රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණයට පසුගිය 16 වැනිදා පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හා තම සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් මානව හිමිකම් කඩවූ බව කියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා ඇතුළු පිරිසක් අද (19) කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්හ.
නීතිඥ චතුර වෙත්තසිංහ ඇතුළු සංගමේ 6 දෙනකු එහි ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ මේ අයට බැරිවෙයිද ඉතාලියේ රැකියාවක් කරන්න? ඇත්තටම එහෙ තත්වේ කොහොමද? එහෙ ඉන්න අය මෙහෙ ගහල තියෙන ගෙවල් ටික දැක්කම කරන රැකියාවත් දාල යන්නයි හිතෙන්නේ. (ර)
මේ අය දිහා බැලුවහම කියන්න පුලුවන් සුපිරි පාසැල් වල ඉගෙන ගත් ලොකු පව්ල්වල අය නෙවෙයි කියලා. ඉතින් නොමිලේ අධ්‍යාපනය ලැබීමට රටේ අනිත් සාමාන්‍ය ජනතාවට තිබුනු පහසුකම් එහමත් නැත්නම් සාපේක්ෂව අඩු පහසුකම් තමයි මේ අයටත් තියෙන්න ඇත්තෙ. අනිත් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තට මේ අය පලි නැහැ. (ර)
කරුණාකරලා රටට වදයක් වෙන්නේ නැතිව රටට වැඩදායක ලෙස කළහැකි වියාපාර සුළුවෙන් පටන්ගන්න. අපි නම් උපාදි අරගෙන එකයි කලේ. එහෙම උනොත් උපාධි අයට රැකියා දීලත් සතුටක් ලබන්න පුළුවන්. (ර)
මිනිස්සුන්ට කරදර වෙන විදිහට පාරවල් අවහිර කරනවට නඩු දාන්න ඕන. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ නිකන් දෙනකන් බලන් ඉන්න අය නිසා. හැකියාව තියනව නම් රස්සාවල් හොයා ගන්න අමාරු නෑ. වැඩ බැරි එකාට රස්ස්වල් නෑ තමයි. (ර)
නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැතිවීමයි හේතුව. රැකියා අවස්ථා පිලිබඳව සහ තමන්ගේ හැකියාවට සහ ආසාවට ගැලපෙන වෘත්තීය ක්ෂේත්‍රය තෝරාගැනීම පිළිබඳව පාසැලේ පටන් සිසුන් දැනුවත් කළ යුතුයි. අපේ රටේ සිද්ධ වෙන්නේ ඒලෙවල් පාස් වුණ නිසා කැම්පස් යනව, ඒකෙදි "අපි තමයි පොරවල්" කියල හිතාගෙන ඉන්නව විතරක් නෙවෙයි තව කෙනෙකුට පෞද්ගලික විශ්වවිද්යාල හරහා වත් ඉගනගැනීමට විරුද්ධ වෙනව. අවුට් වුණාට පස්සෙ මෙතෙක් කල් සියලු දේ දුන්න වගේ ජොබ් එකත් දෙනකන් බලන් ඉන්නව. (බ)
නොමිලේ අධ්‍යාපනය ලැබුවත් උගතෙකු වීමට බුද්ධිය සහ කැපවීම අවශ්‍යයි. සාමාන්‍ය පවුල් වල දරුවන් මනා කැපවීමෙන් අධ්‍යාපනය ලබන්නේ රටට වැඩදායී යුක්තිගරුක පුරවැසියෙකු වී තම අනාගත දිවිය සමෘධිමත් කර ගැනීමේ අරමුනින් යුතුවයි. ඔවුන්ට ඒ සදහා අවස්ථාවන් උදාකර දීම රජයේ වගකීමක්. ඒ වගේම ඒක රටේ පුරවැසියන් හැටියට ඒ අයගෙ අයිතියක්. (බ)
