‘ඇවන්ගාඩ් සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් එම සමාගමේ වැඩ කරන සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කරන්න හදනවා.‘ යැයි ඇවන්ගාඩ් සුරැකීමේ සංවිධානය මාදිවෙල සමනල හෝටලයේ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී කීවේය.
එහි කැඳවුම්කරු නිලන්ත ජයවීර, කමල් ගමගේ, අනුර ආරියරත්න, එරික් වීරසිංහ, චන්න රණසිංහ, කපිතාන් නිලුපුල් ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.
2011 ජූලි මාසයේ ආරම්භ වූ ඇවන්ගාඩ් සමාගම පසුගිය 13 වැනි දා තෙක් නිසි පරිදි ගිවිසුම් ගත වී රජයට අනුබද්ධ රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග එක්ව ව්‍යාපාර කටයුතු කරගෙන ගිය බව ද එම සංගමය කියයි.
(ජායාරූප හා විඩීයෝ - ඉෂංක සුනිමල් )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව ආරක්ෂා කරන්න. (ර)
සත්‍ය අසත්‍ය තීරණය කරන්න එකේ සේවකයන්ට බෑනේ, නීතිය හමුවට යන්නේ නැත්තෙ ඇයි? (ර)
මම පසුගිය වසර 17 ක්ම ජීවත්වන්නේ අප්‍රිකාවේ, ටැන්සානියාවේ. මෙම ආයතනයෙන් ලෝකයට සිදුවුණ සේවය ගැන මම හොඳට දන්නවා. මෙම ආයතනය නිසා පසුගිය කාලයේ කිසිම ගැටලුවකින් තොරව නැව් ගමන් කළා. මංකොල්ලකෑම් සිදුවුණේ නැහැ. මෙයින් ලංකාවට ලැබුනේ ලොකු ගෞරවයක්. එමනිසා එය රජය යටතේ හෝ වෙනත් කෙනෙක් යටතේ හෝ ඉදිරියටත් කරගෙන යායුතු බව මගේ හැඟීමයි. එහි වටිනාකම සහ අගය තිබෙන්නේ ලංකාවට නොව එහි සේවය ලබාගත් අනෙක් රටවලටයි. (නි)
ඇත්ත. ඒ මිනිස්සුන්ටත් යම්කිසි සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
අනේ රටටකට ගිය කලක් (ම)
මේ අය නීතියේ පිහිට පතන්නේ ඔවුන්ගේ අයිතිය ලබාගැනීමටයි (නි)
ලංකාවේ ආරක්ෂක ආයතන ගොඩක් තියෙනවා. මේකට වැඩිය හොඳ නම්බුකාර ආයතන තියෙනවා. ඒ ආයතනයක ගෞරවනීය ලෙස සේවය කරන්න. (ම)
මේ අය ගැනත් සාධාරණව බලමු. (ර)
දැන් බලන කොට කවුරු වත් වැරදි කරලා නැහැනේ. (ර)
ඕගොල්ලෝ රැකියාව නැතිවෙනවට බය ඇති. එත් මේක ඊට වඩා බරපතල වැඩක්. (ර)
අපි ඔබ සමඟයි (නි)
ඉදිරියටම යන්න! (නි)
අමරසිරි බරපතල දේ මොකක්ද? (අ)
මේ අයට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
රැකියාව නැතිවීමට වඩා නීතිය මඟින් විසඳීම වැදගත් නේද? (නි)
මෙම සේවකයන්ට සාධාරණයක් වියයුතුයි (නි)
අපි ඔබ සමඟයි. අපි බලන් ඉන්න ඔයාලට මොකක්ද වෙන්න කියල ඔයාලට. (බ)
කාලය සියළුම ප්‍රශ්න වලට විසඳුම් දෙනු ඇත (නි)
මොකාද එතකොට මේ සම්බන්ධයෙන් ඇත්ත කියන්නේ.ඇවන්ගාඩ් නිසා ඔලුව කොලොප්පම් වෙලා දැනටමත් මගේ. (ම)
මේ අයට සාධාරණයක් කරමු. (ර)
ඇවන් ගාර්ඩ් නිසා... නින්ද යන්නේ නෑ. (ර)