (නි)
උපාධිය ගන්න. ප්‍රථම ඉගෙන ගන්න කාලයට වැඩිය කෙරුවේ මේ විදියට උද්ඝෝෂණ කරපු එකයි. දැන් රැකියා නැහැලු. රැකියා ලැබුණාම ඒ. ආයතනයේ ප්‍රධානියාට දෙවියන්ගේම පිහිටයි. (ම)
මේ පුරප්පාඩු ටික පුරවන්නවත් මේ ආණ්ඩුවට බැරිද? (නි)
උපාධිය අතට ගන්න කලින් හදවත පිරිසිදු කරගනිල්ලා. එතකොට ඔක්කොම හරියයි. ඔලුවට අං ආවා කියන එක රස්සාවකට සුදුසුකමක් නෙමේ. පෞද්ගලික ක්ෂේත්රයේ රස්සාවකට ගියාම තේරෙයි නුඹලගේ නොදන්නාකමේ තරම. (නි)
අනේ මන්දා මේ ප්‍රශ්න කවදා අවසන්වෙයිද කියලා (නි)
සමන් සහ බන්දුලගේ අදහස් වලට එකඟ වෙනවා. මම හිතනවා මේ හැමදෙනාම උපරිම උත්සාහ කරලා ඇති ජොබ් එකක් හොයාගන්න. බැරි හින්දයි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. ආණ්ඩුව බැඳිලා නැහැ ජොබ් දෙන්න. ඉගෙනගන්නේ නොමිලේද සල්ලි ගෙවලද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ඉගෙනගන්නේ මොනවාද කියන එක සහ ආණ්ඩුව රටට ඕනෑ විදිහට අධ්‍යාපනය සකස් කරලා තියෙනවද කියන එකයි (නි)
මම අහන්නේ උපාදියක් ගත්තම රැකියාවක් දෙන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවද මහජනයාගේ බදු මුදල් වියදම් කරලා රාජ්‍ය සේවය වැඩිවෙනවා කියන්නේ අපිට තවත් බරක් ටක්ස් ගහල පඩි ගෙවන්න ඔපිස් එකකට ගියාම වැඩක් කරලා දෙනවද අඩුගානේ හොදින් කතාකරන්නවත් මේ අය දන්නවද (අ)
උපාධි ඇති නැති සැම දෙනාටම රැකියාවක් කිරිමට අයිතියක් තියනවා . නමුත් වෙන රටවල උපාධියක් ගත්තම රැකියාවක් දෙන්න ආණ්ඩුව බැඳිලා නැහැ මොකද නොමිලේ උගන්වනේ නැහැ . සමහර උපාධිධාරියන් කුලී වැඩ කරලා තමා ඉගෙන ගන්න ගත්තු ණය ගෙවන්නේ (අ)
පහුගිය චන්දෙ කාලේ දීපු පොරොන්දු හින්ද තමා රජය මෙයාලට රැකියා දෙන්න බැඳිලා ඉන්නේ. වෙන රටවල ඔහොම විකට පොරොන්දු දෙන්නේ නෑනේ දේශපාලන නායකයන් (අ)
ජනතාවගේ බදු මුදලින් නොමිලේම ඉගෙනගෙන රජයේ රැකියාවක් ලබා ඔලුව උදුම්මාගෙන පිං පඩි ගන්න පිරිස් අපි ඕනෑතරම් දැක තිබෙනවා. විශ්ව විද්‍යාලයේ ඉන්නකම් පාරවල් වල උද්ඝෝෂණ කරලා, රැකියා කරන මිනිසුන්ගේ ජන ජීවිතයත් අවුල් කරන අයට හැමදාම මහපාර තමයි උරුම වෙන්න ඕනෑ. (නි)