ලාල්, කෙසේ හෝ මෙහි පැමිණියොත් රැකියාවල් නම් ඇත. ඉතාලි බස හොඳින් හැසිරවීමට පුළුවන් ලෙස මෙහිදී ක්‍රමයෙන් භාෂා අධ්‍යාපනය ලබමින් වෘත්තීය අධ්‍යාපනයක් ලැබිය හැකිය. නැත්නම් කම්කරු, හෝටල් සහ ආපන ශාලා වැනි ක්ෂේත්‍ර වල වැඩ කළ හැකියි. සාමාන්‍යයෙන් ඉතාලියට පැමිණි කෙනෙක් අවුරුදු කීපයකින් ලංකාවේ ව්‍යවහාරයට අනුව කෝටිපතියෙක් වනවා. (බ)
උපාධියක් ගන්න හැමෝටම බෑනේ අඩුම වශයෙන් රජයේ රැකියා උපාධිධාරින් විතරක් ගන්න පුළුවන්නේ. එහෙම කළොත් දේශපාලුවන්ට හොරෙන් හොරෙන් ජොබ් දෙන්න බැරිවෙනවා. උපාධිධාරීන්ට බනින්නේ උපාධි ගන්න බැරිවෙච්ච මිනිස්සු. ඕකට කියන්නේ ඉරිසියාව (බ)
උගතුන්ට ගරහන්න එපා. අද අපේ රටේ උගතුන් මහපාරට වැටුනොත් එය පූර්වාදර්ශයක් කොට ගන්නා අනාගත පරපුර නූගතුන් බවට පත්වේවි. එවිට ඔවුන් ගෙන් ඇතැමෙක් සාධාරන ජීවනෝපාය මාර්ගයක් සකසා ගත නොහැකිව සොරුන් මංකොල්ල කරුවන් බවට පත්වී ඔබත් මමත් දාඩිය මහන්සියෙන් උපයාගත් සියල්ල පැහැර ගනීවි.(හේ)
ඕනම කෙනෙකුට තමන් කැමති ශ්‍රේෂ්ත්‍රයක දෙයක් ඉගෙන ගෙන එම ශේත්‍රයේ වෘත්තිකයෙකු වෙන්නට නිදහස තිබිය යුතුයි. වෘත්තිකයෙකු කියන්නේ අදාල ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වගේම රැකියා අවස්ථා පිළිබන්දව දැනුවත් කෙනෙක්. ඔහුට තමාව මාකට් කොට රැකියාවකට යා හැකියි. රජයේ රැකියා දීමෙන් වෙන්නේ කලාව ඉගෙනගත් කෙනාට ගිනුම්කරණ ශ්‍රේෂ්ත්‍රයේ රැකියාවක් දීම වගේ වැඩක්. එයින් කවදාවත් හොද වෘත්තිකයෙකු බිහිවන්නේ නැහැ. හවස 4.30 වෙනකන් බලන් ඉදල කෝච්චියෙ ගෙදර දුවන කෙනෙක් තමයි බිහිවෙන්නේ (හේ)
විද්‍යාව ගණිතය ඉංග්‍රීසි ඉගෙන නොගත් කරුමෙක අරුමේ. (ර)
ලංකාවෙ මිනිස්සු හැම දෙයක්ම නිකං දෙනකං බලාගෙන ඉන්න ජාතියක්. නොමිලෙ ඉගෙනගන්නව මදිවට ආණ්ඩුවට රස්සාවලුත් හොයල දෙන්න වෙලා. ලංකාව මේ කපේදි දියුණු වෙන්නෙ නෑ. (ර)
රටේ මේ වගේ ප්‍රශ්න තියාගෙන ඉන්දියාවේ එවුන්ට රක්ෂා දෙන්න යන ආණ්ඩුවක් අද තියෙන්නේ. (බ)
ආන්න හරි. රටේ නීතිය අනුව පියවර ගන්න. උගත් දරුවන්ට රැකියා නැත. ඒක විශාල ප්‍රශ්නයක්. පාර අවහිර කර පාසල් දරුවන්ට, ශ්‍රමිකයන්ට දොස්තරලාට, රෝගීන්ට කරදර කරන පිකටින් කරන්න එපා. පාර අවහිර කළාට රස්සා නොලැබේ. තමන් ලැබූ දැනුමට බුද්ධියට නිගා නොකරන්න. (නි)
අමල් , ඉන්දියාවේ අයට රස්සා දෙන එක ගැන ඔයා හරි ආසාවෙන් කතා කලානේ. ඒ විදියට මේ අය ගැනත් හිතන්න. (ර)